විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි යැයි කියමින් රෙදි කඩක ලොකු අකුරින් ලියා කතරගම වල්ලි අම්මාන් දේවාලය අසල සියඹලා ගසකට නැඟ සිටි එම් ජී ඒ රෝහිත ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා නියෝග කළේය.
ජනපති මුණ ගස්සවන ලෙස ඉල්ලා මොහු නැඟ සිටි ගසේ උස අඩි හැත්තෑවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ගාමිණි වැනි උගත්, බුද්ධිමත්, මානව දයාවෙන් පරිපුර්ණ නායකයින් විනාශ කර අපේ රටට කල හානිය තවමත් එලෙසම පවතිනවා. ගහක් හෝ වහලක් උඩට නඟින මිනිසාගේ හිතේ මොන තරම් පීඩනයක් ඇත්ද? . (දී)
ඒ මනුස්සයාගේ ප්‍රශ්නෙට කන් දුන්න නම් හරි මොකද්ද බලන්න.(අ)
පිස්සු නේ?පිස්සු නැත්නම් ශෝක අනේ..(අ)
"විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි".... මෙම පුද්ගලයා යම් කිසි මානසික රෝගයකින් පෙළෙන්නකු වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලයි. මානසික රෝග පිලිබඳ වෛද්‍ය වරයෙකු වෙත යොමු කළා නම් හරි (අ)
අනේ අම්මෝ ඔව් ඇප නම් දෙන්න එපා නිකමට හරි විශ්වයට මොනවා හරි කලොත් අපි ඉවරයි (අ)
දැන් ගස් නගින්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ. පුළුවන් කෙනාත් නගින්නේ නැහැ ආඩම්බර කමට. එවරස්ට් තරණය කරපු නවසීලන්තේ හිලරි මහත්තයත් ගස් නැගලා තමා පටන් ගත්තේ. රජයෙන් ගස් නගින්නෝ පුරුදු කරලා කලිසම් අන්දවලා බූට්ස් එහෙම දම්මලා ‘ට්‍රී කලයිම්බර්ස්‘ කියලා නම දැම්මොත් ගමකට ගස් නගින්නෝ හොයා ගන්න පුළුවන්. (නදී)
ඉතින් ඔය මිනිහා දිවිනසාගන්න උත්සහකළේත් නැහැ සියඹලා ගහකට නැග්ගා විතරයිනේ. බෝඩ් අල්ලාගෙන ඉන්නවත් ගහකට නගින්න වත් තරම් මානව අයිතිවාසිකමක් රටේ මිනිස්සුන්ට නැතිද? අපේ රටට නිදහස නොලැබී සුද්ද සුද්ද යටතේම උන්නා නම් මිට වැඩිය හොඳයි. (නදී)
බණ්ඩාර, මේ මිනිහා විතරක් නොවෙයි මේ මිනිහාට මෙසේ ගස් නගින්න සැලැස්වූ සමස්ත සමාජ ක්‍රමයම මානසික ආබාධයකින් පෙළෙනවා. (නදී)
දැන් මම දන්නවා පොල් කඩන්න ඇයි මිනිස්සු මෙච්චර ගනන් කියලා.(නදී)
චන්දෙ ඉල්ලනද දන්නේ නැහැ (දී)
පාලනය විසින් උන්මත්තක කරනු ලැබූ මිනිසුන් නිතර වගේ වහලවල් උඩටත් ගස් වලටත් නැග මොනයම් හෝ දුක් ගැනවිල්ලක් කියති. මේ තරම් මිනිසුන්ව අසරණ කළ යුගයක් ගැන මෑත ඉතිහාසයේ අප අසා නැත. (නදී)
දැන් ගස් නගින්නත් බැරිද? (නදී)
ගස් නගින්න තියෙන තහනමක් නෙවෙයි චමින්ද...මේ වගේ අයට මෙහෙම හැසිරෙන්න ඉඩ දියයුතු නැහැ. (දී)
මොකද්ද මේ ගස් නගින වැඩේ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් නැග්ගා ගහට (දී)
මනුසයන් ගේ ප්‍රශ්ණ විසදන්න මීට වඩා ක්‍රමවත් වැඩ පිළිවලක් යොදන්න ඕනි . මේ වගේ දේවල් වලට හිර ගෙවල් වල දාන එක මම අනුමත කරන් නෑ. මිනි මරුවෝ, කුඩු ගෙන්වන, මහ පරිමාණ වද පෙති ,වස විස ගෙන්වන මුළු ලංකාවම විනාස වෙන දේවල් කරන නීති විරෝධි උන් එළියේ රජ සැප විදින කොට මේ වගේ පොඩි මිනිහෙක් අල්ලන එක ලැජජයි .මට මතක් වෙනවා ලලිත් ,ගාමිණී ලා වගේ උගත් අය අද හිටියා නම් ?(දිල්)
කාලෙකට පස්සේ (දිල්)
එතකොට බඩුමිල බස්සනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, මනාප ක්‍රමය අහෝසි කරනවා කියල බැනර් දාගෙන ස්ටේජ් වල නැගපු අය රිමාන්ඩ් කරන්නේ නැත්තේ මොකද?(දිල්)
"මේ වගේ අයට මෙහෙම හැසිරෙන්න දෙන්න එපා". මන් කඩේ ගියහම කඩේ මුදලාලි මෙහෙමෙ කියන්න කියල මට කිව්වා. මාත් ඔහේ ලියනවා. එත් කඩේ මුදලාලි සීනි ගෝනියකට වතුර ඉසින ගමන් ඒක මට කිව්වේ(දිල්)