අතුරුදන් වූවන් පිළිබඳව පත්කළ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ඉල්ලීමක් අනුව ජපානයේ මොටෝ නොගුචි නම් යුද අපරාධ නඩු ඉදිරිපත් කිරීමේ විශේෂඥයා ඇතුළු ජාත්‍යන්තර විශාරධයින් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවත් අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාර්යයක් ඔවුනට නොතිබූ බවත් මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය කියයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් මෙසේද කියයි.
‘ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කළේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කළේය. මහින්ද රාජපක්ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.
ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්තාවටද පටහැනි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.‘
රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපාන නියෝජිත මොටෝ නොගුචි උපදෙස් පතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ඔහුට ස්තූතිවන්ත වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එයත් විදේශීය කට්ටිය ගෙන්නලාද? තව අවුරුදු 2-3 හිටියා නම්? කියලා වැඩක් නැහැ එහෙනම් (නි)
මොන දේ කළත් ඒ හැමදේටම දොස්කියන්න බලාගෙන පිරිසක් ඉන්නවා (නි)
මහින්ද මහත්තයා කියන්නෙන් කෙළින් කතාකරන කෙළින් වැඩකරන කෙනෙක්.යුද්දේ ඉවර කරනවා කිවුවා. කළා. හොරුන්ට උදවු කරලා ඔවුන්ගෙන්ම පාඩමක් ඉගෙනගත්තා. ජනපති වුණත් හිත උණුවෙනවා වැඩියි. (නි)
පාලිත ...මහින්ද කෙලින් වෙදකරන කෙනෙක් නම් ජනපති වෙන්න කලින් දුන්න ප්‍රධාන පොරොන්දුව විධායකය අහෝසි කරනවා කියපු පොරොන්දුව ඉටු නොකළේ මන්ද?(ම)
මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීමය..(රේ)
දැන් ගෙන්වනකොට මොකද එහෙනම් ඔච්චර ගෝසාවක්????? (රේ)
සිරී එදා ගෙන්නුවේ උපදෙස් ගන්න මිසක් තීන්දු තීරණ ගන්න නොවෙයි.නමුත් අද? (බ)
ටෙනිසන් අද එන්නෙත් උපදේශකයෝ නේද ?? පිටරට කෙනෙකුට ලංකාවේ නඩු අහන්න පුලුවන් කියල මොන නීති පොතේද තියෙන්නේ? මේවා සේරම දේශපාලන වාසිතකා .බොරුවට ප්‍රචාරය කරන භීතිකා. (රේ)
මිස්ටර් ප්‍රබාකරන් ජීවත්ව සිටියානම් කුමක් වේවිද? (ම)
මහින්දට දැන් කරපු හැම බලු වැඩේටම හොඳ උත්තර තියෙනවා.(ම)
සිරි වගේ අයට ඉදිරියේදී ලංකාවට මුහුණපෑමට තිබෙන බැරෑරුම් අවස්ථාව නොහැඟේ. (නි)
ෙ රටට එකක් පෙන්නුව ලෝකෙට තව එකක් පෙන්නුව. ඔය දැන් එළිපට එන්නේ (අ)
සිරි මහත්තයෝ හොදට කියවන්න මානව හිමිකම් කොමිසමේ නිර්දේශ , ඒ එන මිනිස්සු නිකම්ම නිකම් උපදේශකයන් නෙමේ . ඔවුන්ට කරන්න පුළුවන් බලපෑම අසීමිතයි . තව ටිකක් ලෝකේ සිද්ධවුණ දේවල් හොයන්න , ලංකාවේ ජනමාධ්‍ය තුළින් විතරක් නෙවේ ලෝක ජනමාද්‍ය තුලින් . දන්නවද ඔය කියන බටහිර රටවල් එකතුවෙලා සුඩානය අවුරුදු කීපයකට ඉස්සෙල්ලා රටවල් දෙකක් කරේ කොහොමද කියලා . ඔය වගේම වාර්තා වලින් , ඔවුන් ලෝකෙට පෙන්නුවා , මහා ජාතිය , සුළු ජාතීන් සමූල ඝාතනය කර ඇති බව . තව දුරටත් සුළු ජාතියට , එම රට තුල රැකවරණයක් නොමැති බව . එහෙම වුණාම , එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට , පුළුවන් වෙනම රටක් සුළු ජාතිය වෙනුවෙන් ඇති කරන්න . රුසියාව එකධිපති , චීනේ ඉන්නේ හොරු කියාගෙන බටහිරට කඩේ යන ආණ්ඩුවට එදාට දුවන්න පර මදිවේවි .(අ)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
සිරි වගේ පටු විදිහට හිතන අයට කරුණු පැහැදිලිකරන්න ගන්න කාලයත් අපරාදේ (නි)
බලනකොට එයාලා අපේ රටට පුදුම ආදරයක්නේ තියෙන්නේ (නි)
සුඩානයේ දෙකඩ වීමට මූලිකම හේතුව ආගමික ප්‍රශ්නයක්.ඒත් ලංකාවේ හින්දු ආගමිකයින්ට හා බෞද්ධ ආගමිකයින් අතර එහෙම ප්‍රශ්නයක් නෑ.පොදුරාජ්‍ය මණ්ඩල නියෝජිතයෝ කරන්නේ උපදෙස් දීම පමණයි,අනික අවසානයෙදි සංහිඳියා කොමිසමකටත් ඒ තීරණ යොමු කෙරෙනවා. යුධ අපරාධ සිද්ධ වෙලා නැත්නම් පරීක්ෂණ වලට බය වෙන්න දෙයක් නෑනේ.(රේ්)
ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ (නි)