IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විශේෂ පරීක්‍ෂණ කමිටුවෙන් වෛද්‍ය මයියා ඉවත් වෙයි

රග්බි විනිසුරු දිමිත‍්‍රී ගුණසේකර මහතාට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින නාවික හමුදා රග්බි ක‍්‍රීඩක රෝහිත රාජපක්‍ෂ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ කමිටුවේ කටයුතු කිිරීම වෛද්‍ය මයියා ගුණසේකර මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ ත‍්‍රී පුද්ගල කමිටුවක් පෙරේදා (16) පත්කරන ලදි. එහෙත් ඊයේ (17) කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රග්බි සංගමයට ඉදිරිපත් කරමින් වෛද්‍ය මයියා ගුණසේකර මහතා පවසා ඇත්තේ ක‍්‍රීඩා පනතට අනුව එම පරීක්‍ෂණය කළ යුත්තේ රග්බි සංගමයේ විනය කමිටුව බැවින් තමන්ට කටයුතු කළ නොහැකි බවත්ය.

ජාතික ක‍්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද වෛද්‍ය ගුණසේකර මහතාය.

මේ අතර රග්බි සංගමයේ විනය කමිටුවේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතාද මෙම පරීක්‍ෂණය මෙහෙයවීමට අකමැත්ත පළ කිරීම නිසා මේ සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රග්බි සංගමය උනන්දුවු බවද රග්බි සංගම් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

 



අදහස් (0)

විශේෂ පරීක්‍ෂණ කමිටුවෙන් වෛද්‍ය මයියා ඉවත් වෙයි

ඇලෙක්ස් Saturday, 18 May 2013 01:30 PM

කොන්ද පන තියෙන මිනිස්සු නැද්ද මේ ලංකාවේ? (නි)

:       0       0

දිනේෂ් Saturday, 18 May 2013 04:00 PM

ඔව් ඉතින්. ඉල්ලා ඇස වෙන එක තමයි හොඳම දේ. මේ ආශ්චර්යමත් සිරි ලංකාවනේ. (නි)

:       0       0

ධමිත් Saturday, 18 May 2013 04:48 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්? (ස)

:       0       0

ඩයස් Saturday, 18 May 2013 05:25 PM

මෙය ප්‍රශ්ත නොකළ යුතු කරුණක්. කරුණාකර ගුටි කාපු කෙනා සමාව ගතහොත් හොදයි. ගහන්න ඇත්තේ වරදකට වෙන්න ඇතිනේ. (නි)

:       0       0

ලෙස්ලි Saturday, 18 May 2013 06:06 PM

මොකද මේ අය මේ තරම් බය.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site