වවුනියාව,කුඩාකච්චිකොඩියේ නිදන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක හා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන දෙසැම්බර් 18 දක්වා යළි රිමාන්ඩ් කිරීමට වවුනියාව මහේස්ත‍්‍රාත් වි.රාමකමලන් මහතා අද(04) නියෝග කළේය.

නඩු විභාගය වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටීම හේතුවෙන් ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කළ විනිසුරු නඩුව කල් තැබීය.