තිස්සමහාරාම පන්නගමුව දියබැදියාවට අද උදේ වලසෙක් ආ බව ගැමියෝ කියති.
එක් ගැමියකු දොර අරින විට වලහා මිදුලේය.
ඔහු වලහා එළවා දැමුවේය. ඉන් පසු අවට ගෙවල්වලට ද ගිය වලසා අන්තිමේදී ලුණුගම් වෙහෙර වනජීවී නිලධරයන් විසින් කැලයට පන්නා දමනු ලැබීය.
තිස්සමහාරාම පන්නගමුව දියබැදියාවට අද උදේ වලසෙක් ආ බව ගැමියෝ කියති.
එක් ගැමියකු දොර අරින විට වලහා මිදුලේය.
ඔහු වලහා එළවා දැමුවේය. ඉන් පසු අවට ගෙවල්වලට ද ගිය වලසා අන්තිමේදී ලුණුගම් වෙහෙර වනජීවී නිලධරයන් විසින් කැලයට පන්නා දමනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලහ ඇවිත් මේ මනුස්සයාගේ කනට කරලා කිවලු .., සරත්ගෙනුයි ., දිසා ගෙනුයි පරිස්සම් වෙලා ඉන්න කියල..., රුපවති අක්කේ!!! බය වෙන්න එපා මන් ඔයාල එක්ක හැමදාම ඉන්නවා!! නිවාඩුවක් ලැබුන ගමන් මන් ලංකාදිපෙට ලියනවා .., දැන් මගේ සතුටත්., විනොදානශයත්.., එසැනට කොමෙන්ට් දාන එක තමයි.., කතෘ තුමාටයි ., ඔයාලටයි මාව එපා වෙනකන්ම අදහස් ලියන්නම්කො (අ)
නිදැල්ලේ ඉන්න වලහෙක් දකින්න ආසයි.බයයි. (නි)
වලහා නිසා වනජීවී එකට කතාකළේ.මුවෙක් හරි, ගොනෙක් හරි වුණා නම් සොරි තමා. (නි)
තැපැල් ඡන්ද දාන්න යන අයට විදුලි බිල ගැන මතක් කරන්න යන්න ඇති (නි)
වලහා ඇවිල්ලා මුකුත් කියලා ගිහින් නැද්ද ඒ ගැහැණු කෙනාට ....? (නි)
නිලූ විදානගේ ,කියන්න වගේ වලහා වෙන සතෙක් වුනා නම් අපිට මෙහෙම අදහස් ලියන්න ප්‍රවෘත්තියක් ලැබෙන්නේ නම් නැහැ නේද ...? (නි)
අර තංගල්ලේ හාදයව හොයාගෙන ආවද දන්නේ නැහැ ?(නදී)
ඔහොම ඒවා වෙනවා ඉතින් වන සිව්පාවුන්ගෙ කැලවල් එලි කරලා මිනිස්සු ගෙවල් හැදුවම. (ස)
නරක මිතුරන් ආශ්‍රය කරන්න එපා කියලා ඒ වලහා අර ගැමියාට කිව්වාලු.(නදී)
මේ සතාට කරදරයක් නොකර යන්න දීපු එක ගැන අපි ගැමියන්ට වගේම වන ජීවී නිලධාරීන් කරපු සේවයටත් කෘතඥ විය යුතුයි. (නදී)
සශිනිගේ කතාවනම් ඇත්ත. එක පාරක් අපි සිතුල් පහුව ගියා , පාරේ ඉඳල කැළේ ඇතුලට සෑහෙන දුරක් මිනිස්සු එළිපෙහෙළි කරලා ගෙවල් හදාගෙන වගා කරලා ඉතින් ඊට පස්සේ කියනවා අලි අපිට ගහනවා අපේ ගෙවල් කඩනවා කියලා.(නදී)
වරුණගේ ගෙවල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ උරුලෑවෙක්! හැබැයි වරුණට වඩා මොලේ තියෙනවලු! (ස)
අනිවාර්යයෙන් අවිශ්ක, ඌරුලෑවට විතරක් නෙවෙයි. මුළු කැලෑවෙම ඉන්න ඔක්කොම සිව්පාවුන්ට වරුණට වඩා නම් මොළේ තියෙනවා. (ස)
මෙන්න අවිශ්ක ඌරුලේව වගේ පළාතම ගඳ ගස්සගෙන කාලෙකින් කැලෙන් එලියට ඇවිල්ලා .... (ස)
තංගල්ලේ හාදයව ආශ්‍රය කරන්න එපා කියලා ඒ වලහා අර ගැමියාට කිව්වාලු. කෙහෙල්මල ඌ කන්න මොනවා හරි ඉල්ලලා කිරිපිටි නම් බොන්නේ නැහැ කිව්වලු. (ස)
මේක නම් හොඳකට නෙවෙයි ඔන්න. මේ වලහව සත්ව උද්‍යානයකට භාර දුන්නොත් හොඳයි.නැත්නම් ආපහු එන්න ඉඩ තියෙනවා.පොඩි ළමයිව හුඟක් පරෙස්සමින් බලාගන්න ඕනේ ඔය පළාතේ. (ස)
වලසා ගමට ඇවිත් ගැමියන්ගෙන් ඇහුවලු මීයක් කඩා ගන්න පන්දමක් හදා දෙනවද කියලා. (ස)
මහගෙදර,ඔයාගේ යාලු වලහා සත්ව දොස්තර කෙනෙක්ද? (නි)
දුලභ දසුනක්. මේ සතුන් රකින්න ඕන. (ස)
මගේ යාලුවෙක් හිටියා කැම්පස් එකේ. එයාගේ ගම වලස්මුල්ලේ හන්දා හැමෝම එයාට කිව්වේ වලහා කියලා. මගේ ඒ යාලුවවත් ඒ පැත්තේ ගියාද දන්නේ නැහැ. (නි)
මේ වලහා ඌරෙක් වුණා නම් මේක හැමෝටම රහසක්. (නි)