වව්නියාව අලගල්ල, අලුත්ගම ප්‍රදේශයේ කැළෑවක තබී ආර්.පී.ජී උණ්ඩ දෙකක් අද (09) උදෑසන සොයාගත් බව වව්නියාව, ඊරට්ටපෙරියකුලම පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව මෙම උණ්ඩ සොයාගැනීමට හැකිව ඇති බව සඳහන්ය.
අලුත්ගම ගම්මානයේ වැසියන්ට අනුව ගම්මාන සීමාවේ පිහිටි මෙම කැළයේ ඊයේ (08) ගින්නක් හටගෙන ඇති අතර ඒ හාම විශාල පිපුරුම් ශබ්දයක් ඇසී ඇත.
ඒ සම්බන්ධයෙන් අද උදෑසන කළ සෝදිසියකදී පුපුරා ගොස් තිබූ ආර්.පී.ජී උණ්ඩයක් සොයාගැනීමට ගම්වැසියන්ට හැකිව තිබෙන අතර ඔවුන් වහාම පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කර තිබේ.පසුව පොලිසිය පැමිණ සිදුකළ පරීක්ෂාවේදී තවත් ආර්.පී.ජී උණ්ඩයක් සොයාගැනීමට හැකිව ඇත.
සොයාගත් ආර්.පී.ජී උණ්ඩය වවුනියාව මහේස්ත්‍රාත් අධිකණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ නිශ්ක්‍රීය කළ බව පොලිසිය පවසයි.
ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd