දේශපාලන වරප්‍රසාද උපයා ගන්නා මාර්ගයක් කොට නොගෙන තම දැනුම ප්‍රායෝගිකව භාවිත කළ හැකි මගක් ලෙස පමණක් යොදාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට ගෞරවනීය ආචාරය පුද කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාචාර්ය විශ්ව වර්ණපාල මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියි.
විශ්වා වර්ණපාල මහතාගේ අවමංගල්‍ය උත්සවය මාදිවෙල ඔබහේන පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අද (29) පැවැත්විණි.
2004 සිට 2010 දක්වා කාලය තුළ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විශ්වා වර්ණාපල මහතා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුර ද හොබවා ඇත.
දේශපාලන විද්‍යා විෂය සම්බන්ධයෙන් කැපී පෙනුණු මෙහෙවරක් ඉටු කළ විශ්වා වර්ණපාල මහතා කාලීන දේශපාලනය, පක්ෂ දේශපාලනය, ශ්‍රී ලංකාවේ පරිපාලන ආදී විවිධ තේමා යටතේ කෘති රචනා කරමින් ද පුවත්පත් සඟරා සඳහා ද්වී භාෂා ලිපි සම්පාදනයෙන් ද එම විෂය සම්බන්ධ තම දැනුම, අදහස් හා ආකල්ප සමාජගත කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ර්ය තුමනි , ඔබතුම සමග ලගින් ඇසුරු කිරීමට ලැබීම හා ඔබතුමාගේ ගෝලයකු වන මා දැනට විදෙස රටක සිටින බැවින් ඔබතුමාගේවියෝවීම ,දැනගත් මොහොතේ එය අදහගැනීම පවා බැරිවිය ,ඔබතුමාගේ පුලේ අයට මගේ බලවත් සෝකය ප්‍රකාස කර සිටිමු (කෞ)
වටිනා මිනිසෙකුගේ නික්මයෑම! (නි)
අනිච්චාවත සංඛාරා! මෙම මොහොත කොයිවෙලේ එනතුරුද අපි අනන්ත දේවල් කරගන්නෙ? ආවඩන්නේ? (නි)
ඔබට නිවන්සුව පතමි.! (ර)
ඔබ කල දහසක් වැඩ අතරේ රිචඩ් පතිරණ ඇමතිතුමා සමඟ පැමිණ 1998 වසරේදී පුලතිසිපුර විද්‍යාපීඨයට මුල්ගල තැබුවා මතකයි එහි උගත් ගුරුවරු දහස් ගණනක් අද ලංකාව පුරා පාසල්වල දරුවන්ගේ නුවණ පහදනවා,(ම)
ඇත්තටම ඉතා වටිනා අදුරුතුමෙක්.ඔබට නිවන් සුව ලැබේවා (හේ)