නිල ඇඳුම් වෙනුවට පාසල් සිසුන්ට වවුචර් දීම නවත්වන තුරු එයට විරුද්ධ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා කීවේය.
නිල ඇඳුම් වෙනුවට පාසල් සිසුන්ට වවුචර් දීම නවත්වන තුරු එයට විරුද්ධ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර කර ගහන,බර අදින, ගබඩා කරන, මුරකරන, ගුරුවරුනට සහනයක් ලැබෙනවට ඇයි ඔච්චර අකමැති. (අ)
ලංකාවේ මිනිස්සු අලුත් දේවල් අත්හදා බලන්න බයේ . ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ? (බ)
මම ඇහුවා මේ ළඟකදී පහුගිය රජයේ බෙදපු සෑම නිල අඳුමකින්ම ඇමැතිවරයාට 20% ක් යනවා කියලා. එ්ක ඇත්තක්නම් කොච්චර පාඩුවක්ද? මේ ක්‍රමයෙන් ගසාගෙන කන්න බැරිනම් කමක් නෑ නේද? අනික කොහොම හරි රෙදි ලැබෙනවනේ (බ)
ජවිපෙත් විරුද්ධ එකේ එහෙනම් වැඩේ අතහැරලා දාමුද? (නි)
විදුහල්පතිවරු හා ගුරුවරු දැන් තමන්ගේ ගැටළු දන්වන්නේ ලාල් කාන්තට පමණද? (ම)
නොමිලේ ලැබෙන දේට ආවඩන්න හොද නැහැ.(ම)
තමුන්නාන්සෙලා එකතුවෙලා බොහොම අමාරුවෙන් ජරමර කරලා පහුගිය ආණ්ඩුව ගෙදර යැව්වා. ජනතාවට තිබුනු එකම විකල්පය හෑටියට වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පත්කර ගත්තා. දැන් ආයෙත් පාරක් එහෙන් මෙහෙන් කොන් අල්ලාගෙන අර 88/89 කාලෙ කළා වගේ කරන්නද හදන්නෙ? (නි)
කිසිවෙකුට ගැටළුවක් නොවුණු, දෙමවුපියන් අගයකළ, ගුරුවරුන් විරුද්ධ නොවුණු, රජයන් ගණනාවක් පවත්වාගන ගිය පාසල් නිල ඇදුම් බෙදාහැරීමේ වැඩපිළිවෙල හත්පොළේ ගාගත් තත්වයට පත් වී ඇත්තේ කාගේ වරදින්ද? (නි)
වවුචර දීමෙන් ගුරුවරුන්ගේ රෙදි ගබඩා කිරීම, ප්‍රවාහනය, පාර්සල් සැදීම, නියමිත මිනුමට කැපීම වැනි වැඩ ගොඩක් දේ අඩුවෙනවා නේද? එකම ප්‍රශ්නය දේශපාලකයෙක් ලවා රෙදි දීමට නොහැකිවීම නොවේද? (නි)
තිස්ස ඔබට ඇහුන විදිය වැරදිය. පහුගිය රජයේ බෙදපු සෑම නිල අඳුමකින්ම ඇමැතිවරයාට යන මුදල 20% ක් නොවේ. එය හරියටම 58.54%කි. ගසාගෙන කෑ මුදල ඇමති රන්ජන් මේ දිනවල ගණං බලමින් සිටී. රට ගැන අවධානයෙන් සිටින ඔබ වැන්නන් රටට වාසනාවකි. (බ)
මෙයාලා හැමදේටම විරුද්ධ අයනේ.(ම)
මේ වවුචරේ ගන්න වරුවක් නිවාඩු දාලා පාසලට ගිහිල්ලා අත්සන ගහන්න වුණා. අවුරුද්දේ අන්තිම නිසා නිවාඩුත් නැහැ වවුචරේ ගාන සමානයි නෝ පේ ගාණට. ළමයාගෙන් බේරෙන්න බැරි නිසා ගියේ. (බ)
දැන් ජනවාරි 8 වැනිදා සිට මේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා කෝටි ගණනක මුදල් ඉතුරු කරලා තියෙනවා. නමුත් අපි ලබන අවුරුද්දට දුම් පරීක්ෂාව වැඩි මිලක් ගෙවන්න ඕනේ. ඒවගේම ආයුර්වේද සංස්ථාවේ සියලුම බෙහෙත් ගණන් වල මිල වැඩිවෙලා.සියලුම හාල් එළවලු මිල වැඩි වෙලා . ආණ්ඩුව ඉතුරු කළ මුදල ජනතාව අතරට යන්නේ නැහැ. හරියට මහින්ද මහත්තය කළ සංවර්ධන වැඩ වල අදායම ජනතාව අතරට ගියේ නැහැ වගේ. (බ)
කලින් ආණ්ඩුවල ඇදුම් පොහොර එලෙසින්ම දුන්නා. දැන් නිල ඇදුමට වවුචර් පොහොර වලට සල්ලි. ජනතාව ඇයි මෙලෙස කඩේ යවන්නේ. යහපාලනය කියන්නේ නොමිලේ දීපු ඇඳුමට සපත්තු දෙකකක් දීම. නොමිලේ පොහොර සමග වල් නාශක දීම. ජනතාව බලපොරොත්තුවුනේ එයයි (බ)
වවුචර ක්‍රමය හොඳයි. වෙනස් කළයුත්තේ ඔය වවුචරය ළමයාගේ ගෙදරට තැපැල් කරන එක. මොකද ළමයින්ගේ තොරතුරු විදුහල්පති ළඟ තිබෙන නිසා ඒ තොරතුරු කලාප කාර්යාලයට කොහොමත් යවන්න ඕනෑ පරණ ක්‍රමයට රෙදි ගන්න. කලාප කාර්යාල වලට තාවකාලික හතර පස් දෙනෙක් අරගෙන ඔය ලිපින ටික ලියලා අනිත් අයට වැඩිපුර අතිකාල ටිකක් ගෙව්වා නම් හැමෝම සතුටුයි. මේකටත් කරන්න තිබුණේ පොඩි දීමනාවක් විදුහල්පතිවරුන්ට ගෙවන්න. එහෙනම් මේ ප්‍රශ්නය එන්නේ නැහැ. (නි)
හැමදේටම විරුද්ධ වෙනවා හැර යමක් නිවැරදි කරගන්න ජවිපෙ ප්‍රායෝගිකව දායකවෙලා තියෙනවද කවදාහරි? මමත් හිතන්නෙත් මේකම තමයි. අනෙක නොමිලේ ඇදුම් දීම ආරම්භ කරේ ජවිපෙ ද? (ර)
පාසල් ගිහින් නිල අැඳුම් වව්චරේ ගන්න ඕන 1 වසර සිට 5 වසර දක්වා දරුවන්ගෙ දෙමාපියන්ට විතරයි. කොහොමත් පන්ති කවය ප්‍රගති වාර්තා දෙන දවසට දෙමව්පියන් පාසලට යන්න ඕන. එදාට වව්චරේ නිකුත් කළා නම් එ් ප්‍රශ්නෙ විසඳෙනවා. (බ)
ජේවීපී එකෙන් විනාශකළ පොදු දේපල, ට්‍රාන්ස්පෝර්මර් බස් නවතුම්පොළ ,විනාශකළ ජීවිත ,විජය කුමාරතුංග ප්‍රේමකීර්ති වැනි අය වෙනුවෙන් ජීවීපී එකෙන් වන්දි ලබා ගැනීමට ක්‍රමයක් සෑදීය යුතුයි. ඉතිරිව ඉන්න එවුන්ගෙන් අගතියට පත් පවුල්වලට මොවුන්ගේ දේපල රාජසන්තක කර වන්දි ගෙවිය යුතුයි. අගතියට පත් මිනිසුන්ට මෙපමණ කාලයක් ගතවීත් වන්දියයක් වත් ගෙවා නැහැ. අඩු ගානේ මෙම මිනීමරුවන්ගෙන් සමාව අයදීමක්වත් නැහැ. මොවුන් හැමදේට විරුද්ධ වෙනවා විතරයි. මොවුන්ට නඩු පවරන්නේ නැත්තේ අැයි? (ස)
අපේ ගෙදරත් ලමයි දෙන්නෙක් මේ වව්චරේ ගත්තා. කිසිම ගැටළුවක් අාවේ නෑ. එ් කියන්නෙ මේක අනික් පාසල් වලත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දුර්වලතා නැතිකරගත්තොත්. (ර)
වෙනසේ සැප කොහොමද (ම)
මට නම් හිතෙන්නේ මේ වවුචර දීමේ ක්‍රමය කලින් තිබුන රෙදි දීමට වඩා හුඟක් හොඳ එකක් කියලයි. නිකම් විරුද්ධවීමෙන් කාටත් වැඩක් වෙන්නේ නැහැනේ. ජවිපෙට තියෙන්නේ මේ ක්‍රමයේ තිබෙන අඩුපාඩු පෙන්වාදීම සහ අඩුපාඩු අවම කරගැනීමට යෝජනා ඉදිරිපත් කිරීම නේද? හැමදේටම විරුද්ධ වෙනවා හැර යමක් නිවැරදි කරගන්න ජවිපෙ ප්‍රායෝගිකව දායකවෙලා තියෙනවද කවදාහරි? (නි)
ජවිපෙ විරුද්ධ නැත්තේ මොනවටද? (බ)