IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වවුචරයට දිගටම විරුද්ධ බව ජවිපෙ කියයි

නිල ඇඳුම් වෙනුවට පාසල් සිසුන්ට වවුචර් දීම නවත්වන තුරු එයට විරුද්ධ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා කීවේය.

IMG_5217 IMG_5230 IMG_5238



අදහස් (0)

වවුචරයට දිගටම විරුද්ධ බව ජවිපෙ කියයි

ඒවීඑස් Wednesday, 09 December 2015 01:02 PM

බර කර ගහන,බර අදින, ගබඩා කරන, මුරකරන, ගුරුවරුනට සහනයක් ලැබෙනවට ඇයි ඔච්චර අකමැති. (අ)

:       0       0

ජෙරම් Thursday, 10 December 2015 04:34 AM

ලංකාවේ මිනිස්සු අලුත් දේවල් අත්හදා බලන්න බයේ . ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ? (බ)

:       0       0

තිස්ස Thursday, 10 December 2015 04:54 AM

මම ඇහුවා මේ ළඟකදී පහුගිය රජයේ බෙදපු සෑම නිල අඳුමකින්ම ඇමැතිවරයාට 20% ක් යනවා කියලා. එ්ක ඇත්තක්නම් කොච්චර පාඩුවක්ද? මේ ක්‍රමයෙන් ගසාගෙන කන්න බැරිනම් කමක් නෑ නේද? අනික කොහොම හරි රෙදි ලැබෙනවනේ (බ)

:       0       0

රමණී Wednesday, 09 December 2015 01:49 PM

ජවිපෙත් විරුද්ධ එකේ එහෙනම් වැඩේ අතහැරලා දාමුද? (නි)

:       0       0

දාබරේ Thursday, 10 December 2015 05:03 AM

විදුහල්පතිවරු හා ගුරුවරු දැන් තමන්ගේ ගැටළු දන්වන්නේ ලාල් කාන්තට පමණද? (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 04:59 AM

නොමිලේ ලැබෙන දේට ආවඩන්න හොද නැහැ.(ම)

:       0       0

ජයරත්න Wednesday, 09 December 2015 01:55 PM

තමුන්නාන්සෙලා එකතුවෙලා බොහොම අමාරුවෙන් ජරමර කරලා පහුගිය ආණ්ඩුව ගෙදර යැව්වා. ජනතාවට තිබුනු එකම විකල්පය හෑටියට වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පත්කර ගත්තා. දැන් ආයෙත් පාරක් එහෙන් මෙහෙන් කොන් අල්ලාගෙන අර 88/89 කාලෙ කළා වගේ කරන්නද හදන්නෙ? (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 09 December 2015 02:23 PM

කිසිවෙකුට ගැටළුවක් නොවුණු, දෙමවුපියන් අගයකළ, ගුරුවරුන් විරුද්ධ නොවුණු, රජයන් ගණනාවක් පවත්වාගන ගිය පාසල් නිල ඇදුම් බෙදාහැරීමේ වැඩපිළිවෙල හත්පොළේ ගාගත් තත්වයට පත් වී ඇත්තේ කාගේ වරදින්ද? (නි)

:       0       0

සමන්ති Wednesday, 09 December 2015 02:42 PM

වවුචර දීමෙන් ගුරුවරුන්ගේ රෙදි ගබඩා කිරීම, ප්‍රවාහනය, පාර්සල් සැදීම, නියමිත මිනුමට කැපීම වැනි වැඩ ගොඩක් දේ අඩුවෙනවා නේද? එකම ප්‍රශ්නය දේශපාලකයෙක් ලවා රෙදි දීමට නොහැකිවීම නොවේද? (නි)

:       0       0

ජැක්සන් Thursday, 10 December 2015 05:27 AM

තිස්ස ඔබට ඇහුන විදිය වැරදිය. පහුගිය රජයේ බෙදපු සෑම නිල අඳුමකින්ම ඇමැතිවරයාට යන මුදල 20% ක් නොවේ. එය හරියටම 58.54%කි. ගසාගෙන කෑ මුදල ඇමති රන්ජන් මේ දිනවල ගණං බලමින් සිටී. රට ගැන අවධානයෙන් සිටින ඔබ වැන්නන් රටට වාසනාවකි. (බ)

:       0       0

අසංග Thursday, 10 December 2015 05:54 AM

මෙයාලා හැමදේටම විරුද්ධ අයනේ.(ම)

:       0       0

විපුල Thursday, 10 December 2015 06:19 AM

මේ වවුචරේ ගන්න වරුවක් නිවාඩු දාලා පාසලට ගිහිල්ලා අත්සන ගහන්න වුණා. අවුරුද්දේ අන්තිම නිසා නිවාඩුත් නැහැ වවුචරේ ගාන සමානයි නෝ පේ ගාණට. ළමයාගෙන් බේරෙන්න බැරි නිසා ගියේ. (බ)

:       0       0

රුවන් Thursday, 10 December 2015 06:25 AM

දැන් ජනවාරි 8 වැනිදා සිට මේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා කෝටි ගණනක මුදල් ඉතුරු කරලා තියෙනවා. නමුත් අපි ලබන අවුරුද්දට දුම් පරීක්ෂාව වැඩි මිලක් ගෙවන්න ඕනේ. ඒවගේම ආයුර්වේද සංස්ථාවේ සියලුම බෙහෙත් ගණන් වල මිල වැඩිවෙලා.සියලුම හාල් එළවලු මිල වැඩි වෙලා . ආණ්ඩුව ඉතුරු කළ මුදල ජනතාව අතරට යන්නේ නැහැ. හරියට මහින්ද මහත්තය කළ සංවර්ධන වැඩ වල අදායම ජනතාව අතරට ගියේ නැහැ වගේ. (බ)

:       0       0

මාලා Thursday, 10 December 2015 06:47 AM

කලින් ආණ්ඩුවල ඇදුම් පොහොර එලෙසින්ම දුන්නා. දැන් නිල ඇදුමට වවුචර් පොහොර වලට සල්ලි. ජනතාව ඇයි මෙලෙස කඩේ යවන්නේ. යහපාලනය කියන්නේ නොමිලේ දීපු ඇඳුමට සපත්තු දෙකකක් දීම. නොමිලේ පොහොර සමග වල් නාශක දීම. ජනතාව බලපොරොත්තුවුනේ එයයි (බ)

:       0       0

පෙරේරා Wednesday, 09 December 2015 06:50 PM

වවුචර ක්‍රමය හොඳයි. වෙනස් කළයුත්තේ ඔය වවුචරය ළමයාගේ ගෙදරට තැපැල් කරන එක. මොකද ළමයින්ගේ තොරතුරු විදුහල්පති ළඟ තිබෙන නිසා ඒ තොරතුරු කලාප කාර්යාලයට කොහොමත් යවන්න ඕනෑ පරණ ක්‍රමයට රෙදි ගන්න. කලාප කාර්යාල වලට තාවකාලික හතර පස් දෙනෙක් අරගෙන ඔය ලිපින ටික ලියලා අනිත් අයට වැඩිපුර අතිකාල ටිකක් ගෙව්වා නම් හැමෝම සතුටුයි. මේකටත් කරන්න තිබුණේ පොඩි දීමනාවක් විදුහල්පතිවරුන්ට ගෙවන්න. එහෙනම් මේ ප්‍රශ්නය එන්නේ නැහැ. (නි)

:       0       0

උදය Thursday, 10 December 2015 07:12 AM

හැමදේටම විරුද්ධ වෙනවා හැර යමක් නිවැරදි කරගන්න ජවිපෙ ප්‍රායෝගිකව දායකවෙලා තියෙනවද කවදාහරි? මමත් හිතන්නෙත් මේකම තමයි. අනෙක නොමිලේ ඇදුම් දීම ආරම්භ කරේ ජවිපෙ ද? (ර)

:       0       0

හිරු Thursday, 10 December 2015 07:57 AM

පාසල් ගිහින් නිල අැඳුම් වව්චරේ ගන්න ඕන 1 වසර සිට 5 වසර දක්වා දරුවන්ගෙ දෙමාපියන්ට විතරයි. කොහොමත් පන්ති කවය ප්‍රගති වාර්තා දෙන දවසට දෙමව්පියන් පාසලට යන්න ඕන. එදාට වව්චරේ නිකුත් කළා නම් එ් ප්‍රශ්නෙ විසඳෙනවා. (බ)

:       0       0

පින්හාමි Thursday, 10 December 2015 12:09 AM

ජේවීපී එකෙන් විනාශකළ පොදු දේපල, ට්‍රාන්ස්පෝර්මර් බස් නවතුම්පොළ ,විනාශකළ ජීවිත ,විජය කුමාරතුංග ප්‍රේමකීර්ති වැනි අය වෙනුවෙන් ජීවීපී එකෙන් වන්දි ලබා ගැනීමට ක්‍රමයක් සෑදීය යුතුයි. ඉතිරිව ඉන්න එවුන්ගෙන් අගතියට පත් පවුල්වලට මොවුන්ගේ දේපල රාජසන්තක කර වන්දි ගෙවිය යුතුයි. අගතියට පත් මිනිසුන්ට මෙපමණ කාලයක් ගතවීත් වන්දියයක් වත් ගෙවා නැහැ. අඩු ගානේ මෙම මිනීමරුවන්ගෙන් සමාව අයදීමක්වත් නැහැ. මොවුන් හැමදේට විරුද්ධ වෙනවා විතරයි. මොවුන්ට නඩු පවරන්නේ නැත්තේ අැයි? (ස)

:       0       0

හිරු Thursday, 10 December 2015 08:09 AM

අපේ ගෙදරත් ලමයි දෙන්නෙක් මේ වව්චරේ ගත්තා. කිසිම ගැටළුවක් අාවේ නෑ. එ් කියන්නෙ මේක අනික් පාසල් වලත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දුර්වලතා නැතිකරගත්තොත්. (ර)

:       0       0

දුමින්ද Thursday, 10 December 2015 03:39 AM

වෙනසේ සැප කොහොමද (ම)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 09 December 2015 12:51 PM

මට නම් හිතෙන්නේ මේ වවුචර දීමේ ක්‍රමය කලින් තිබුන රෙදි දීමට වඩා හුඟක් හොඳ එකක් කියලයි. නිකම් විරුද්ධවීමෙන් කාටත් වැඩක් වෙන්නේ නැහැනේ. ජවිපෙට තියෙන්නේ මේ ක්‍රමයේ තිබෙන අඩුපාඩු පෙන්වාදීම සහ අඩුපාඩු අවම කරගැනීමට යෝජනා ඉදිරිපත් කිරීම නේද? හැමදේටම විරුද්ධ වෙනවා හැර යමක් නිවැරදි කරගන්න ජවිපෙ ප්‍රායෝගිකව දායකවෙලා තියෙනවද කවදාහරි? (නි)

:       0       0

කපුගේ Thursday, 10 December 2015 04:07 AM

ජවිපෙ විරුද්ධ නැත්තේ මොනවටද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site