ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සඳහා ශ්‍රි ලංකා විවාහක රූ රැජින තේරිමේ අවසන් තරගය දා ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
එහිදී විවාහක රෑ රැජින ලෙස නර්මදා යාපා අබේවර්ධන, හිමාලි ගුණවර්ධන, ලක්මාල් මලුදුගම තෝරා ගනු ලැබුහ. 2015 ලෝක විවාහක රූ රැජින මරීනා ඇලෙක්ස්සිචික් ඔවුනට කිරුළු පැළැන්දුවාය. ඔවුන් තිදෙනා ලෝක විවාහක රූ රැජින තේරිමේ ආසියාවේ හා චීනයේ පැවැත්වෙන තරඟාවලි තුනකට යොමු කිරිම අරමුණ වේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඔවුනට සුබ පැතුහ.
නිරූපන ශිල්පිනියන් වන රොසෑන් ඩයස් සහ වාසනා දන්තනාරායන මේ උත්සවය සංවිධානය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තරඟයට 1952 වකවානුවේ ලංකාවේ තරඟකාරියක් ඉදිරිපත්වෙලා එයාට තැනක් ලැබුනා. (නි)
[තෙෂාන් හිතුවා වගේම ලිං මැඩියෝ ටිකක් කොමේන්ට්ස් දාලා තියනවා, කොහෙද කූඩෑල්ලා මෙට්ටේ තියන්න බැනේ.] ඔයා එතකොට මැඩියෙක්ද? කූඩෑල්ලෙක්ද? (බ)
ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ වගේ තරග පැවැත්වීමෙන් ලංකාවට ලොකු ජාත්‍යන්තර කීර්තියක් අත් වෙනවා කියලා. නමුත් විවාහක ගැහැණියකගේ ලස්සන නෙවෙයි ඇයගේ මාතෘත්වය තමයි අගය කරන්න ඕනේ. මෙකෙන් වෙන්නේ ලංකාවේ තව තවත් දික්කසාද ප්‍රතිශතය වැඩි වෙන එකයි. ඒ අතර අනියම් සබදතා වර්ධනය වීමයි පමණයි. බලන්න මෙහි ප්‍රතිවිපාක ඇත්තද බොරු කියලා හැමෝටම ටික කාලයක් යද්දී දැකගන්න පුලුවන් වේවි. (ර)
මෙයාලගේ මහත්වරුන්ට හරි ආඩම්බර ඇති නේද? (නි)
මම පදිංචි වී සිටින මෙරටේ විවිධ වර්ගයේ රූ රැජින තරඟ තිබෙනවා. එකක් තමා ආච්චිලා අතරින් රූ රැජින තේරීම. ඇත්තම කියනවා නම් සමහර ආච්චිලා ලමිස්සියන්ට වඩා පෙනුම තියෙනවා. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
හැට පැනපු අයටත් රූ රැජින තරඟයක් තිබ්බොත් කාටද ආඩම්බර. (රේ)
හොඳයි බලමුකෝ (නි)
තරඟකාරියන් කී දෙනෙක් ඉදිරිපත්වුණාද දන්නෙ නැහැ (නි)
මගේ සුබපැතුම් නර්මදා. මම ඔයාගේ රසිකාවියක්. (ර)
අනේ අප්පේ! මොනවා කියන්නද මන්දා? (නි)
හිතුවා වගේම ලිං මැඩියෝ ටිකක් කොමේන්ට්ස් දාලා තියනවා, කොහෙද කූඩෑල්ලා මෙට්ටේ තියන්න බැනේ. (ර)
මීට වැඩ ලස්සන අය ඉන්නවනේ...මේකප් නැතුව. (ම)
අනේ මෙහෙමත් නාඩගම්? දැන් දරුවන් බලාගන්නේ කවුද? (නි)
කිසිම කෙනක් නොගැළපෙන බවයි මට සිතෙන්නේ (නි)