ඇමෙරිකාවේ හා කැනඩාවේ රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ 26ක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
කොටුව පොලීසියේ නඩු අටක් ද, කොම්පඤ්ඤ වීදිය පොලීසියේ හතක් ද ඇති මොහු අත්අඩංගුවට ගැනුණේ අහම්බෙනි.
මහා බැංකුවේ රත්තරන් කිලෝ තුන්සියයක් අඩු මිලට දෙන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඔහු ඇප ලබා මද වේලාවකට පසු කොටුව හා කොම්පඤ්ඤවීදිය පොලීසි ඔහු අල්ලා ගත්තේ පොලිසිය මග හැර සිටි සැකකරුවකු වශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොර වැඩ වලින් විශ්‍රාම ගිහිල්ල නැහැ. වගේ පොලිසියෙන් විතරක් විශ්‍රාම ගිහිල්ල (ත)
හත්ඉලව්වේ ! පැන්සොන් ගිය පොලිසියේ ලොකු මාමලත් දැන් ගේම් දෙන්න පටන් අරන්. එහෙන් රත්තරන් විකුනන්න ගිහින් අහුවෙනවා. අනේ අනිච්චන් දුක්කේ රටකට ගිය කලක් ! (නි)
විශ්‍රාමික ඒ එස් පී කරපු රැකියාවේ නමත් කැත කරා. ලෝක කපටියෙක් වගේ කරලා තිබෙන වැඩ දැක්කම. (ත)
අන්තිමට බලනකොට හැම ජාතියකම අය රිමාන්ඩ් වගේ. (නි)
මුන්නහේ පොලිසියේ ඉන්න කාලේ බොහොම ලස්සනට සෙල්ලන් දාන්න ඇති නේද? පැන්ෂන් එකත් නැති කරන්න ඕනෙ. (ත)
කාපුව වමාරද්දි නියමෙට ඇති. අනේ පැන්ශන් ගිහින්වත් ගෙදරට වෙලා පිනක් කරගෙන ඉන්න බැරි හැටි (නි)
අයියෝ සල්ලි මොකද මේ වෙන්නේ
අයියෝ කමක් නැහැ. තව ටික දවසකින් තානාපති කෙනෙක් වෙයි. ලොකු නෑදෑයෝ ඉන්නවනේ.(නදී)