පාසල් සිසුන්ට නිල ඇදුම් සඳහා රෙදි ලබාදීම වෙනුවට ඒ වෙනුවෙන් වවුචර ලබාදීම නිසා මින් පෙර නිල ඇදුම් ලබාදීමේදී පැවති ඒකාධිකාරය නැවතී ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරිකයින්ටත් වාසි සැලසෙනවා සේම දරුවන්ට ඉතා හොඳ රෙදි ලබාගැනීමේ අවස්ථාවක් උදා වී ඇතැයි එක්සත් අධ්‍යාපන සේවක සංගමය පවසයි.
වවුචර් ලබාදීම ඉතා විනිවිදභාවයකින් යුතුව සිදු වූ බවත්, මාස 10ක් පමණ කෙටි කාලයක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ නිසා අඩු පාඩු සිදුවීම ස්වභාවික බවත් ලබන වසරේ දී එම සියලූ ගැටළු මගහරවා ගත හැකි බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.
පසුගිය රජය සමයේ පාසල් නිල ඇදුම් බෙදාදීමේ දී විවිධ ගැටළු පැවති බව කී පත්බේරිය මහතා ඒවා ගැන කතා නොකළ අය දැන් කෑගසන්නේ මෙම වැඩපිළිවෙල නිසා අනිසි ලෙස ආදායම් ඉපයූවන්ගේ අවශ්‍යතාවයටදැයි සැක මතුවන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතා අසාර්ථක ක්‍රමයක් , පාසල් දරුවන්ට නිල ඇදුම් දීමේ අරමුණ විය යුත්තේ ප්‍රාදේශීය වෙළදුන්ගේ වෙළදාම් වැඩිකිරීම නොවේ. ගුණාත්මක නිල ඇදුම් දරුවන්ට නියම මිලට ලබාදීම. රජය නිල ඇදුම් තොග වශයෙන් ටෙන්ඩර පටිපාටියට මිලදී ගන්නවානම් රටට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිවෙනවා. (ම)
වවුචර වල දුක තේරෙන්නේ දෙමව්පියන්ට. ගුරුවරුන්ගේ ඉගැන්වීමට තිාබන වේලාවෙන් මේකට වෙලාව වැයකළාම ළමයින්ට තමයි බර. දුෂණයක් තිබුනා නම් එය හරිගස්සන එක තමයි දක්ෂකම (නි)
සමහරවිට මෙය ඉතා සාර්ථක වෙන්නත් පුලුවන් (නි)
අනේ ඉතින් මගේ කට .................... (ම)
මේක අසාර්ථක ක්‍රමයක්. මෙය පාසැල් නිල ඇඳුම නැති කිරීමේ පළමු පියවර. අඩු මිලට ඉතා ගුණාත්මක ඉහළ මට්ටමේ රෙදි ගන්න පුළුවන් කොහෙද කියන්න අකිල මහත්තයෝ...(ම)
ඔක්කෝටම වඩා ප්‍රශ්නෙ විදුහල්පතිගේ අත රිදෙනවලු වවුචර අත්සන් කරලා. ඒක ගැන කතා කරන්න කවුරුත් නෑනේ. රජයෙන් ක්‍රමවත්ව දරුවන් අතට දුන්න රෙදි කෑල්ලත් කඩේටම වික්ක එහෙනම් (ම)
ලබන අවුරුද්දේ නිල ඇඳුම් දීම නැතිවෙයිද කියලයි සැක (නි)
මේ ක්‍රමය හොඳයි කියලා මම හිතන්නේ නැහැ. (නි)
හොඳ නම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)
අපේ අය කොහොමත් පෙරළුණු පිට හොඳයි කියන්න දක්ෂයිනේ (නි)
බලාගෙන යනකොට කාට කාටත් මොන මොනවහරි ලැබිලා තියෙනවා පිට රට ඉඳලා දුක් විදලා සල්ලි ඔක්කොම ලංකාවට එවන අපිට බින්දුව. අපි ගැන එක වචනයක්වත් ඕකේ තියෙනවද. දැන් ගෙවල් ගන්න වාහන ගන්න රජයේ සේවකයන්ටත් ණය දෙන්න යනවලු. නමුත් මාසේ ගානේ ඩොලේර් ලංකාවට එවන අපිට කිසිම සහනයක් නෑ. කෝ මහා ලොකු රට ගිය ඇත්තෝ සංවිධාන (බ)
ගුණාත්මක බව එක එක පුද්ගලයාට අනුව වෙනස්.රජයෙන් දෙද්දි සමහරුන්ට රෙදි මදි.සමහරුන්ට වැඩියි. එකම රෙද්ද කෙනෙකුට හොඳයි,කෙනෙකුට නරකයි.ඒත් මෙතනදි තමන්ටම රෙද්ද තෝරලා ගන්න පුළුවන්. (බ)
ඔය මාධ්‍ය හමුව කැඳවන්න කවුද කිවුවේ (බ)
මොන ක්‍රමයේ වුණත් ඉතින් පටන්ගැන්මේදී අඩුපාඩු තිබෙනවා තමයි (නි)
එයාලට හොඳ නැත්නම් කාටද හොඳ? (නි)
මම නම් දකින්නේ මේකෙ හොඳක් තමයි. මොකද අමාතයාංශයෙන් වෙන්කළ මුදල කෙළින්ම දරුවාගේ අතට පත්විම(වවුචර් පින්ට් කරන්න ගිය ගාන හැර) හොඳයි. එහෙත් ප්‍රවාහනයට, රෙදි ඇසිරීම ආදීදේටත් වියදම් වුණාම දරුවන්ට ලැබෙන මුදලලේ වටිනාකම අඩුවුණා. දැන් එහෙම නැහැ. අඩුපාඩු හදාගෙන මෙක දිගටම ගෙනියමු. (නි)
සමහර පාසල් වල උසස් පෙළ ළමයින්ට රුපියල් 400 යේ වවුචර ලැබිලා තියෙන්නේ. මේ මුදලට රෙදි කොපමණ ප්‍රමාණයක් ගන්න පුලුවන්ද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් අප දැනුවත් කරන්න (නි)
සෑම්, ඒ බොරු. උසස්පෙළ ළමයින්ට වවුචර දෙකක් ලැබෙනවා. 400 දෙන්නේ පොඩි පන්තිවල ළමයින්ට (නි)
මමත් හිතන්නේ මේ ක්‍රමය සාර්ථක වෙයි (නි)
ඇත්තටම මේ ක්‍රමය ගොඩක් පහසුයි.(හේ)
ඔව් ඔව් වවුචර ක්‍රමය හොඳයි. නැත්නම් සල්ලි දුන්නොත් දෙමාපියන් ඕවා වියදම් කරගන්නවා. එහෙත් වවුචර කලින් දෙන්න ඕනෑ. දරුවන්ට ඇඳුම් ගන්න, ඒවා මහන්න එහෙම කල් ඕනෑ (නි)
අධ්‍යාපනේ කට්ටියට කීයක් හරි හොයා ගන්න තිබුණු එකත් නැති කළා .දැන් ඉතින් සපත්තු කඩයක්වත් දාන්න වෙනවා .අපේ උගන්වන බුද්ධිමතුන්ට සිල් රෙද්දක්වත් ලබාදෙන්න (බ)
මේ ක්‍රමය පහසුයි අපිට (නි)
අපිට කණ්ණාඩියේ පාට තේරුම් ගන්න පුළුවන් (නි)
වවුචරයේ ඇති ගණනට රෙදි මිලදීගන්න අපහසුයි කියලයි ගොඩක් අය කියන්නේ (නි)
ඔව් ඔව්. කැමති කට්ටියකුත් ඉන්න ඕනෑනෙ (නි)