අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ළමයින්ට නිල ඇඳුම් රෙදි වෙනුවට හදිසියේ වවුචර ලබා දීමේ තීරණයකට එළඹ ඇත්තේ දෙසැම්බර 04 වැනි දාට පෙර රෙදි ලබා දීමේ වැඩපිළිවෙළ හරි හැටි කර ගැනීමට නොහැකි වීම නිසා යැයි ලංකා ගුරු සංගමය කියයි.
එම ගුරු සංගමය මෙසේ ද කියයි.
‘‘ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනය තුළ පෙළ පොත් හා නිළ ඇඳුම් රෙදි නොමිලේ ලබාදීම ඉදිරිගාමී පියවරක් විය. 1993 සිට කි‍්‍රයාත්මක නොමිලේ නිළ ඇඳුම් රෙදි ලබාදීම මිලියන 4.2 ක් පමණ සිසුන් සඳහා රුපියල් මිලියන 2300 ක වියදමින් සිදුවෙමින් තිබේ. මෙසේ තිබියදී වර්තමාන රජය නිළ ඇඳුම් රෙදි ලබාදීම වෙනුවට ඒ සඳහා වවුචරයක් ලබාදෙන බව සඳහන් කර ඇත. එවැනි තීරණයකට ඔවුන් එළඹී ඇත්තේ ප‍්‍රමිතයෙන් බාල රෙදි ලබාදීම හා ටෙන්ඩර් මගඩි හරහා අති විශාල මුදල් අවභාවිතාවක් සිදුවීම පදනම් කරගෙන යයි ද සඳහන් කෙරේ.
එවැනි තත්වයක් පවතින්නේ නම් කළ යුත්තේ රජය මැදිහත් වී උසස් ප‍්‍රමිතියන් යුත් රෙදි ලබාදීම පිළිබඳ සොයා බැලීමක් හා දූෂණ තුරන් කරන ක‍්‍රමවේදයක් ටෙන්ඩර් පටිපාටියට ඇතුළත් කිරීමයි. එසේ ම අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරන පරිදි සිදුවී ඇති දූෂණ පිළිබඳ පරීක්ෂා කොට අදාළ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් නොකරන්නේ මන්ද යන්න ද බරපතල ගැටළුවකි.
නව තීරණය බැලූ බැල්මට පළදායී නොවන අක‍්‍රමවත්, සිසුන් හා දෙමාපියන් පීඩාවට පත් කරන, රජයේ මුදල් තවදුරටත් අපතේ යන කි‍්‍රයාමාර්ගයකි. වර්තමානයේ ලක්ෂ 42 ක් පමණ දරුවන් සඳහා රෙදි සැපයීමේදී රජය රෙදි ලබා ගන්නේ ඍජුවම සැපයුම්කරුවාගෙනි. ඇසුරුම් ගාස්තු ලෙස වැය කර ඇත්තේ රු.8.50 කි. වවුචර් ක‍්‍රමය තුළ රෙදි මිළ නියම වන්නේ සිල්ලර මිළ අනුවය. සිල්ලර මිළට ඇසුරුම් සහා ප‍්‍රවාහන ගාස්තු පමණක් නොව තොග වෙළෙන්දාගේ සහ සිල්ලර වෙළෙන්දාගේ ලාභයද ඇතුළත්ය. අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරන පරිදි ඇසුරුම් සහ ප‍්‍රවාහන ගාස්තු වෙනුවෙන් රුපියල් මිලියන 800 ක් තමන් ඉතිරි කරන බව ප‍්‍රකාශ කිරීම හුදෙක් පළ රහිත ප‍්‍රකාශයකි. එසේම වවුචර් ක‍්‍රමයක් තුළ, රෙදි ලබාගන්නා ආයතනය පිළිබඳ විධිමත් තක්සේරුවක් නොමැති කමින් රෙදිවල ප‍්‍රමිතිය පිළිබඳ බරපතල ගැටළුවක් ඇතිවේ. පවතින ක‍්‍රමය තුළ කොළඹ, අනුරාධපුරය, යාපනය, මොණරාගල ආදී සෑම ප‍්‍රදේශයකටම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා උසස් ප‍්‍රමිතයෙන් යුත් නිළ ඇඳුම් රෙද්දක් ලබුනද, නව වවුචර් ක‍්‍රමය තුළ එම ප‍්‍රදේශවල වෙළඳසැල් හරහා සමාන ප‍්‍රමිතියෙන් යුත් රෙදි නොලැබෙන බව ස්ථිරය.
අධ්‍යාපන ඇමතිවරයා මෙම වවුචර් ක‍්‍රමය තුළ නිළ ඇඳුම් මසා ගැනීමට ද මුදල් ලැබෙන බව කියා තිබුණ ද මතුවන ගැටළුව වන්නේ වවුචර්යකින් රෙදි මිළ දී ගැනීමත්, මසා ගැනීමත් එකවර කළ හැකි ද යන්නයි. එසේ නම් රෙදි මිල දී ගත යුත්තේ ටේලර් සාප්පුවකිනි. රජය ලබාදෙන්නේ නිළ ඇඳුම් රෙදි මිස නිමි ඇඳුම් නොවේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිළ ඇඳුම් රෙදි ලබා දීමේ ගැටළු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කළේ නම්, 2016 වසර සඳහා නිළ ඇඳුම් රෙදි ලබාදීමට 2015.05.25 දින ටෙන්ඩර් කැඳවූයේ ඇයි ද යන්න ගැටළුවකි. එසේම 2015.11.03 දින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික කළමනාකරණයට අදාළ කැබිනට් අනු කමිටුව පාර්ලිමේන්තුවේ කමිටු කාමර 3 හි නිළ ඇඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ද කර ඇත. එසේ තිබියදී මෙම හදිසි තීරණය ගන්නේ එවැනි සාකච්ඡාවලින් හෝ නිළ ඇඳුම් රෙදි ලබාදීමේ ප‍්‍රමාදය වළක්වා ගත නොහැකි වීම තුළය.
නිළ ඇඳුම් 2016 ජනවාරි මස පාසල් ආරම්භයේ දී ඇදීමට නම් එය 2015 අවසාන වාර නිවාඩුවට පෙර ලබාදිය යුතුය. ඒ සඳහා වන නොහැකියාව වසා ගැනීමට වවුචර් ක‍්‍රමයක් හදිසියේ කඩාපාත් කර සිසුන්ගේ හිමිකම් අහිමි කිරීම නතර කරන ලෙසත්, විධිමත්ව නිළ ඇඳුම් රෙදි කට්ටලයක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිසුන්ට ලබාදීම වෙනුවට දෙමව්පියන් හා සිසුන් වෙළඳසැල්වල පෝලිම් ගස්වා රෙදි ලබාගැනීමට සැලැස්වීම නතර කරන ලෙසත්, වහාම උසස් ප‍්‍රමිතියෙන් යුත් නිළ ඇඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අම්මා මුත්තාගේ කාලේවත් වුණ දේවල්ද මේවා? (නි)
මෙය පරණ ක්‍රමයට කලොත් හොඳයි යැයි මාගේ හැගීම. (ර)
මුදල් දීමෙන් වලකින්න මොකද ඇතැම් බේබදු තාත්තලා මේ මුදලුත් ළමයින්ට නැති කරයි. (ර)
ලක්මාල්, සුසා සුමේධ කියන දේ හරි. මිලියන 2300 ක් කියන්නේ ලොකු මුදලක්. අපි බදු ගෙවපු සල්ලි දෙන්න ඕන අයට විතරක් දෙන්න. ඉවක් බවක් නැතුව ඔක්කොටම දෙන්නේ නැතුව. (ර)
ගැටළු මඟ හරවා ගැනීමට මනා කළමනාකරණයක් සහිතව නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරන්න. මුදල් දීම නිශ්පල මෙන්ම තවත් ගැටළු රැසකට මුල පිරීමකි (ම).
හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ලබාවිද.? (ර)
සුමේධ, ඔයාගේ පසු අදහස සමඟ මා ද එකඟයි. නමුත් මහේෂ් ඔබ කියන විදියට කරන වැඩේ සාර්ථකබවක් ප්‍රායෝගිකව පෙනෙන්නේ නැහැ. නමුත් අපි සියල්ලන්ම නිදහස් අධ්‍යාපනයෙන් උගත් අය. ඒ නිසා ඒ අධ්‍යාපනය විනාශ කරන කිසිදෙයකට එකඟ නොවෙන එකයි කළයුත්තේ (නි)
බොහෝ දෙනාගේ ප්‍රතිචාර අනුව මට පෙනෙන්නේ අපේ ළමයින්ට මෙවර ආණ්ඩුවෙන් වෙලාවට රෙදි ගෙනෙන්න බැරිවුණ නිසා මුදල් දෙනවාට විරුද්ධව කට්ටිය කතාකරන බවයි. මෙහෙමද දුප්පත් අපිට සළකන්නේ? (නි)
වවුචර් දෙන්න වෙලාවට බැරි බව දැන ගෙනත් ඇයි ළමයිගෙන් පලි ගන්න ද හදන්නේ (ම)
සුමේධ එව්වට තම කස්ටිය උඩ පැනල චන්දෙ දුන්නේ (රේ)
දැන් එහෙමවත් කියමු.(හේ)
මම හිතුවේ යහපාලනයෙන් තිබුණාට වඩා වැඩි යමක් දෙයි කියලයි (නි)
මේක මේ සිල්රේදී බෙදනවා වගේ එකක් නෙවේ. සම පාසලකටම එක පිළිවෙලකට කල යුතුයි. මගේ හැඟීමනම් මේ සදහා වෙනම ආයතනයක් පිහිටවිය යුතුයි. නැතිනම් පාසලෙන් ලබාදෙන නීතියානුකුල ලිපියක් මගෙන් තහවුරු කල පසු සතොස හෝ සමුපකාරය මගින් මේ රෙදි ළමයින්ට ලබා දිය හැකියි. එවිට කිසිදු මුදල් ගනදෙනුවක් හෝ පුද්ගලික ආයතන මැදිහත් වීමෙන් ඇතිවන වංචාවල් නතර කල හැකියි. මොකද රටේ හැම නගරයකම දැන් මේ ආයතන දෙකම පවත්වාගන යන නිසා. මසා නිම කල ඇදුම් ලබා දීම කල නොහැකියි. (ස)
අධ්‍යාපන ඇමති පත්වෙලා දින 300 යටත් අද දින 100 යයි , යහපාලන යයි එකට අවම අපි හිතුවේ ළමුන්ට අභ්‍යාස පොත් ටිකක් වත් දෙයි කියල. දින 100 යෙන් රට හදනව කියපු ජන නායකයන්ට රෙදි ගෙන්වලා කපල පැකට් කර බෙදා ගන්න බැරි න අපි කොහොමද ඵලදායි සංවර්ධනයක් ගැන හිතන්නේ . අපි දරුණු ලෙස පාඩු ලබපු අවධියේත් ළමුන්ට රෙදි ලබාදුන්නා. අපි නව වසරට ගියත් තවම රට 2014 රේදී නැවතී ඇත. (අ)
මෙය හොද ක්‍රමයක් කියලා කවුරැවත් කියලා නැ ඒත් මම අකිලගේ නව ක්‍රමය හොද බව කියනවා. (ර)
මෙම ක්‍රමය තුලින් වංචාවට අත වැනීමක් වෙන්නේ නිත්‍යානුකුල පිළිගත් ක්‍රමවේදයකට නොගියොත්. (අ)
බොරු වැඩක්.(හේ)
මේවද යහපාලනය?(හේ)
මම කියනේ අපේ මැති අමතිලට දෙන පැන්ෂන් එක කැපුවොත් නම් ලොකු ගානක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි එකෙන් මේ රටේ අපතේ යන ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. (ර)
ලක්මාල්, සුසා, මගේ අදහස වැරදියට තේරුම් ගැනීම ගැන කණගාටුයි. නිදහස් අධ්‍යාපනය අපේ රටට ආයෝජනයක් උන එකට වඩා සිදුවුණේ වැය ශීර්ෂයක් වෙච්ච එකයි. මගේ අදහසෙහි යටි අරුත අධ්‍යාපනය උදෙසා කරන වියදම රටේ සංවර්ධනයේ කැඩපතක් විය යුතු බවයි. මට ඒක මහින්ද කලත් එකයි. යහපාලනෙන් කළත් එකයි. මෙතනට දේශපාලනය අදාල නෑ. (ර)
මහේශ්, ඔයා වගේ දෙන්නෙක් තුන්දෙනෙක් දෙන රෙදි විනාශ කළාට ලංකාවේ බොහෝ දෙනෙක් එහෙම කරන්නෙ නෑ. ගොඩක් දෙමාපියන්ට (සැලකියයුතු රැකියාවක් කරන්නන් පවා) මේක ඉමහත් අස්වැසිල්ලක්. මොකද වසර අවසානයේ එන වියදම් වලින් මේක හරි ඉවත් වෙනවනේ. ඒ වගේම මොන ළමයාද කැමති අලුත් වාරයේ පරණ ඇඳුම් අදින්න? (අවශ්‍ය අයට විතරක් දෙන්න ගියොත් තමන්ගේ තත්වය පෙන්නන්න සමහරුන් එපා කියාවි, ළමයි දුක් විඳීවි.) ඒවගේම අකිලගෙ යෝජනාව ක්‍රියාත්මක කළොත් බේබදු තාත්තලා වවුචර සල්ලි කරල බොන්න යාවි, නැත්තං ඒ වටිනාකමට අම්මල ගෙදර බඩු ගෙනේවි. (රෙදි දුන්නාම ඒ රෙදි සාප්පුවෙන් ගන්නෙ නෑ, මොකද ඒ රෙදි කපල තියෙන්නෙ, ඒවගේම හැමෝම ගාව තියෙනවනෙ) (බ)
වෙලාවට බෙදා ගන්න බැරි නම් කට්ටියම දරන තනතුරු වෙන කාට හරි දුන්නා නම් හරි. (ර)
නොමිලේ දෙන දේවල් සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුය. නොමිලේ දෙන මේ රෙදි බොහෝවිට අපතේ යයි. එබැවින් අවශ්‍ය අයට පමණක් ලබා දෙන්න. වැඩි වැඩියෙන් ඔහුනට ලබා දෙන්න. නාස්තිය අවම කරන්න. මාද පාසල් යන අවදියේ ලැබුන රෙදි සියල්ල භාවිතයට ගත්තේ නැත. (ර)
ඉතින් ඒක කාගේ වරදක්ද..? පරිපාලනයේ අකාර්යක්ෂමතාවය කියන්නේ ඕකයි. කල යුත්තේ කුමක්ද, මොනවාද, කොහොමද, කවදාද, කීයටද, කාටද, කොහොමද, කියන මුලික කරුණු ටික නිසිලෙස අධ්‍යයනයකොට නියම වෙලාවට ක්‍රියාත්මක කරන්න බැරි අය කුමටද.? (ර)
අධ්‍යාපන ඇමතිතුමනි, සියල්ල නිකං ලබාගැනීමේ මානසිකත්වයට මිනිස්සු හුරුවෙලා ඉන්නෙ. මිනිස්සු කැමති නෑ ඔය රට දියුණු කරනවා, ජාතික ධනය ඉතුරු කරනවා වාගේ වැඩ වලට. ඒ නිසා සාමාන්‍ය විදිහට රෙදි කෑල්ල දෙන්න. පුළුවන්නං මහලත් දෙන්න. එතකොටයි මිනිස්සු කැමති. (ර)
තවත් පෝලිම් ක්‍රමයක් වගේ. (බ)
සුමේධ, ඔයා පාසල් ගිය කෙනෙක්ද? දේශපාලුවන්ට කඩේ යන ඔහෙලා වගේ අය ඉන්නකන් රටක් හැදෙන්නේ නැ. (ර)
දැන් ජාතික ධනය ඉතිරි වෙන්නේ දුප්පත් ළමයින්ට දෙන රෙද්දෙන්ද සුමේධ. නාස්තිය පිටුදකින්න ඕනි එකට මුලින්ම රටේ දේශපාලන අධිකාරිය ආදර්ශය දෙන්න ඕනි. එහෙම නොකර දුප්පතුන්ට දෙන ඒවා කපලා බැහැ. (ර)
මෙහිදී මතුවන ගෑටලු කිහිපයකි. ලබන වසරේදී රෙදි මිල ඉහල ගියහොත් ලබා දෙන වව්චරයේ වටිනාකමත් වෑඩිවේද. වව්චරය දී රෙදි ලබා ගත් විට වෙලද සෑලෙන් ඉතිරි මුදල් ලබා ගන්නේ කෙසේද. බොහෝ විට එවෑනි අවස්ථා වල සිදුවන්නේ ඒ සදහා වෙනත් භාන්ඩ ලබා දීමයි. තවද ඈතෑම් ප්‍රදේශ වල නියමිත ප්‍රමිතියෙන් යුත් රෙදි සොයාගෑනීමද ගෑටලුවක් විය හෑක. (ර)
වෙලාවට දෙන්ට බැරිකමට හේතුව අකාර්යක්ෂම පරිපාලනයයි. කම්මැලි අය එළවා දාලා දේශපාලන හිතවත්කම් වලින් තොරව සුදුසු පුද්ගලයින් එම ක්‍රියාවන් වලට යෙදුවොත් වැඩ හොඳට කරන්න පුළුවන්. (නි)
සමුර්ධිය,ජනසවිය වගේ දුප්පත් දරුවන්ට පමණක් නිල ඇදුම් දෙකකට දෙනවනම් ලොකු සහනයක්.ග්‍රාමසේවක හෝ ප්‍රදේශිය සභාව තුලින් පිළිවෙලක් කල යුතයි,මොකද සමහර පාසල් ළමුන් අතරත් අපහස ,සමච්චල්කිරීම් අපිට අහන්න දකින්න ලැබෙනවා(රේ)
ඉස්සර හොර හොර කිවුවට වැඩක්වත් වුනා. දැන් යහපාලන බෝර්ඩ් එල්ලගෙන දහ අතේ හොරා කනවා විතරයි, කිසිම වැඩක් වෙන බවක්නම් පෙන්නේ නෑ. (රේ)
වෙලාවට බෙදාගන්න නොහැකිවීමේ වරද කාගේද? (නි)