එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.
මිය යන විට වර්ණපාල මහතා 79 වැනි වියේ පසුවිය. 1936 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදා උපත ලද ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ ද 2004 වසරේ සිට 2010 වසර දක්වා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයේද කටයුතු කළේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.
වසර 45කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ වර්ණපාල මහතා නිදහස් පක්ෂයේ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යමින් ‘ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි පොලිටිකල් ප්‍රොෆයිල්‘ නම් කෘතියද රචනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නි)
හරිම කණගාටුයි (නි)
අහන්න ලැබෙන්නෙම දුකහිතෙන පුවත් (නි)
නිවන් සුව ලැබේවා! (නි)
උගත් වියතාණනි, ඔබට අපි නිවන් සුව පතමු! (නි)
කණගාටුදායක පුවතක්! (නි)
අපිට ගොඩක් කණගාටුයි (නි)
හොඳ ඇඳුරුතුමෙක් වගේම චෝදනාවලට ලක් නොවූ මහත්මා දේශපාලඥයෙක්. සිසුන් අතර ඉතා ජනප්‍රිය වර්ණපාල න්‍යාය දායාදකළ ඔබතුමාට නිවන් සුව. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මෙතුමාට නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල වල උගතුන්ගෙන් අපේ රටට ප්‍රායෝගිකව කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒකයි තවමත් තුන්වැනි ලෝකයේ රටක් හැටියට පරසිදුවෙලා තියෙන්නේ. කමක් නැහැ. ඔබට නිවන් සුව පතමි. (නි)
එතුමාගේ න්‍යාය නම් සදාතනිකයි (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව! (නි)
උගත්, බුද්ධිමත් හා උපන් රටට වැඩක් කළ මහත්මයෙකි ඔබ. ඔබට නිවන් සුව පතමි. (නි)
කෘතහස්ත අවංක දේශපාලඥයෙක් අහිමිවීම රටට දැයට ඉමහත් පාඩුවකි. ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
විශ්වා වර්ණපාලයන් අතිශයින්ම උගත්, නැණවත් දක්ෂ දේශකයෙක්. සරසවි ඇඳුරෙක්. ආර්ථික විද්‍යාවත්, දේශපාලන විද්‍යාවත් පිළිබඳ එතුමා තුළ තිබුණේ ඉතා ගැඹුරු දැනුමක්. එතුමාගේ අභාවයෙන් සිදුවූ පාඩුව පිරිමැසිය නොහැකිය. මහාචාර්යතුමාට නිවන් සුව අත්වේවා. (නි)
නිවන් සුව ! (නි)
මගේ දේශපාලන විද්‍යා ගුරුවරයා පේරාදෙණියේ. ගුරුවරයෙක් සහ වැදගත් මහත්මයෙක් (බ)
මොකද මේ යහපාලන නියමුවන්ට එකින් එක වෙන්නේ? (බ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා (බ)
අහන්න ලැබෙන්නෙම කණගාටුදායක ආරංචි (නි)
හරිම කණගාටුයි (නි)
මේ ශ්‍රී ලංකාව කාටවත් පාවාදෙන්න බැහැ. ඒ ගැන කවුරුත් දැනගෙන ඉන්න. (නි)
දැන උගත් අයෙක් කවදාවත් කාගේවත් ඡන්දය මංකොල්ලකන්න කාටවත් අනුබල දෙන්නේ උදව් කරන්නේ නැහැ. මෙතුමා සන්ධානය වෙනුවෙන් අපි මහා මැතිවරණයේදී ලබා දුන් ඡන්දය හා ඒ චන්දයෙන් අපි අපේක්ෂා කළ අභිලාශ අමු අමුවේ නැතිකරන්න උදවු උපකාර කළා. ප්‍රසිද්ධියේ ඒ ක්‍රියාව අනුමත කළා. (නි)
ඔබට නිවන් සුව ! (බ)
නිවන් සුව ලැබේවා (බ)
අහෝ දුකකි. අලුත් න්‍යායකුත් හැදුවා පේරේ. හොදට පින්කර ගත්තා (බ)
විශ්ව විද්යාලයෙදී මුණගැසුන, උගැන්වූ මහදුරුතුමා බැති සිතින් සිහිපත් කරමි. ඔබ අදහන විස්වාස කරන උතුම් මාර්ගයකින් සැපතට පත් වේවායි පතමි. (ම)
ඔබට නිවන් සුව! (නි)
අපිට දුකයි (නි)
එතුමා හොද චරිතවත් ගුණවත් මහත්මා ගුණ ඇති දේශපාලනඥයෙක් එතුමට නිවන් සැප ලැබේවා (බ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
කාලයක් එතුමාව කොන්කළ පිරිස මේ ගැන අසා සතුටුවන එක සුදුසු නැහැ.ත ඒ මහතා නිදහස් පක්ෂය වෙනුවෙන්ම කටයුතු කළ අයෙකි (නි)
ඔබට නිවන් සුව! (නි)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන මහාචාර්යවරයා ලෙස කීර්තිමත් උගතුන් බුද්ධිමතුන් රාශියක් මෙලකට දායාද කළා පමණක් නොව මහත්මා දේශපාලනයේ නියැලෙමින් තම ආත්ම ගෞරවය ආරක්ෂා කරගනිමින් සතර කෝරලයට, තුන් කෝරලය, පාත බුලත්ගම, සබරගමුව ඇතුළු සකල ශ්‍රී ලංකාවටම කරන ලද්දාවූ අමිල සේවයට අපේ කාලයේ දිසාපාමොක් ඇඳුරුතුමාට ගෞරවයෙන් යුතුව හිස නමා ආචාර කරමි. සසර වසනතුරු, නිවන් දකිනතුරු අපේ උතුම් හෙළ දෙරණේ යළි පහළවන්නට හේතු වාසනා වේවා! (නි)
ඔබතුමා සරසවියට හඳුන්වාදුන් වර්ණපාල තියරිය කිසිදා අමතක නොවේ. ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමා සුගතිගාමී වෙත්වා! (නි)