සාමාන්‍ය පෙළ විශිෂට ප්‍රතිඵල ගත් සිසුන්ට ජනප්‍රිය පාසල්වලට යෑමට අවස්ථාව දෙන්නැයි කියමින් ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමිවූ සිසුන්ගේ දෙමාපිය සංගමය‘ හා ‘ලංකා ගුරු සංගමය‘ එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.
ඊට දෙමාපියෝ 200ක් පමණ සහභාගී වූහ.
උද්ඝෝෂණය අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දෙමාපියෝ තිදෙනෙක් ගොස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතා හමුවූහ.
නව චක්‍රලේඛය නිසා සිසුනට සිදුවී අසාධාරණය ගැන සහකාර ලේකම්වරයා දැනුවත් කළ බවත්, ඒ ගැන සාකච්ඡා කර පියවරක් ගන්නා බවට ඔහු පොරොන්දු වූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් මහතා කීවේය.
සහකාර ලේකම් ප්‍රේමතිලක මහතා පැවසුවේ ලංකා ගුරු සංගමය සහ දෙමාපිය පිරිසක් පැමිණ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ ගැන තවම තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම පැවසීය.
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ජගත් ආනන්ද සිල්වා, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමයේ ඩබ්ලිව් එල් ඥානරත්න, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ජී දයාරත්න, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක්‍රම මහත්වරු ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයෝ රැසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.
ඡායාරූප මුදිතා දයානන්ද
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියල් කියන විදියේ දෙයක් නම් මම හිතන්නේ නැහැ ලංකාවේ තියෙනවා කියලා.මම ගියේ කොළඹ ආනන්දෙට.මුස්ලිම් සහ ක්‍රිස්තියානි ළමයිනුත් අපිත් එක්ක හිටියා, බෞද්ධ පාසලක් වුනාට කිසිම ප්‍රශ්නයක් නැතුව. (නි)
මේක ළමයින්ගේ පැත්තෙන් අසාදරනයි කියල හිතෙන්න පුළුවන්. නමුත් රටක් වශයෙන් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඔක්කොම ටික පාසල් කීපයකට සීමා වෙන නිසා තමා අනික් පාසල් වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ.(නදී)
මේකේ මුලික වැරැද්ද පාසල් පන්ති ගත කිරීම. මොකක්ද ජන්ප්‍රිය පාසැල? ඇයි මේ ළමයි ගිය පාසැල ජනප්‍රිය නැද්ද? පාසැල් පද්දතිය තුල ව්දිමත් සැලැස්මක් තියෙනවනම් මේ ප්‍රස්නේ නැහැ. දැන් පාසල් වලට යන්න වෙලා තියෙනේ මුදල් දීල විදුහල් පතිවරු හම්බකරනවා මුදලාලිලා වගේ. මේවට වගකියනේ කවුද ? මේ දරුවන් රටේ අනාගතය නේද ?(නදී)
බැරිද මේ වගේ දේවල් වලට පෙස්සමක් ගහන්න, පාසල් වලට ඇතුලත් කිරීමේදී මුදල් නොගනු! නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුයි යනුවෙන් ? (නි)
අවුරුදු ගොඩක් මහන්සි වෙලා පාඩම් කලට කිසිම වැඩක් නැහැ (නි)
කොහෙද අනේ මෙම විශිෂ්ටයෝ සිටින්නේ? අපේ රටේද? මටනම් පෙනෙන්නේ නැහැනේ (නි)
දෑන් එතකොට වරදට දඬුවම් දෙන්නත් ඉහල නිලදාරින්ට අයිතියක් නැද්ද? (නි)
හැමදේටම අරගල කරන්න ගුටිකන්න කදුළු ගැස් කන්න වෙලා මිනිස්සුන්ට. කොහොමද අස්චාර්ය.(නදී)
අපි සුළු ජාතීන්ට අසාධාරනයක් නැහැ කියනවා - ඉස්කෝල දෙකකට කතා කලා ලංකාවේ තියෙන බොරැල්ලේ සහ අනික ලොකුම එක - උත්තරය තමයි A 7 b 2 තිබුනට වැඩක් නැහැ - බුද්දාගමේ වෙන්නත් ඕනා - මේවා ආණ්ඩුවේ තීරණද නැත්නම් විදුහල්පති ලගේ දන්නේ නැහැ.(නදී)
ගරා වැටෙන පාසල් පද්දතිය නගා සිටුවිමට අපගේ සහය. ව්දුහල්පති මුදලාලිලාට එරහිව නැගී සිටුමු. රටට ඔබින ලෝකය එක්ක යා හැකි නවීන අධ්‍යාපනයක් සකස්කිරීමට බලදාරින්ට හැකියාව ලැබේවා. අද ඉංග්‍රීසි මුලිකම දේ ලෝක ගම්මානය තුල අපි ජිවත් වෙන්නේ. විවෘත මනසක් ඇති පිරිසක් බ්හි කිරීමට මේ දේවල් උපයෝගි කරගමු.(නදී)
ජර්මනියේ පාසල් වල ලමයි ඉගෙනගන්නේ උදේ වරුවේ පමණයි. හවස් වරුවේ ක්‍රීඩා වල නිරත වෙති. උපකාරක පන්ති වලට සහභාගී වෙන්නේ 10% අඩු ප්‍රමාණයකි. ජනප්‍රිය පාසල් කියලා විශේෂයක් නැත.(නදී)
ස්ටාර්ලින් මහත්තයට පුදුම අමාරුවක්නේ තියෙන්නේ මේ ලමයි ගැන. ළමයින්ගේ විභාග ඇපේට තියලා පඩි වැඩි කරගන්න ස්ට්‍රියික් කරන එකේ තව මොනවද මේ කරන්නේ.(නදී)
ඔවා ඉතින් සාකච්ඡා කරලා පියවර ගන්නකොට.(නදී)
මේ පලවෙනි කොටස, දෙවෙනි කොටස විශ්ව විද්‍යාල වලට මේ විශිෂ්ටයෝ ගියහම බලගත්තෑකි (නි)
ඉගෙන ගන්න උවමනාව තියෙන දරුවා මොන පාසලට ගියත් ඉගෙන ගන්නවා.මොකද උසස් පෙල සමත් වෙන්න වැදගත්ම සාධකය තමන් යන පාසල නොව තමන් යන ටියුෂන් පංතියයි.ඔය සුපිරි පාසල් වලට යන අයත් අන්තිමට ගොඩයන්නෙ ටියුෂන් පිහිටෙන්, තිත්ත වුනත් ඇත්ත ඒකයි. (නි)