වේශ නිරූපණයෙන් ජාත්‍යන්තර තලයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වූ හේමන්ත ගමගේ 1982 වසරේ සිට වේශ නිරූපණ කටයුත්තේ නියැළෙන්නෙකි. මේ ඔහු "අද" පුවත්පත සමග කරන ලද සාකච්ඡාවකි.
ක්ෂේත්‍රයට පිවිසීම
අපට ඉගෙනගන්න මෙහෙ පාසල් නැතත් තරංග රුක්මල්වල මහතා යටතේ වේදිකා නාට්‍යවලින් බොහෝ පරිචයක් ලැබුවා. ඒ කාලෙ මම "තාරාවෝ ඉගිලෙති" වැනි නිර්මාණවල වැඩ කළා. මම මුලින්ම වැඩ කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ "අරගලය" චිත්‍රපටයේයි.
කලා කටයුතු
වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස මම දේශීය නිර්මාණවල වැඩ කළත්, චන්ද්‍රන් රත්නම් මහතාගේ ෆිල්ම් ලොකේෂන්ස් ආයතනය හරහා මම බොහෝ විදෙස් නිර්මාණවල වැඩ කටයුතු කරලා තියෙනවා.
ඉන්පසු මම "හිත හොඳ ගැහැනියක්", "මධූට මං ආදරෙයි", "චෙරියෝ ඩාලිං", "ලොකු දුව", "ඉන්ද්‍රඛීලය", "රාජ්‍ය සේවය පිණිසයි", "වෑකන්ද වලව්ව", "සුළං කිරිල්ලී", "සැමීගේ කතාව", "අම්මාවරුනේ" වැනි චිත්‍රපට ඇතුළු නිර්මාණවල වැඩ කළා. ටෙලිනාට්‍යවලින් "හිරුට මුවාවෙන්", "තරු", "ලෝකාන්තය", "මහනඩුව", "චල අචල", "මහා ඇත්පවුර", "සපිරිවර" වැනි බොහෝ නිර්මාණවල වැඩ කළා.
විදෙස් නිර්මාණ
1987 සිට සහාය වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස "Sacrifice", "Dangerous Life", "Gods Can’t do it", "Shadow of the cobra", "Fifty Fifty", "Ordinary Magic", "Water", "Hostages" වැනි චිත්‍රපටවල වැඩ කළා. "Mother Theresa" සහ "Solar Eclipse" චිත්‍රපටවල මම ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළා.
වේශ නිරූපණ ශිල්පියෙකුගේ වගකීම
වේශ නිරූපණ ශිල්පියෙකුගේ වගකීම වන්නේ වේශ නිරූපණය සිදුකළ බව නොපෙනීමයි. ඔවුන් මාව මෙම නිර්මාණවලට තෝරාගත් හේතුව වූයේත් එයයි. තාක්ෂණයත් දියුණු නිසා මේකප් කළ බව නොපෙනිය යුතුමයි. තාක්ෂණික කාරණාව කොහොම වුණත් අත්දැකීම් සමග අපේ ඇහැ හුරුවෙනවා අපේ මේකප් එක හරිද නැද්ද කියන දේ හඳුනාගන්න. අද ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගෙන් බොහෝ දෙනෙකුට මේකප් ගැන එතරම් දැනීමක් නැහැ. නමුත් අධ්‍යක්ෂවරයෙකුට අනිවාර්ටයෙන්ම මේකප් ගැන දැනීමක් තිබිය යුතුමයි. නැතිනම් ඔහුට අවශ්‍ය දේ ඉල්ලාගන්නට බැරිවෙනවා. අධ්‍යක්ෂවරයා විදෙස්ගතව අධ්‍යාපනය හැදෑරුවා නම් ඔහුට එම අධ්‍යයනයේ කොටසක් ලෙස වේශ නිරූපණය උගන්වනවා. සමහරු මම මොන රැවුල දාලා දුන්නත් පිළිගන්න මට්ටමේ ඉන්නවා. ගොඩක් චිත්‍රපටවල මේකප් ටෙස්ට් කරන්නෙත් නෑ. ගිහිල්ලා හිතෙන විදියට මේකප් කරලා එනවා.
ඇගයීම්
"මහ නඩුව" ටෙලිනාට්‍යයේ වේශ නිරූපණයට සුමති සම්මානය ලැබුණා. "ඉන්ද්‍රඛීලය"ට ජනාධිපති සම්මානයත්, "සුළං කිරිල්ලී" චිත්‍රපටයයට සරසවි සම්මානය හා සිග්නීස් සම්මානයත්, 2015 වසරේදී %සැමීගේ කතාව^ චිත්‍රපටයටත් සම්මාන ලැබුවා. ඒ හොඳම අංගරචනා ශිල්පියා ලෙසයි.
අවස්ථා
අවස්ථා තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට මුදල මතයි. ප්‍රවීණ ශිල්පීන් ගන්න මුදලක් තිබෙනවා. ඒ නිසා ඒ මුදලට වඩා අඩු මුදලකට වැඩ කරන පිරිස්වලට ඒ නිර්මාණ ලැබෙන්නේ. කැමරා අධ්‍යක්ෂවරයාට ලයිට් සහ කැමරා සියල්ල ගෙනත් දෙනවා. ඒ දීලා ඔහුට ඔහුගේ මුදල දෙනවා. වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා. විදෙස් චිත්‍රපටයක ප්‍රධාන අයවැයෙන් මේකප් බඩුවලට වෙනම මුදලක් වෙන් වෙනවා. එය මෙහි සිදුවන්නේ නැහැ. මේවායේ බඩුගන්න සල්ලි ඉල්ලුවොත් ෆිල්ම් එක හම්බවෙන්නේ නැහැ.
0712 703 388
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා