2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ අවම ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු අද (05) රාත්‍රී අන්තර්ජාලයට එක් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.
1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමැතීමෙන් ද උසස් පෙළ කඩයිම් ලකුණු ලබා ගත හැකිය.
www.ugc.ac.lk
www.admission.ugc.ac.lk
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි එතකොට ලියුමෙන් කඩ ඉම තරණය කරන කට්ටිය ? (නදී)
දැන් නම් මට සරසවි බඳවා ගැනීම වල විනිවිද භාවය ගැන පැහැදීමක් නැහැ. (නදී)
අපේ මල්ලිගේ දුවත් හොඳින් සමත් වෙලා ඉන්නවා. එ්ත් මේ පස්ස දොරෙන් කැම්පස් යන උදවිය නිසා ලකුණු තිබිලත් යන්න බැරි වේවි කියල දරුවා බයේ ඉන්නවා. (නදී)
බලාගෙන යනකොට තමන්ගේ අතින් මුදල් ගෙවලා පුද්ගලික සරසවි වලට යන කට්ටියට නම්බුවක් තියනවානේ! (නි)
දැන් ඔය පස්සා දොරෙන් සරසවි යන උදවිය ඉගෙනගන්නේ කොහොමද මන්දා (නි)
සතුටුදායක ආරංචියක් උදේ පාන්දරම (නි)
බොහොම හොඳ ආරංචියක් (නි)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා (නි)
එතකොට ලියුම් වලින් විශ්ව විද්යාලයට යන කඩ ඉම් ලකුණු දෙන්නේ කවදාද? (නදී)
මේ ආරංචිය ලබාදුන්නාට ස්තූතියි! (නි)
මට නම් ඉවසිල්ලක් නැහැ බලනකම් (නි)
මේ ගමන කොහොමද දන්නෙ නැහැ ප්‍රතිඵල? (නි)
නියමයිනේ! (නි)
දැන් අර වැදගත් ලියුම් ටිකත් මේ වෙනකොට ටයිප් වෙමින් තිබෙනවා නේද? ඕවා ප්‍රමාද කරන්න හොඳ වැඩ නෙමෙයි. (නි)
දැන් අපේ වැඩ බැරි නංගිලා ටික නහයෙන් අඬාගෙන පෝලිමේ ඇති ලියුමක් ලියවා ගන්න (නි)
කඩඉම් ලකුණු වලින් වැඩක් නැහැ. ඉස්සරහට උපාධිදාරියෙක් කියලා කියාගන්න උදවිය සරසවියට ආවේ ඉස්සරහ දොරෙන්ද පස්ස දොරෙන්ද කියලා සොයලා බලන්නත් වෙනවා. (නි)
විනිවිදභාවයක් නැති උසස් අධ්‍යාපන ක්‍රමයකින් කිසිම රටකට වෙන සෙතක් නැහැ (නි)
මම නම් කියන්නේ ඔය පස්සා දොරෙන් සරසවියට රිංගන අයට එතැනින්ම හොඳ අච්චුවක් ලැබෙන්න ඕනා. (නදී)
දැන් ඔය පාර දන්නා කියන කවුරු හරි සරසවියට තේරිලා කිවොත් අපිට අහන්න වෙනවා උසස් පෙලින්ද නැති නම් ලියුමෙන්ද තේරුනේ කියලා. ඒක හරියට කවුරු හරි බඳින්න යනවා කිව්වොත් යෝජිත විවාහයකද ලව් එකක් ද කියල අහනවා වගේ. හරි ෂෝක් අනේ. (නදී)
සමන්ති ඒවා කෙරෙන්නේ හොර රහසේ ඕව එළිපිට අහනවද අප්පා (නදී)
අපේ රටේ විශ්ව විද්‍යාල ප්‍රවේශය , ක්‍රමවේදය සහ විනිවිධ භාවය ගැන මගේ තිබුන විශ්වාසය ළඟදී එහෙමම නැති වුනා. ඒ නිසා මම පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට දැන් නම් විරුද්ධ නැහැ. පිළිගත් ක්‍රම වේදයෙන් පටහැනිව පස්සා දොරෙන් රජයේ සරසවි වලට රිංගනවාට වඩා හැමෝටම පේන්න තමන්ගේ ගේ පුද්ගලික මුදලින් පුද්ගලික සරසවියක ඉස්සරහ දොරින් ඇතුළු වීම නම්බුයි. (නදී)
අපිව කැම්ප් එකට ගන්නේ කවදද? නායකත්ව පුහුණුව කවද්ද?මට උදව් කරන්නේ කව්ද? (අ)
සමන්ති ඒ කඩයිම් ලකුණු තියෙන්නේ කිසිදා විශ්ව විද්‍යාලයකට පය නොතැබූ බලවතුන් අතේ. ඒවා එළිදරවු කරන්නේ නැහැ. (නදී)
කඩයිම් ලකුණු නෙවෙයි කඩයිම් ලියුම් තමයි දැන් වැදගත් වෙන්නේ. (නදී)
ඇයි මේකට අවුරුද්දක්ම ගතවෙන්නේ? (නදී0
තායිලන්තයේ අවුරුදු 25 වෙනකොට පී.එච්.ඩී එකත් කරලා ළමයි විශ්ව විද්‍යාල වලින් පිටවෙනවා. දියුණු රටවල මාසයක් ඇතුළත ප්‍රතිඵල නිකුත්කරලා දින 21 යන්නට මත්තෙන් විශ්ව විද්‍යාලවලට ළමුන් ඇතුළත් කර ගන්නවා. ලංකාවේ අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවෙනවා. විශ්ව විද්‍යාලයෙන් පිටවෙනකොට හතලිස් ඇඳිරියටත් ඉතින් ඔන්න මෙන්න. (නි)
ලියුම් වලින් යවන කට්ටිය මෙදා පාර අල්ලගන්න බැරි විදියට කරාවි. (අ)