වසර 39ක් ගුරුවරියක ලෙස කටයුතු කර විශ්‍රාම ගොස් අවුරුදු 16ක් ගියත් තවමත් තමන්ට විශ්‍රාම වැටුප නොලැබෙන බව නුගේගොඩ එස් එෆ් එම් අයිදෘස් මහත්මිය කියන්නීය.
තමන්ට දැන් කාත් කවුරුවත් නැති බවත්, පෞද්ගලික ස්ථානයක නැවතී සිටින බවත්, විශ්‍රාම වැටුප් නොලැබෙන නිසා නවාතැනට මුදල් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඇය පවසන්නීය.
තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා 16 වසරක් තිස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා කොළඹ කලාප කාර්යාලයයට යන බවත්, තවමත් සහනයක් නොවූ බවත් අයිදෘස් මහත්මිය පවසන්නීය.
1961 පෙබරවාරි 16 වැනි දා ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳී ඇති ඇය 2000 වසරේ අප්‍රේල් 17 වැනි දා විශ්‍රාම ගොස් ඇත. ඇය අවසානයට සේවය කර ඇත්තේ කොටහේන පාතිමා කාන්තා විද්‍යාලයයේය.
තමන්ට සහනයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලමින් ඇය අද (16) ලංකා ගුරු සංගමයේ කාර්යාලයයට ද ගියාය.
රජයේ සේවකයකු විශ්‍රාම යන විට ඔහු හෝ ඇය විශ්‍රාම වැටුපට හිමිකම් කියන බවත්, විශ්‍රාම ලැබූ මාසයේ සිටම විශ්‍රාම වැටුප ගෙවිය යුතු බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
මේ ගුරුවරියගේ පෞද්ගලික ලිපි ගොනුව අස්ථාන ගත වී ඇති බව බලධාරීන් කියන බවත්, කලාප කාර්යාලයයේ තිබෙන එම ලිපි ගොනුව අස්ථාන ගත වී ඇත්නම් ඊට කලාප කාර්යාලයයේ බලධාරීන් වග කිව යුතු බවත්, වසර 16ක් යන තුරු මෙම ගුරුවරියට විශ්‍රාම වැටුප ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.
ගුරුවරියට නැවත ලිපිගොනුවක් සකස් කර විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස මීට කලකට පෙර නිර්දේශ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ආරංචි මාර්ග කියයි.
මේ ගැන විමසීමට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවතාවක් උත්සාහ කළත් එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5 ක් පාර්ලිමේන්තු යන දේශපාලකයන්ට විශ්‍රාම වැටුප්. වසර 39 ක් දැයේ දරුවන්ගේ දෑස් පෑදූ මේ ගුරුතුමියට තවමත් විශ්‍රාම වැටුප නැහැ. ඔන්න යහපාලන ආණ්ඩුවට වැඩ පෙන්වන්න නියම අවස්ථාවක් (නි)
අනේ පොඩ්ඩක් ඉවසන්නකෝ. ඉන්දියාවෙන් සටන් ගුවන් යානා ටික ගත්තට පස්සේ ඔය ප්‍රශ්න විසඳයි (නි)
1970 රැකියාව අහිමි වූ මගේ ගුරු දෙමාපියන් මියයාමට කිට්ටු කාලයේදී විශ්‍රාම වැටුප ඉතා අමාරුවෙන් හදාගත්තා. ඒත් දරුවන්ගේ අධ්‍යාපනයද අඩාල වූ නිසා එයින් කිසි සෙතක් සිදුවුයේ නැහැ. නිසි කලට එය ලැබේ නම් එහි අගය ඉතා ඉහළයි (නි)
නිලධාරීන්ගේ වගකීමක් නැතිකමත්, අදක්ෂකමත් නිසා මෙවැනි අසාධාරණයන්ට ලක්වූවන් කොතෙක් ඇද්ද? මගේ මාමණ්ඩියත් මෙවැනි අසාධාරණයකට ලක්වූවෙක්. කියන්න ඕනෑ හැමතැනටම කිවුවා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ වගේ අසාධාරණකම් නොසළකා ඉන්න එපා (නි)
පුරා එකුන් හතලිස් වසරක් දුවා දරුවනට ශිල්ප සැදු ගුරු මවකට වසර දහසයකට පසුත් තමන්ට හිමි විශ්‍රාම වැටුප නොලැබී යාම කෙතරම් ඛේදජනකද? ජනතාවගේ බදු මුදලින් පඩි ගන්නා නඩයක් බෝලය කොටුවෙන් කොටුවට වසර දහසයක් තිස්සෙම පාස් කර ඇති බව පෙනේ. නිලධාරීවාදය භංග වේවා! (නි)
අපේ අම්මාගේ විශ්‍රාමෙ හදාගන්න කෑගල්ල අධ්‍යාපන කාර්‍යාලයට ගියාමත් ඔහොම කතාවක් ඇහුනා. එක්තරා ගුරුවරියක් ඒ වනවිට වසර ගානක් ඇවිල්ලත් ඕක කරගන්න බැරිවෙලා. මට ඇහුනා නිලධාරියෙක් ඇයට දුන්න පිළිතුර "ඔයාගෙ කරුමෙ තමයි ඉතිං ෆයිල් එක නැත්තේ. මොනවා කරන්නද ඉතින්" කියලා. අපේ අම්මගේ වැඩේට එහෙම වුණා නම්, ඒක ඒ නිලධාරියාගේ කරුමෙ වෙන්න තිබුනා. (නි)
ඇත්තටම ගුරුවරුන්ගේ ලිපිගොනු නැතිවීම සාමාන්‍ය දෙයක් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ළඟින් යන කෙනෙක් වුණත් දන්නවා. හැබැයි ඔය නැතිවූ දේ හොයාගන්න ක්‍රමත් ඒකේ ඇතුළේ ඉන්න අය දන්නවා. වැඩියෙන්ම ලිපිගොනු නැතිවෙන්නේ රට රැකියාවලට යන අයගෙ. ආපහු එන්නේ අවුරුදු 6ක් 7 ක් වෙලා විශ්‍රාම අරන් විශ්‍රාම වැටුපත් හදාගෙන රට යන්න බලාගෙන. එනකොට ලිපිගොනුව නැතිවෙලා (නි)
මේ කතාව නම් සහතික ඇත්ත (නි)
මගේ බිරිදත් ගුරුවරියක් තාම WPO කියන පයිල් එක හොයනවා අවුරුදු 5ක් තිස්සේ මේක නැතිවෙලා කියනවා උත්තර නෑ. (ර)
කරුණාකරලා මට මෙතුමියගේ ලිපිනය ලබාදෙන්න. (නි)
අනේ ගුරුවරු වගේද දේශපාලකයෝ? ඒගොල්ලන්ට විශ්‍රාම වැටුප හොඳට හම්බවෙනවා. ඒගොල්ලන්නේ මෙරටේ ඔක්කොම කරන්නේ. (නි)
මේක අදක්ෂකමක් නොවෙයි දක්ෂකමක්. අනිත් එක මේක අද ඊයේ වෙන දෙයක් නොවෙයි. චිරාත් කාලයක් වෙන දෙයක්. හොඳම දේ ඔය කියන ආයතනය ඇතුළේ වෙනම කුටියක් නිර්නාමික පැමිණිලි වලට තියලා, වෙනම ආයතනයකින් ඒ ගැන නිතිපතා පරීක්ෂණ කරන්න ඕනෑ. කරුණාකර විගණන අංශය මේ ගැන විමසිලිමත් වෙන්න. (නි)
රජයේ ආයතන වල ඉන්න 95% කටම අනුන්ගේ දුක තේරෙන්නේ නැහැ. මිනිස්සු රස්තියාදු කරන්න උපන් හපන් අය. ඔවුන්ටත් ඔය වගේ දෙයක් වෙන්න ඕනෑ දුක තේරෙන්න. (නි)
මේ වගෙ කරන්න ඕනෑතරම් වැඩ තියෙද්දී හැමකෙනාම කරන්නෙ සන්දර්ශන වැඩ විතරයි. මේ වගේ කළ සේවයට තමන්ට ලැබෙන්න තිබෙන දේ නැතුව කරදරයට පත් කීදෙනෙක් ඇද්ද? (නි)
ජයන්ත, රජයේ සේවකයෝ වයස අවුරුදු 55 වෙනතුරු ඉන්නන ඕනෑ විශ්‍රාම වැටුප ගන්න. නමුත් දේශපාලුවෝ අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ නිදාගත්තත් හරි. මම ජේ ආර් ජනාධිපතිතුමාට අදටත් ගරුකරනවා. නමුත් එතුමා කළ මේ වැඩේට මම හරිම විරුද්ධයි (නි)
ජනපතිදුනි,මෙම ගුරු මාතාවගේ විශ්‍රාම වැටුප්'සහ වන්දි මුදල් වහා ලබා දෙන්න. (බ)
අනේ මගේ රටේ වෙන දේවල්? (නි)
හරිම කණගාටුයි මේ රට ගැන (නි)
මේක ගිනස් වාර්තාවක් වගෙයිනේ (නි)
මෙතුමියට සාධාරණය ඉටුකරන්න. මෙතුමියට කරන්නේ මහා අසාධාරණයක්. (නි)
ඉතින් කොහොමද රටක් හදන්නේ, මේ වගේ දේවල් වෙනකොට. (නි)
මේක පුදුම රටක්. ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
අනේ පවු. හරිම අපරාධ මේවා. කවුරුන් හෝ මේ පුවත දැකලාවත් ඇස් ඇරුනොත් හොඳයි (නි)
මෙම විස්තර අධ්‍යාපන ඇමතිට යොමුකළා නම් එතුමියට මෙම විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකිවේ යැයි සිතෙනවා (නි)
ඇය සතුව ඇති පත්වීමේ ලිපි ආශ්‍රයෙන් ලිපි ගොනුවක් හදන්න බැරි ඇයි? අලාභය ඉල්ලා නඩු පැවරිය යුතුයි (නි)
මේ වගේ අස්ථාවක වහාම කළ යුත්තේ ලිපිගොනු හැදීමට කල් ගමින් ඇය මිය යන තෙක් බලා සිටීම නොවේ. විශ්‍රාම වැටුප අනුමත කිරීමට යටත්ව දීමනාවක් ගෙවීමට ක්‍රියා කිරීමයි. එමෙන්ම වගකීම් විරහිත නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට ප්‍රමාද නොවිය යුතුයි. (බ)
මිනිස්සු පඩියක් ලබමින් මාසයක් ජිවත් වෙන්නෙත් අමාරුවෙන්. මෙතුමිය අවුරුදු 16 ක් වැටුප නැතිව කොහොම ජිවත් වුනාද ? මානුෂිකව හිතල මේ අම්මට විශ්‍රාම වැටුප හදා දෙන්න. අවස්ථාවක් තියෙනවනම් මේක අමාරු දෙයක් නෙමෙයි. සමහරු අඩුපාඩු තියාගෙනත් සියල්ල කරගන්නේ ප්‍රමාදයක් නැතුව ක්‍රම සහ විධි පාවිච්චිකරලා. (බ)
මේ පුවත දුටු සැණින් අපේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමා මෙම ගුරුතුමියගේ විශ්‍රාම වැටුප නොපමාවම ලබාදීමට අවශ්‍ය කටයුතු කරාවි. එතුමා රාජ්‍ය සේවයේ සිටින කාර්යක්ෂම පරිපාලන නිලධාරියෙකි. (නි)
කණගාටුදායකයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය! (නි)
ලංකාදීප පුවත්පත නොහිටින්න මේ අසරණ මිනිස්සු මියගිය තැන් වල ගසුත් පැළවෙලා. ඔන්න අපේ රටේ වගකිවයුත්තන්ගේ හැටි. (නි)
හද පාරවන පුවතක්. මහා ලොකු සිවිල් සේවය..! අකාර්යක්ෂම සිවිල්/පරිපාලන නිලධාරීන්..! (නි)