රවී කරුණානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (9) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය.
විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 51ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 145ක් ලැබුණි. ඒ අනුව විශ්වාසභංගයට එරෙහිව තුනෙන් දෙකකට වඩා ඡන්ද ලැබී තිබිණි. ඡන්දය දීමට නොපැමිණි ගණන 28කි.
එතෙර සංචාරයක යෙදී සිටින හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම කැපී පෙනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පුහාමි, මහින්ද ආවා නේද විවාදෙට? (නි)
ජනතා මුදල් වලින් සුරසැප වදින්න තුනෙන් දෙකක දිනුමක් මහජනයා හැමදාම පරදි (අ)
තව අවුරුදු 20 ක් යනතුරු මේ ආණ්ඩුව වට්ටනවා බොරු (බ)
ඔය එ්කාබද්ධ විපක්ෂයට, දැන්වත් තේරුනානම්, මහින්ද හිටපු, ජනාධිපති තුමාගේ, තරම මින් ඉදිරියට, ඔය වගේ වැඩ නොකර ඉදිවී (බ)
මහින්ද මේ රැල මෙහෙයවන හැටි අද ශ්‍රී ලංකා බුද්ධිමත් ජනතාවට, තේරුම් ගත යුතුව ඇත, (බ)
අතිසුඛෝපභෝගී කාර් දීල තමන් සලකන බවත්, අනිත් අයටත් ඉදිරියට හොඳහැටි සලකන බවත් පෙන්නුම් කළාට පස්සේ මොන මෝඩයද මේකට පක්ෂව ඡන්දෙ දෙන්නේ, විශේෂයෙන්ම ඡන්දෙකටත් තව බොහොම කල් තියන එකේ. (බ)
දැන් ශක්තිය උරගාලා බැලුවා නේ? කොහොමද අනුපාතෙ ? අපරාදේ පාර්ලිමේන්තුවේ කාලයයි වියදමයි. (ර)
මහජනයාට මේවයින් කිසිම ප්‍රයෝජනයක් නැත. (ර)
අපිනම් ඕක හිතුවා වෙයි කියලා. (ර)
මෙයාලා ඡන්ද 51 ක් තියාගෙනද මේ කෑගහන්නේ. (ර)
හැමෝගෙම කයිවාරුව විතරයි බලාගෙන ගියාම තියෙන්නේ. (ර)
දෙගොල්ලම එකයි, අසරණ ජනතාව හැමදාමත් දුක්විදිනවා. (ර)
අනේ හොඳයි. මේ රටේ මිනිස්සුන්ට ඕනේ උනේ වෙනසක්නේ. (ර)
ලොකුම ආදාත් ලිස්සලා ගිහින් වයිමා එහෙම නිකන් සවුත්තු වෙනවා සීමාවක් නෑ (බ)
මිනිස්සු ඉස්සරහ ඔබලා හොඳටම පරාදයි මහත්තයෝ. රටම අවුලක්. (බ)
කවුද කියන්නේ අපේ මන්ත්‍රී තුමාලා කළගුණ සලකන්නේ නෑ කියල. මේ අපුරුවට කෝටි 117 කළගුණ සලකල තියෙන්නේ. (බ)
ඔබ තුමා මේක දිනුවේ ජනාධිපති තුමාට පිංසිදුවන්නට .දැන්වත් හරියට බඳු අඩුකරගන්න . ජනතාවට සෙත සැලැසෙන ඇය වැය ඉදිරිපත් කරන්න .නැතිනම් ලබන සැරේ කෙළින්ම ගෙදර (බ)
මහජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එකතු වුන නඩේත් මහජනතාවට පිටුපෑව එහෙනම්.... (බ)
දැන් අපි හැමෝම තේරුම් ගන්න ඕනේ දේ තමයි ජේ. වී. පියත් ආණ්ඩුවට කඩේ යන එකේ ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කර ජනතා අයිතීන් දිනාගන්න පෙළගැසෙන්න !! (බ)
ඡන්දෙකට ගියානම් ඊට හපන් ..... දැන් කාට කාටත් තම තමන් ගේ බලය පෙනේ ..නොපෙනේ (බ)
සද්දෙට තිබුනට වැඩකෝ ..ඔහොම තමයි ..(බ)
සුසන්ත,ඔයා කියන ඔය ක්‍රමය තමා මුළු පාලන කාලය තුලම අසික්කිත විදියට භාවිතා කළේ කව්ද? ඔයා නිකන් බබා වගේ. (බ)
කාර් පෙන්නලා වැඩේ දුන්නා කොහොමද (බ)
බලයට පෙරේත වාහන වලට කෑදර එෆ්සීඅයිඩියට බය හොරු රැල මේකට විපක්ෂව ඡන්දය දෙන එක පුදුමයක් නෙවෙයි (බ)
මහින්ද මහත්තයාත් නිකන් පොළේගහපු නයා වගේ තමා දැන් ඉන්නේ (නි)
ඒ කියන්නේ රටේ මේ අහස උසට තිබෙන එදිනෙදා බඩු මිල, බෙහෙත් වලට, සැත්කම් වලට පවා 4% වැඩිපුර ගහපු වැට් එක, පංචවිධ බලවේගෙන් කාර් පොදියක් ගන්න බලාහිටපු පුංචි මිනිහගේ හීන සුණුවිසුනු වෙන්න ගහපු අධික වාහන බද්ද, මහා බැංකු වංචාව ඇතුළු තව කප්පරක් වංචා වලට අත් දෙකම උස්සලා අනුමත කරන බහුතරයක් තවම රටේ ඉන්නවා. කමක් නැහැ ප්‍රජාතන්තවාදය නමින් පටිය පිට කොන්දටම තදකරගෙන අන්තිමට රටත් නොරටුන්ටම යනතුරු අපි බලා ඉඳිමු (නි)
අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව අවුරුදු විස්සක් බලයේ ඉන්නවා. නැත්නම් මම මගේ කණ කපනවා. බණ්ඩා හරියටම හරි. (නි)
කෝටි 117ක කාර් ගේන වෙලාවේ, කොහොමද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්නේ? (නි)
විශ්වාසභංගේ විතරක් භංගවෙලා නෙමෙයි, රටත් භංගවෙලා කියලා වෙලාවකට හිතෙනවා. (නි)
ජනතාව ගැන නොහිතන, උගත්කමක් නැති මිනිසුන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවක ඡන්දයක් දිනන එක මහා ලොකු දෙයක් නෙමෙයි (නි)
අරයත් කළේ එහෙමයි. මෙයාලත් කරන්නේ මෙහෙමයි. අපිට හුළං (නි)
දැන් කට්ටිය මිටපස්සේවත් සද්දේ වහලා දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නයි තියෙන්නේ (නි)
උඩ පැන්න විදියට අපි හිතුවා අද පෙරළයි කියලා. බලනකොට පුස්සක්නේ (නි)
මහින්ද රාජපක්ෂ මහත්තයෝ, අනේ දැන්වත් ඇපේ බේරගෙන ගෙදර ඉන්න. (නි)
කොහොමත් පාර්ලිමේන්තුවේ තියෙන ඔය වගේ ඡන්ද වලින් ඔයගොල්ලෝ දිනනවා. මොකද ඔතන වැඩි හරියක් ඉන්නේ මනුෂ්‍යයින්ට ආදරය කරන පිරිසක් නොවෙයි (නි)
කසුන්, ජවිපෙ තමයි දැන් විපක්ෂය. කෝ අර හිටපු ලොක්කා? (නි)
වැඩි ඡන්ද කොච්චර ගානකින් දිනුවත් එ්ක මහජන මතය නෙමෙයි. ඔය ඡන්ද ඔක්කොම දීලා තියෙන්නේ මන්ත්‍රීවරු. බාගයක්ම රවී මොකක්ද කළේ කියලාවත් දන්නේ නැහැ. (නි)
ඒ කියන්නේ තව අවුරුදු 20ක් විතර යනතුරු අපිට හුළංද? (නි)
ඇත්ත තමයි අපේ මෝඩ කම උපයෝගී කරගෙන ආර්ථිකය විනාශයි කිය කියා අපි ලෝකෙට ණයවෙලා බව පෙන්වල ලෝකයේ තියෙන මිල අධික වාහන ගේනවා . අපි හුල්ල හුල්ල බදු ගෙවනවා. (අ)
දැන් ඉතින් මොනවාහරි ටිකක් කියලා හිත හදාගන්න. වෙන මොනවා කරන්නද. (නි)
අපේ රටේ මිනිසුන්ට කොන්ද පණ නැහැ. කිසි සමගියකුත් නැහැ. දෙපැත්ත බෙදිලා කුළල් කා ගන්නවා. නැත්නම් ඉතින් මෙහෙම දුප්පත් අසරණ මිනිසුන්ගේ සල්ලි වලින් ප්‍රකෝටි ගණන් වටිනා වාහන ගන්න, කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ගන්න, පිටරට සවාරි ගහන්න මොන රටේ මිනිස්සුද ඉඩදෙන්නේ? අපේ මෝඩ මිනිස්සු ඕනෑදේකට ඔලුව පාත් කරගෙන ඉන්නවා. වෙන මොනවා හරි කතාවක් කියපු ගමන් සේරම අමතකයි. (නි)
මම දෙන්නේ ජේවීපී එකට. ඒක නිසා මට සතුටුයි. මම මේ අය රටට කරන විනාශයට හවුල් නැහැ (නි)
සමහරු නම් ඉතින් අවුස්සලා තියල හෙමින්ම මාරුවුණා. අපිට දැන් ගොඩක් දේවල් හිතෙනවා (නි)
ඔය කියන ඒකාබද්ධ විපක්ෂය මහා බලගතු නම්, බය වෙන්න තරම් වරදක් කරලා නැත්නම් මොකද ඕකේ මහින්ද මහත්තයා, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ අත්සන් නොකළේ? (නි)
භංගවුණේ ලංකාවේ පොදුමහත් ජනතාව. (නි)
මහින්ද දන්නවා ඇති පරදිනවා කියලා. එ්කනේ ඡන්දෙ දාන්න අාවේ නැත්තේ. පව් අනිත් කට්ටිය. (නි)
අමිල කියන එක හරි නම් මහින්ද මහත්තයාත් එ්කට උදව් කරලා තියෙනවා ඡන්දෙ දාන්න එන්නේ නැතුව. (නි)
සිරිමල් හරි. මාධ්‍ය හරි මේ ගැන කතාකරලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ. නැත්නම් මිනිස්සු නිදි. හොරු දැන් නීත්‍යානුකූලව සුඛෝපභෝගී වාහන අරගෙන ජනතා මුදල් හොරා කනවා. (නි)
මෙච්චර රටට විනයක් වෙලා තියෙන මේ ආණ්ඩුවට කඩේ යන පිරිසක් ඉන්න එක තමා දුක. ඉදිරියට කට්ටියටම තේරෙයි. අපිට බදු ගහලා එයාලා කාර් ගන්නවා. (නි)
කවුරු මොනව කිව්වත් විශ්ව ශක්තියට හා බුදු දහමට බොරු කරන්න බැහැ. රටේ අහිංසක මිනිසුන්ගේ ලේ උරාබොන නූල් සූත්තරකාරයන්ට කවදාහරි වන්දි ගෙවන්න වෙනවා. මේ රටේ මිනිස්සු මීට වඩා බුද්ධිමත් වියයුතුයි. (නි)
මත් මේ යහපාලනය වෙනුවෙන් හඩ නඟපු කෙනෙක්. අපි යහපාලනයට කඩේ ගියේ නැහැ. වෙන විකල්පයක් තිබුනේ නැහැ මහින්දගේ කාලේ සිද්ධවූ විනාශය නවතන්න. තිබුන එකම විකල්පය මේ යහපාලනය විතරයි. ඇයි මේ රටේ මිනිසුන්ට බැරි දෙපැත්තට බෙදිලා කඩේ යන්නේ නැතුව හැමෝම අත්වැල් බැදගෙන මේ විනාශයට විරුද්ධව එකා වගේ හඩ නඟන්න. ඒකට අපිට පක්ෂ පාට වැදගත් නැහැ. (නි)
මම රවිට සම්පුර්ණ විරුද්ධයි. එ්ත් රාජපක්ෂලා කරන සියලුම කුමන්ත්‍රණ/විරෝධයන් භංගම වේවා! රාජපක්ෂලත් ලංකාවේ දේශපාලන භූමියෙන් අතුගෑවිලාම යේවා. (නි)
ප්‍රියාන්, රටටම/ජනතාවටම කොඩිවිනයක් වෙලා තිබුන ආණ්ඩුව ගෙදර යැව්වා. ඒ ලංකාවේ සිද්ධවුණ විජයග්‍රහණයක්. (නි)
මහින්ද මහත්තයා ඡන්දෙ දාන්න එන්නේ නැත්තේ අැයි? තේරෙනවද? (නි)
ඕකෙන් කියවුණේ රටේ බහුතරයේ කැමැත්ත නෙමෙයි කියන එක රවිට තේරෙන්නේ නැහැ. දැන් ඉතින් තව ඉස්සරහට තව අමාරු කාලයක් උදාවෙයි. මොකද දැන් රවී තව ආඩම්බර වෙනවා (නි)
සමන්, බණ්ඩා වගේ රටට මොන විනාශයක් වුණත් පක්ෂ කරේ තියාගෙන යන අය ඉන්නතුරු මේ රට හදන එක බොරු. මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ. ඒත් සමහරුන්ට තියෙන ප්‍රශ්නය මහින්ද මහත්තය ගැන. (නි)
නියමයි. ජයවේවා! (නි)
වැඩි සැප විඳීමේ තණ්හාවෙන්, සිංහලයා ආණ්ඩු මාරුකරලා දැන් අසාධ්‍යව කෙඳිරි ගානවා (නි)