“මම උපන්නෙ ගාල්ලේ, ඒ1991 අගෝස්තු 27 වෙනිදා. මම ඉගෙන ගත්තෙ අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ. ඒ පාසලේ තමයි මම උසස් පෙළ කළෙත්. කලා අංශයෙන් උසස් පෙළ කළාට මට සරසවි යන්න බැරිවුණා. උසස් පෙළ විභාගයෙන් පස්සෙ මම අම්බලන්ගොඩ ප්‍රදීපිකා මෙන්ඩිස් මහත්මිය යටතේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සෙ මම බම්බලපිටියේ බර්නි බාලසූරිය මහත්මිය යටතේ වැඩිදුරටත් රූපලාවණ්‍යය හැදෑරුවා.ඒ 2014 වසරේදී.
ඒ පාඨමාලාව කළාට පස්සෙ මම නැවතත් අම්බලන්ගොඩ තාක්ෂණික විද්‍යලයේ රූපලාවණ්‍ය පාඨමාලාවත් සාර්ථකව හැදෑරුවා. මේ සියල්ල අවසානයේ මම තනියම හික්කඩුවේ රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තා. මේ අතරතුර තුසිත බෝපගේ මහතාගේ ආරාධනයෙන් මම ‘තරුණි’ පත්තරයේ මුල් පිටුව සඳහා ඡායාරූපයකට පෙනී සිටියා.
එහි ඡායාරූප ශිල්පියා වුණේ හිරන්ත ගුණතිලක මහතායි. මේ අතරතුර මගේ මිතුරෙකුගේ මගපෙන්වීම යටතේ මම මෝස්තර නිරූපණ ශිල්පය හැදෑරීමට ගාල්ලේ ‘නිලූ හයි හීල්ස්’ ඇකඩමියට ඇතුළත් වුණා. මේ 2016 මාර්තු මාසයේදියි. මේ අතර එම ඇකඩමියේ අධිපති අර්ජුන සේනානායක සහ නිලූ සේනානායක මහත්ම මහත්මීන්ගේ කාරුණික මග පෙන්වීම යටතේ 2016 ජුනි මාසයේ රෙව්ලෝන් විශ්ව රූ රැජින තරගයට අයදුම් කළා.
මම එයින් අවසාන 12 දෙනා අතරට තේරීමට තරම් වාසනාවන්ත වුණා. එයින් පසු මම අවසාන 08 දෙනා අතරටද තේරුණා. මේක සුවිශේෂ අවස්ථාවක්. එයින් පසු මම අවසාන තරගයේදී හොඳම දේහය (best figure) බවට තේරී පත් වුණා. ඇත්තටම මේ සඳහා මගේ පවුලේ අය සහ මගේ මිතුරු මිතුරියන් විසින් කරන ලද කැප කිරීම්ද බොහොමයි. අනාගතයේදී මම මගේ හික්කඩුවේ පවත්වාගෙන යන රූපලාවණ්‍යගාරයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සහ වාණිජ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට සිතා සිටිනවා.”
ඉඳුනිල් සින්දු
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විශ්ව රූ රැජින තරගයේ ළාබාලතම තරුව ඉෂාරා