විශ‍්‍රාමික රණවිරු සුබසාධන වැඩපිළිවෙළ යටතේ රැකියාලාභී විශ‍්‍රාමික සෙබළුන් 50 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සැරැසෙයි.
මේ අනුව ඉදිකිරීම්, ඇඟලුම්, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ හා ආරක්ෂක ආදී ක්ෂේත‍්‍ර රැසකට අදාළ රැකියා ලබා දීමට නියමිතය. විශ‍්‍රාමික රණවිරුවන් 6000 කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ඒ සඳහා අයැදුම්පත් යොමු කර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය අංක 15/5, බාලදක්ෂ මාවත කොළඹ 05 යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ හැකි බවද අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල කොළ හිටවන්නැත්නම් හොඳයි. (බ)