IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


'විවාහක විශ්ව රූ රැජින' තරගයට ඉදිරිපත් වෙනවා

2016-10-24-ent-110

මීට වසර කිහිපයක පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි නිලුක්ෂි මහේෂිකා සමගින් අද "සාරවිට" තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. දැනට ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වී ඇති නිලුක්ෂි ඉදිරියේදී "විවාහක විශ්ව රූපරාජිනි" තරගයට ඉදිරිපත්වීමේ සූදානමකින් සිටියි.

 

නිලුක්ෂි නිරූපණයට යොමු වන්නේ?

2016-10-24-ent-1082013 අවුරුද්දේ. ඒ අවුරුද්දේ තිබුණ "මිස් වර්කින්ග් ගර්ල් ෆැජනට්" එකට ඉදිරිපත්වීමත් සමග තමයි නිරූපණයට යොමුවන්නේ. ඒ තරගයේ අවසන් තරගකාරියන් නවදෙනා අතරට එන්න මට පුළුවන් වුණා. ඒ තරගයෙන් පස්සේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් අඳුනගන්න ලැබුණා. ඒ හරහා තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්න මාවත සැකසුණේ.

 

ගෙවුණු කාලය තුළ ඔබ දායක වුණ කලා කටයුතු?

"සකුරා" සංගීත කණ්ඩායමේ චන්දනගේ ගීතයක රූප රචනාවකට මම දායක වුණා. ඊට අමතරව "එටිසේලාට්" හා "මෙගා වාසනා" ලොතරැයිය වෙනුවෙන් කරපු වෙළෙඳ දැන්වීම්වලට මම දායක වුණා. ඒ වගේම දැනට මම විවිධ විලාසිතා දැක්මවල් වලට දායකවෙලා තියෙනවා.

 

නිරූපිකාවක් වුණ එක ගැන තෘප්තිමත්ද?

ගොඩක් අත්දැකීම් ලැබුණා හැමපැත්තකින්ම. ඒ වගේම මම දැනට රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඒ ව්‍යාපාරික කටයුත්ත කරන්නත් මාර්ගය සැකසුණේ මම නිරූපිකාවක් වුණ හින්දා. ඒ වගේම මේ කෙටි කාලය තුළ මට නිරූපණ ක්ෂේත්‍රයේ තුළ දිගු ගමනක් එන්න ලැබුණා.

 

රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කාර්යබහුල වෙන විට නිරූපණ කටයුතුවලට වෙලාවක් තියෙනවාද?

මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණ මුල් කාලයේදීම තමයි රූපලාවණ්‍ය කටයුතු ආරම්භ කළේ. ඉතින් ඒ වැඩ කටයුතුත් නිරූපණ වැඩ කටයුතුත් මම සමබරව කරගෙන ගියා. ඉදිරියටත් ඒ විදිහටම කරගෙන යනවා. විවාහ මංගල්‍ය තියෙන කාලේට තමයි ගොඩක්ම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට කාර්යබහුල වෙන්නේ. ඉතින් ඒ කාලවල නිරූපණ කටයුතු සඳහා දායක වෙන්නේ නැහැ.

 

අද නිරූපිකාවක් විදිහට ඔබ ගොඩනගාගෙන ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මම මා ගැනම ගොඩක් ආඩම්බර වෙනවා. ගොඩක් මිතුරු, මිතුරියෝ හා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය නිසා මාව නිරූපිකාවක් විදිහට හඳුනාගත් පිරිසක් අද වන විට ඉන්නවා. ඉතින් නිරූපිකාවක් විදහට අද මම යම් තැනක ඉන්නවා කියලා හිතෙනවා. ඉතින් ඒ ගැන හිතෙද්දි මට ගොඩාක් සතුටුයි.

 

මොනවද ඉදිරි ඉලක්ක?

මට ඉදිරියේදි තියෙන ලොකුම ඉලක්කය තමයි "විවාහක විශ්ව රූපරාජිනි" තරගයට ඉදිරිපත් වෙන එක. ඒ වගේම ඒ තරගය ජයග්‍රහණය කරන එක. ඒ වගේම ටොප් මොඩල් කෙනෙක් වෙන්නත් මගේ හීනයක් තියෙනවා. ඊට අමතරව රූපලාවණ්‍යා ශිල්පිනියක් විදිහට නමක් හදාගන්න මගේ අදහසක් තියෙනවා.

 

උදවු කරපු අය?

මගේ ජිවිතේ හැමදාම මට උදව් කළේ මගේ අම්මා. මම අද මෙතැන ඉන්න මගේ අම්මා නිසා. මම මගේ ජීවිතේ මුහුණ දුන් බාධක, දුක් වලින් මිදෙන්න මගේ අම්මා තමයි මට උදවු කළේ. මම මගේ ජීවිතේ ගොඩක් දුක් කරදරවලට මුහුණ දුන්න කෙනෙක්. නමුත්, මගේ ජීවිතේ වෙනස් මගකට යොමු කරලා මට නැවත ජීවිතයක් දුන්නේ මගේ අම්මායි. මගේ අම්මාට අමතරව මගේ නිරූපණ දිවිය ජයගන්න මට උදවු කළ හැම මිතුරු, මිතුරියක්ම වගේ මේ අවස්ථාවේදී මතක් කරනවා.

 

2016-10-24-ent-109
2016-10-24-ent-107
2016-10-24-ent-106



අදහස් (0)

'විවාහක විශ්ව රූ රැජින' තරගයට ඉදිරිපත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 236 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site