(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහා පරිමාණ වැවිලි සමාගම් සතු භාවිතයට නොගන්නා ඉඩම් ( ඌන උපයෝජිත ඉඩම්) රජයට පවරා ගැනීම සඳහාවූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කර ඇතැයි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමටද සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පතිරණ මහතා මෙසේ පැවසුවේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මෙම රැස්වීම පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනිදා පැවැත්විණ.
COMMENTS
අරගෙන? ඉන්දියන් කාරයෙකුට හරි, චීනෙකුට හරි විකුණන්නද?
1970 ගණන්වල වතු රජයට පවරාගෙන කරපු හානිය අමතකයි වගේ...
වැවිලි ඇමති යටතේ ඇති ජනවසම, වැවිලි සංස්ථාව, ඇල්කඩුව වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම හා හලාවත වැවිලි සමාගම යන ආයතන සතු අක්කර 62000කට වැඩි ඌන උපයෝජිත ඉඩම් නැවත වගා කරන්නෙ නැතිව හා මුලින් සදහන් කල ආයතන තූනෙහි පවතින දැඩි අලාභයට විසදුම් තම වසර තුනක අමාත්‍ය ධූර කාලය තුල ලබා දීමට නොහැකි වී ඇති පසු බිමක මෙන්ම ඔබ යටතේ ඇති සියලුම ආයතනයන්හි අකාර්යක්ෂමතාව නොහැකි වී ඇති තත්වයක ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක් සතු ඌන උපයෝජිත ඉඩම් අක්කර 250000කට වැඩි ප්‍රමාණයක් ඔබ යටතට පවරා ගෙන මොනවා කරන්නද? මෙම ඉඩම් අක්කර ලක්ෂ හතරකට ආසන්න භුමි ප්‍රමාණය කෑවත් වගා කිරීමට අවශ්‍ය වන්නේ රුපියල් පමණි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන එකක ණයක් ලබාගෙන වැවිලි සමාගම් වෙත රූපියල් වලින් ණය ලබා දී නැවත වගාව කරවනේ නම් වසර තුනක සිට ඩොලර් බිලියන තුන බැගින් වාර්ශිකව විදේශ විනිමය උපයා ගත හැකි බව ඔබට හා වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට නොතේරීම ඔබ සියලු දෙනාට පඩි ගෙවන ජනතාවගේ අවාසනාවකි. ඒනිසා ගරු ඇමතිතුමා කටුපොල් වගාව තහනම් කළා වගේ ගැලරියට කථා නොකර නැවත වගාව සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී කිරීමට ඔබ ඇතුළු කණ්ඩායමට නුවණ පහළ වේවා.
ඒ කාලේ ජේ.ආර්. කළා වගේ කනාටු පොල් ඉඩම් අරන් හොඳම ඉඩම් දුන්නොත් නරකද?
Only for cultivation works are to be utilized but so-called village expansion.