IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ‍්‍රාම වැටුප බැංකුවෙන් පමණයි

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඉන්දියාව  ඕස්ටේ‍්‍රලියාව හා කැනඩාව යන රටවල වෙසෙන ශ්‍රී ලාංකික විශ‍්‍රාමිකයින් 10000කට පමණ විශ‍්‍රාම වැටුප් ගෙවීම නතර කර ඇත. මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් මාර්ගයෙන් විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම නිසා විශාල වශයෙන් රට සල්ලි එම රටවලට ගලා යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා පැවසීය. මින් ඉදිරියට දේශීය බැංකු මගින් විශ‍්‍රාම වැටුප් ගෙවීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය. ඉකුත් වසරේ විශ‍්‍රාම වැටුප් වශයෙන් රම රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි 50 කි.



අදහස් (0)

විශ‍්‍රාම වැටුප බැංකුවෙන් පමණයි

මංජු Sunday, 08 July 2012 11:51 PM

පරස් පරයි.....

:       0       0

අජිත් Monday, 09 July 2012 11:40 AM

දේශපාලඥයෝ බුරුතු පිටින් රට සවාරි යන එක නැවැත්තුවොත් ඔය වගේ 10 ගුණයක් සල්ලි ඉතුරු කර ගන්න පුලුවන් වෙයි

:       0       0

ඔරංඔටන්-france Monday, 09 July 2012 04:01 AM

නියමයි

:       0       0

නාමල් Monday, 09 July 2012 07:34 AM

මීට වැඩිය හොද නැද්ද දේශපාලඥයින් රටිජය අයත් දේපළ වලින් හූරා කන කොටස් නැවැත්තුවොත්? එතකොට මීට වඩා වැඩි කොටසක් ඉතුරු කර ගන්න පුලුවන් වෙයි

:       0       0

සරත් Monday, 09 July 2012 09:53 AM

නාමල්, රටවැසිය, මමත් ඉන්නේ එතන තමයි

:       0       0

වරුණ Monday, 09 July 2012 10:04 AM

ඔය අවු.5 ට ගෙවන විශ්‍රාම වැටුපත් අත්හිටවන්න බලමුද ?

:       0       0

රටවැසියෙක් Sunday, 08 July 2012 07:57 PM

තව යෝජනාවක් ඔය දෙසපලුවන්ගේ විශ්‍රාම වැටුප නැති කරොත් මොකද. උන් ඔය වැඩ කරන පොඩි කලයත් රට කන එකනේ කරන්නේ අනික වෙන එක රස්සවකටවත් ඔය තාමර පොඩි කාලයකින් විශ්‍රාම වැටුප් න නේ.

:       0       0

ලලිත් Monday, 09 July 2012 11:46 AM

දේශපාලඥයින්ට තියෙන්නේ මොන ජාතියේ නීතිද එතකොට?

:       0       0

හිරන්ත (usa ) Tuesday, 10 July 2012 03:25 AM

මේ වගේම ඉක්මනට දැනට වසර 2 1/2 ක් තිස්සේ අත්හිටුව තිබෙන පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසි බව අවහිරයකින් තොරව ලබාදීමට සහ බටහිර රටවල පුරවැසිකම ලැබෙන ලාංකිකයන්ට ලංකාවේ පුරවැසි බව අහිමිකරන අදුරදර්ශී වැඩපිළිවල නතර කොලොත් ඉතා හොදයි. මොකද පිටරට ඉන්න විසල සිංහල පිරිසක් හිරවෙලා ඉන්නවා ලංකාවට එන්න බැරිව මේක නතර කරලා නිසා. ඒ ය බහුතරයක් ඒ රටවල විශ්‍රාම ගිය අය සාමාන්‍ය මසකට රු 120,000 ක පමණ විශ්‍රාම වැටුපක් ලැබෙන අය. පුරවැසිකම නැතිකර දැමීම නිසා ඒ අයට ලංකාවට විශ්‍රාම වැටුප හරවගන්න බැහැ. මේක නිවැරදි කලොත් දහස් ගණන් ලංකාවට එයි, පිටරටින් විශ්‍රාම වැටුප් ඩොලර් ගණන් ලංකාවට ගලාගෙන එයි. ලංකාවේ උපන් ලාංකිකයන්ට සිංහලයන්ට අද තහංචි දාල, නමුත් තමිල්නාඩුවට පනලගිය දෙමළුන්ට දහස් ගණනින් ලංකාවේ පුරවැසිකම් දෙමින් ගෙන්න ගන්නවා, මොකක්ද මේ නාඩගම? අලුත් නීතියක් ගෙනත් අවරුදු 5 ක් බලන් ඉන්න වෙන විදිහට. උපන් රටට එන්න, උපයාගත් ධනය රටට ගෙනෙන්න මුලික මිනිස් අයිතිවාසිකමක් සිංහලයන්ටවත් තිබියයුතුයි. ඔන්න වෙන ජාතිකයෙකුට එහෙම නෙතියක් දැම්මට කමක් නෑ.

:       0       0

සදුන් Tuesday, 10 July 2012 05:08 AM

මම හිරන්ත එක්ක 100% එකග වෙනවා. මොකද ඔක්කොම නිතී සිංහලයන්ට. නමුත් දෙමල අයට කිසිම කරදරයක් නැතිව ඕනම දෙයක් කරගන්න පුලුවන්. අපි කොච්චර කොහෙ හිටියත් හම්බ කරන ඔක්කොම අපේ රටට එවන්න අපිට ඕනේ නමුත් හරි විදියට රටින් ගිය අපිට ඔක්කොම කතන්දර. හොරෙන් පැනපු අයට ඔක්කොම දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site