IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


විශ්‍රාම ගියත් වැඩ

 බස්නාහිර පළාත් සභාවේ අනුමත සේවක සංඛ්‍යාවේ නැති නියෝජ්‍ය  අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුරේ කටයුතු කළ විශ්‍රාමික නිලධාරියා ඉල්ලා අස්වූ බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයයෙන් ලිඛිතව දන්වා තිබිය දී ඔහු අදත් (23) ගුරුමාරු ලිපිවලට අත්සන් තබා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් ලෙස කාලයක් කටයුතු කළ එම නිලධාරියා පසුගිය ජනවාරි 07 වැනි දා විශ්‍රාම ගියත් ඔහුට සේවා දිගුවක් දී තිබුණු බවත්, නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් ලෙස තනතුරක් අනුමත සේවක සංඛ්‍යාවේ නැති බවත්, ගුරු සංගම් පැමිණිලි කරද්දී ඔහු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස වෙනත් තනතුරක පිහිටවූ බවත්, එවැනි තනතුරක් ද අනුමත සේවක සංඛ්‍යාවේ නැති බවත් ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

  පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයයේ පරිපාලන නිලධාරී ජේ සී ජයලාල් මහතා අප්‍රේල් 08 වැනි දා ලිඛිතව දැනුම් දී ඇත්තේ එම නිලධාරියා ඉල්ලා අස්වී ඇති බවයි.



අදහස් (0)

විශ්‍රාම ගියත් වැඩ

දයා අළහකෝන් Wednesday, 23 April 2014 05:23 PM

අනේ කොච්චර හොඳද? රටට ආදරයක් ඇති නියම මිනිස්සු තමයි මේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 174 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site