රවී කරුණානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (9) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය.
විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 51ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 145ක් ලැබුණි. ඒ අනුව විශ්වාසභංගයට එරෙහිව තුනෙන් දෙකකට වඩා ඡන්ද ලැබී තිබිණි. ඡන්දය දීමට නොපැමිණි ගණන 28කි.
එතෙර සංචාරයක යෙදී සිටින හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම කැපී පෙනිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.