IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත, 2016 අංක 17 දරන විශ්ව විද්‍යාල (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධනය කර ඇති අතර විවිධ පරිපාලන තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී සහපත් කිරීමේ දී පනතේ ඇතැම් විධිවිධාන වල පවතින අපැහැදිලිතා හේතුවෙන් ගැටලු පැන නගින බව නිරීක්ෂණය වී ඇත. 

ඒ අනුව, එම පනතේ 49 වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් වීම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51 වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයන අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

 ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි

රුවන් Tuesday, 17 June 2025 05:11 PM

කුලපති ඉන්න ඕනේ යුරෝපයේ වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් අය. අන්තිමට හිටිය ගෝමිස් පියතුමාගෙන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයත් බල්ලට ගියා...

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site