
( සිතුම් චතුරංග)
වවුනියාව ,පම්පමඩුව දෙමළ ප්‍රාදේශිය සභා ඉඩමෙහි ළිඳක්තුල තිබී ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 2298 ක් සොයාගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක් සංවර්ධනය නොකළ ප්‍රාදේශිය සභා ඉඩමේ ඉදිකිරීම් සිදුකොට එහි තිබූ පැරණි ළිඳ සුද්ධ පවිත්‍ර කිරීමේදී සේවකයින් පිරිසකට ජීව උණ්ඩ කිහිපයක් හමුව ඇති බව පොලිසිය පැවසීය.
ඒ අනුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත පූවරසන්කුලම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ළිඳ පරීක්ෂා කිරීමේදී උණ්ඩ තොගය හමුවී ඇති බව සඳහන් කළේය.
සොයාගත් ජීව උණ්ඩ පසුගිය යුද සමයේ එම ස්ථානයේ යුද හමුදා කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම කඳවුරේ භාවිතා කළ ගිනිඅවි උණ්ඩ එලෙස ළිඳතුල තිබෙන්නට ඇති බවට සැකපලකරන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ලං වුණාම ඔහොම දේවල් එළියට එනවා, තව ටික දවසකින් බේරේ වැව දෙබෑ කරන් නාගයෙක් සතුවෙයි...!
ආ ඡන්දයක් ළංවෙනකොට ඕවා සාමාන්‍ය දේවල්... හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මිනිස්සු ඕවාට අහුවෙන්නේ නෑ...