ප්‍රමිතියෙන් තොරව වැව් ප්‍රතිසංස්කරණය නොකරන්නේනම් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නවතා දැමීමට තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ පවසයි.
මාතලේ ග්‍රාමීය වැව් 35කට වැඩි ප්‍රමාණයක් රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය තිහක වියදමින් අලුත්වැඩිය කරන බවත් මේවා නිසියාකාරව ගොවීන්ගේ යෝජනා හා අදහස් ලබාගෙන ඉංජිනේරු මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කළ යුතු බවත් එසේ නොකරන කිසිදු කොන්ත්‍රාත් සමාගමකට මුදල් නොගෙවන බවත් ඇමැතිවරයා කීය.
සීගිරිය වැව් නිරීක්ෂණ චාරිකාවක දී වැව මැද පස් ගොඩවල් ගසා ඇත්තේ කුමක් නිසාදැයි ඇමැතිවරයා කළ විමසීමකදී එහි සිටි අමාත්‍යංශ ලේකම්වරයකු කීවේ වන සතුන්ට ජීවත්වීමට නව සංකල්පයක් සහිතව එය නිර්මාණය කළ බවයි. නමුත් ගොවීන් කියා සිටියේ වැවේ පස් කපා අලෙවි කරමින් සිටියදී බලපත්‍ර නැතිව ප්‍රවාහනය නැවතුණු නිසා එම පස් ගොඩ ඉතිරිවූ බවත් වැව මැද පස් ගොඩක වන සතුන්ට වාසය කිරීමට නොහැකි බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුවිහාරේ මහතා හරියටම හරි (නි)
ප්‍රමිතියෙන් තොරව වැව් ප්‍රතිසංස්කරණය නොකරන්නේනම් !!!! (ම)
තාත්තා වගේ සෘජු තිරණ වලට ඔබේ ස්තුතියි. අළුවිහාරේ නමට ආඩම්බරයි. ඔබට දිගු ගමනක් යන්නට ලැබේවා (ම)
ඉහළින් දුරකථන ඇමතුමක් එනතෙක් තමා මේ ඔක්කොම සංදර්ශන. (නි)
‘ප්‍රමිතියෙන් තොරව වැව් ප්‍රතිසංස්කරණය නොකරන්නේනම් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නවතා දැමීම‘" කිවුවම ප්‍රමිතියක් නැතුව කරන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නෑ කියන එකනේ කියවෙන්නේ .(බ)