හේතු රහිතව වැඩ තහනමට ලක් කළ මොරටුව වේල්ස් කුමර විදුහල්පති සම්පත් වේරගොඩ මහතා යළි විදුහලට ලබා දෙන ලෙස ඉල්ලමින් සිසුන් හා ගුරුවරුන් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල විහාරස්ථානයේ අධිෂ්ඨාන පුජා පවත්වන බවත් සියලු දේ මෙසේ සිදුවෙද්දී අධ්‍යාපන බලධාරීන්ගේ නිශ්ශබ්දතාව ප්‍රශ්නයක් බවත් වේල්ස් කුමර විදුහල් මිතුරු සංසදයේ චතුරංග බිමල් වික්‍රමසුරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේද කියයි.
‘ 2012.04.10 වැනි දින සිට විදුහල්පති ලෙස වැඩ භාරගත් සම්පත් වේරගොඩ මහතා මෙම වසරක කාලය තුල දී සිදු කැර ඇති මෙහෙවර විදුහලේ දරුවන්ද දෙමාපියන්ද ආදී සිසුන්ද හොදින් දන්නා කරුණක් බවට පත් වී ඇත.’
‘පසු ගිය දිනවල විදුහල්පති තුමන්ගේ අසාධාරණ වැඩ තහනමට විරුද්ධව 2013.07.05 වැනි දින දෙමාපියන් ආදී සිසුන් හා විදුහලට සහාය පළ කරන හාරදාහකට අධික පිරිසක් විදුහලේ ප්‍රධාන දොරටුව අසල රැස්වී විරෝධතාව පළ කැර ඇති අතර එදින පාසලට පැමිණි ජාතික පාසලේ අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේන හා අධ්‍යාපන අමාත්‍යංශයයේ අතිරේක ලේකම් උපාලි මාරසිංහ යන මහත්වරු සුබවාදි අදහසක් පළ කිරීමෙන් අනතුරුව විරෝධතාවයේ නියැලී සිටි පිරිස විසිර ගිය අතර විරෝධතාව කැදවුවන්ට මොරටුව මහේස්ත්‍රාත් උසාවියේ සිතාසි නිකුත් කළේය.’
‘ ඒ සියලු දේ එසේ තිබියදී විදුහල්පතිතුමාටද ආදී සිසුනටද අති ගරු ජනාධිපති තුමන් මුණ ගැසුණු අතර දැන් නැවතත් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් නොකඩවා සිදු වෙමින් පවතිනවා. මෙයට ආදී සිසුන්ගේ හෝ ගුරුවරුන්ගේ බලපෑමක් නොමැති අතර මෙය දෙමාපියන් හා විදුහලට සහය දක්වන්නන් එක්ව කරගෙන යනවා. මේ සදහා නගරාධිපති සමන්ලාල් මහතා හා තැපැල් අමාත්‍ය ගරු ජීවන් කුමාරණතුංග මහතා එක් වීම විශේෂත්වයක්. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලතින් ආදර්ශ පාටය අනුව නම් එයා හරියට වැඩ කරලා. චතුරංග මහත්තයා දන්නවද මේ ආදර්ශ පාටයේ තේරුම? දන්නවා නම් ඔහොම කතා කරන්නේ නැහැ. (දී)
මේ ප්‍රශ්නය අපි නුවණින් විමසා බැලිය යුතුයි. මෙච්චර මිනිස්සු මේ සර්වම ඉල්ලන්නෙ ඇයි කියලා අපි හිතන්න ඕනෑ (නි)
සම්පත් සර් ආනන්දේ හිටිය තමයි! ඒ වගේමයි ආනන්දෙට වැඩක් කළා! දන්නේ නැති මිනිස්සු හොයල බලන්න, ආනන්දේ අනඳ අභිමන් ප්‍රදර්ශනේට සර් කොහොම වැඩක් කලාද කියල!! ඕන පුද්ගලයෙක්ගේ හොඳ වැඩ අතර පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ! වැඩි දුරක් යන්න ඕන නෑ !! , තව තව ජගත් චමිලල කුමරෙන් බිහිකරන්න, සම්පත් සරට බැරිද කියන එකත් කල්පනා කරලා බලන්න!! (අ)
කොහොම නමුත් දක්ෂ විදුහල්පතිවරුන් ඉන්න පාසල් වල ඔවුන් ඉවත් කර පාසල් විනාශ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කාලයක් තිස්සේ කෙරෙන වැඩ වලින් පේනවා. මේවා ගැන බුද්දීමත්ව බලදාරින් සිතා බැලුවේ නැත්නම් ආණ්ඩුවත්, ජනාදිපතිතුමාත්, රටත් ළමා පරපුරත් විනාශයි. (අ)
එක දවසක් වත් පාසැල වසා තැබුවේ නැත. පාසල සුපුරුදු ලෙස පැවෙත්වෙනවා. නිමල් මොනවා දැනගෙනද කතා කරන්නේ? වරදක් නොකරපු විදුහල්පතිගේ වැඩ තහනම් කරපු නිසා තමා බය වෙලා ඉන්නේ (දී)
පාසලක් දියුණු වෙද්දී ඇහේ කටු ඇනෙන පිරිසක් ඉන්න බව නම් හොඳට පැහැදිලියි. වෙන මොකටවත් නෙමෙයි. ඉරිසියාව. මේ ගැටලුව ගැන මෙලෝ හසරක් දන්නේ නැති අයත් කෑ ගහන්න පටන් අරන් හිතට එන එන ඒවා කියවලා. මතක තියාගන්න මේ සිසුන්ගෙයි පාසලෙයි උන්නතිය විනාශ කරන්න වචනෙකින් හරි බොරු බයිලා කියවන කාට කාටත්, ඒව පලදෙනව කවදාහරි. (අ)
පාසලේ ආදි ශිෂ්‍යයෙක් විදිහට මට කියන්න තියෙන්නේ සම්පත් සර් කියලා කියන්නේ දෙවියෙක්. මෙතන බොරුවට කෑ ගහන්න එපා කිසි දෙයක් නොදැන. ඇවිල්ලා බලන්න ළමයි කොච්චර සර්ට ආදරේද කියලා.(අ)
ඇයි මේ විදුහල්පතිට මෙච්චර කඩේ යන්නේ? (ත)
දැන් මේකට මූලිකත්වය දෙන්නේ ආදි ශිෂ්‍ය සංගමයද එතකොට? (දී)
ඇයි ඉතින් මේ තරම්ම මේ විදුහල්පතිව තියාගන්න හදන්නේ? (දී)
මෙයා ගොඩක් වංචා කරලා තියෙනවා කියනවලු නේද? අනේ මන්දා ඇත්තද බොරුද කියලා (දී)
අනේ ඇත්තට ඔහේලට තේරෙන්නේ නැද්ද මේකේ ඇත්ත නැත්ත? (දී)
ඔන්න අන්තිමට අපිවත් නොමග යවන්න නම් හදන්න එපා හොදේ (දී)
මෙයාව එපා කියලා අපි නම් උද්ඝෝෂණයට එක්වෙනවා. (දී)
අන්තිමේ සේරම එකතුවෙලා පාසැලේ නම කනවා. (දී)
ඇයි අප්පා මෙච්චර කෑ ගහන්නේ? මේවට නම් හොදක් වෙන්නෙ නැහැ (දී)
ලංකාදීප පාටක මහාත්වරුනි කරුණාකරලා ප්‍රශ්නය තේරුම් අරන් ලියන්න. තවම එක දවසක් වත් ළමයි සහ ගුරුවරු කිසිම උද්ගොසනයකට සහබාගි වුනේ නැහැ පාසැල රජයට ගත්ටට පසු මෙම පාසැල වෙතට ආපු හොදම විදුහල්පති තුන් දෙනෙක් ගත්තොත් මෙම ගුරුතුමා එයින් එක අයෙක්. නීති සහ රෙගුලාසි කොටස් දෙකක්. රෙගුලාසි නොකඩන කෙනෙක් පාසැල පද්ත්තිය තුල නැති තරම්. එහෙම නැතුව අද කිසි පාසැල ගෙනියන්න අපහසුයි. අපේ රටේ ඕනෑතරම් නීති කඩලා යහතින් ඉන්න අය යහතින් ඉන්නවා කාටවත් අපහසුවක් නොකර ළමයින් වෙනුවෙන් දෙමුපියන් සහ අපේ පාසැල වෙනුවෙන් ආදී සිසුන් කරන දෙයට උපකාර කරන්න අපහසුනම් නිහඩව ඉන්න. අඩුම වසයෙන් ළමයින් ගේ විනය පසුගිය සතිය තුල පාසැල තුල පවතී ආකාරය හොයල බලන්න (දී)
මම පාසැලේ ආදි සිසුවෙක්. ඒ වගේම වර්තමාන දරුවෙකුගේ තාත්තා කෙනෙක්. මීට අවුරුදු 3 කට ඉස්සර මම පුතාව ඉස්කෝලෙට දැම්මේ මගේ පාසැලට තියෙන ආදරේ නිසා. ඒත් අවුරුද්දකට විතර පස්සේ මම පසු තැවුනා ඇයි මම පුතාව මගේ ඉස්කෝලෙට දැම්මේ කියලා. මම මගේ පාසැලේ රන්වන් යුගය විදිහට සැලකෙන එච්.එල්.බී ගෝමස් යුගයේ සිසුවෙක්. ඒත් පසුගිය වසර ඇතුලත සම්පත් සර්ගේ ආගමනයත් එක්ක පැසැලේ දැඩි වෙනසක් සිදුවුනා. ආපහු රන්වන් යුගයකට අපිව ගෙන ගියා. ගුරුවරු වෙලාවට පන්තියට ගියා. හැම ගුරුවරයෙක්ම කාල සටහන අනුගමනය කළා. ශිෂ්‍යයින් හොදින් අධ්‍යාපනය ලැබුවා. වෂය බාහිර ක්‍රියාකාරකම් වල විශාල වර්ධනයක් ලැබුවා. අන්තෙටම පිරිහිලා තිබුන ශිෂ්‍ය විනය විශාල ප්‍රගතියක් ලැබුවා. (නදී)
එතකොට ඇයි විදුහල්පති විදියට කට්ටිය එයාවම ඉල්ලන්නේ? (දී)
අපේ සර් මුකුත් වරදක් කරලා නැහැ (නි)
සම්පත් සර් වැරදි කරලා තියෙනවා නම් 3000ක් 4000ක් අම්මලා තාත්තලා උද්ගෝෂණ කරනවද? පොඩ්ඩක් හිතලා බලන්න දෙයක් කියන්න කලින්. ඉස්කෝලේ දියුණු වෙනවා දකින්න ආසා නැද්ද ඔයාලා?අපි ඉස්කෝලෙට ආදරෙයි (නි)
මම විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. සම්පත් සර් පැමිණි පසු පාසලේ ශිඝ්‍ර සංවර්ධනයක් අපි හොදින්ම දැක්‌කා. පාසලේ දියුණුව දැකීම තමයි අපේ එකම ආශාව. දෝෂාරෝපණ කරන අය හොදින් සොයා බලා අදහස් ප්‍රකාශ කිරීමට කාරුණික වන්න. මෙය වර්තමාන සිසුන්ගේ අනාගතය සමග කරන ගණුදෙනුවක්. (නි)
මෙතන ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කිසිවක් නොදැන. උද්ඝෝෂණ තිබ්බ කිසිම දවසක ළමයින් පාරට බැස්සේ නෑ. සමහර මාධ්‍ය ළමයින් විභාග වර්ජනය කරා කියලා වාර්තා කරලා තිබ්බා. ඒක අමුලික බොරුවක්. විභාගෙට ආපු නැති ළමයි ඉන්නේ මුළු ඉස්කොලෙටම 40ක් 50ක් විතර. එකට පාසලේ රෙජිස්ටෙර් ටික සාක්ෂි දරයි. සත්‍ය තත්වය නොදැන අපේ සම්පත් ගුරු දෙවයාණන්ට අපහාස කරන්න එපා කියලා මම බුද්ධිමත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා. (අ)
ජයරාජ් මහත්තයෝ.. රෙගුලාසියක් පනවන්නේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද? රෙගුලාසි කඩලා සල්ලි ගන්නවානම් ඒක අල්ලස් චෝදනාවක්. පාසලේ සංවර්ධනයට මුදල් ගන්නවානම් ඒක පාසල් සංවර්ධන සමිතියට දමන්න එපැයි. ඒකට දමන්නෙත් නැතිව, ප්‍රධාන අදිශිෂ්‍ය සංගම් ගිණුමට දමන්නෙත් නැතිව, කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයක ගිණුමකට සල්ලි දාන්න කියලා දෙමාපියන්ට ඒ ගිනුම් අංකෙ දෙන්න විදුහල්තිට පුළුවන්ද? හොර වැඩක් නෙමේනම් ඇයි එහෙම කරන්නේ? ඇත්ත ප්‍රශ්නය මග අරින්න එපා. විදුහල්පතිතුමාගෙන් අහලා බලන්න මීට කළින් හිටපු ඇමැතිතුමෙක් ගාව වැඩ කළාද නැද්ද කියලා. මේ විදුහල්පති එන්න කලින් ඉස්කෝලේ විනිය අන්තයටම පිරිහිලාද එතකොට තිබුණේ? එච්චර විනය පිරිහිලානම් දැන් මේ කෑ ගහන ආදි ශිෂ්‍යයන්ට ඒවා පෙනුනේ නැද්ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. (ත)
ඉසුරු පෙරේරා, ජෙයරාජ් වගේ අය ඇත්ත හරියට දන්නේ නෑ. මමත් මේකේ දරුවෙක්ගේ පියෙක්. ඉස්කෝලේ පොඩි රැස්වීමක් තියනවා කියලා තමයි අපිට මුලින්ම එන්න කිව්වේ. එතැනට එනකම් අපි දන්නේ නෑ උද්ඝෝෂණයක් ගැන. එතැන බහුතරයක් එහෙමයි. අනික 4000ක් හිටියේ නෑ. ඒක අමූලික බොරු. ආදි ශිෂ්‍ය සංගමයේ සහ ඇතැම් ගුරුවරුන්ගේ තර්ජන නිසා සමහර දෙමාපියෝ ආවා. මේ පාසලට කිසිම සම්බන්ධයයක් නැති අයත් එතැනට ගෙන්වලා තිබුණා. ඔන්න ඕකයි ඇත්ත තත්වේ. (ත)
වලට වැටිලා තිබුණ පාසල ගොඩ ගත්තේ මේ සර් ...ඉතින් කොහොමද දැන දැන අායිත් වළේ වැටෙන්නේ (අ)
මේ විදුහල්පති කොළඹ ආනන්දේ හිටියනේ. අපි මෙයා ගැන දන්නවා අනේ අපේ ඉස්කෝලෙටනම් එපා. ඔහේම තියන්න. (අ)
පාසලට සේවය කල විදුහල්පතිමදෙන්න (දී)
සල්ලි අරන් දලා තියෙන්නේ මුස්ලිම් ලමයි නෙද? මුස්ලිම් එජන්ත ස්ට්‍රයික් එක මෙහෙයවනවා. මොරවුවේ බෞද්ධ ලමයිට තියෙන ජාතික පසලට ගිය කල (දී)
මෙතන ගොඩක් අදහස් පලවෙල තියෙනවා. එහෙත් ගොඩක් කට්ටිය කිසිම පදනමකින් තොරව ඇත්ත නැත්ත නොදන්න අදහස් ප්‍රකශ කරො තියෙනවා. පාසල වෙනුවෙන් විදුහල්පතිතුමා කරපු සේවය දන්නෙ බාහිර පාර්ශවයන් නෙමේ,පාසලෙ වර්තමාන සිසුන්. සර් පාසලෙහි විනය,භෞතික සම්පත් එකිනෙක ගොඩනගපු අකාරය අපි හොදින්ම දන්නවා.රැකියාවකට සීමා නොකොට පාසල තම ජීවිතය ලෙස සලකා කටයුතු කිරිම නිසා අද සර්ට රැකියාව අහිමිව තිබෙනවා. පාසලෙහි සිටින 5000 ආසන්න සිසුන් ද,ගුරුවරුන්ද,දෙමාපියන්ද මා සමග එකහෙලාම එකග වන බව නියතයි.පැවති උද්ගොෂණ සදහා කිසිදු සිසුවෙකු හො ගුරුවරයෙකු සහභාගි නොවිය. ඊට හේතුව අප පාසල අධ්‍යාපනය හා විනයට මුල් තැන දෙන පාසලක් වු නිසාය. කරුණාකර නොදන්නා දේ පිලිබදව දන්නා ලෙස අදහස් ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටින ලෙස බුද්ධිමත් පාඨකයින්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
භාන්ඩාගාරික කැම්පස් මහාචාර්ය වරයෙක්, එයා මේ වැරදි නවත්න හැදුවා. විදුහල්පතිතුමා වටේ හිටිය අය ඒකට විදුහල්පතිට ඉඩ දුන්නේ නැ. අන්තිමට එයාව එලව ගත්තා. (නදී)
සීග්‍රම වර්ධනයක් අපිත් දැක්කා. ගස් කැපුවා ලස්සන කලා පිරිසිදු කලා කානිවල් කලා. ප්‍රථිපල බැස්සා. වැඩි වුනානම් සාක්ෂි සහිතව පෙන් වන්න පුලුවන්. විනය පිරිහුනා ශිෂ්‍ය නායකයෝ ගුරුවරුන්ට කුණු බිත්තර ගහනවා.(නදී)
බිමල් වික්‍රමසූරියට එකක් කියන්න ඕනා ලංකාවේ තැපෑල කෑවෙ කව්ද? මොරටුව කෑවෙ කන්ද? (නදී)
විදුහල්පති ගැන අපි හොදට දන්නවා. ගෝමස් සර්ට පස්සේ අව හොදම විදුහල්පති.දන්නේ නැටි අය කරුණ කරලා පැත්තකට වෙන්න. (දී)
මේ විදුහල්පති ඉතාම දක්ෂ කාර්යක්ෂම මහත්මයෙක්. ඔහුට වචනයකින් හෝ දොස් නැගීම පවක්. මගේ පුතා ඒ නවයක් අරන් සාමාන්‍ය පෙළ සමත් වෙන්න මේ මහත්මයාගේ කැපවීමත් ඉවහල් වුනා.මෙතුමා වේල්ස් කුමාර විදුහලට මහත් ආලෝකයක්.ඔහු නොවන්න මේ පාසැල අපරාධකාරීන්ගේ තෝතැන්නක් වීමට ඉඩ තිබුනා (නි)
පාසල වෙනුවෙන්ද කලින් හිටපු සමහර පුද්ගලයන්ගේ ක්‍රියා ගැන සහ මෙම ගුරුතුමාගේ වැඩපිළිවල අතර වෙනස පැහැදිලිව දෙමුපියන් සහ ළමයින් දැක්කා. එමනිසයි මෙතුමාට සාදාරනයක් ඉල්ලන්නේ. නැතුව හොරෙක්ව නිදහස් කරන අරමුණක් වගේ දෙයක් මෙතන නැහැ. (නි)
අපට තියෙන්නේ අපේ ළමයින්ගේ අනාගතය ගෙන ප්‍රශ්නයක්. නැතුව වංචාවක් කර ඇත්නම් එවන් අය නිදහස් කරවා ගැනීමේ අරමුණක් නොවේ. අපගේ ක්‍රියාවලිය ළමුන්ගේ අධ්‍යාපනයට බාදා නොකර ගෙනයන්නේ එමනිසයි. (නි)
පාසලේ වර්තමාන සිසුවකු කියන කෙනෙක් ප්‍රතිචාරයක් දල තියනවා. එයා විමර්ශනේ කරපු හැටි දන්නවද දන්නේ නෑ. මේ ශිෂ්‍යයා දන්නවද චක්‍රලේඛ කියල දෙයක් තියනවා කියල. ඒවා තියෙන්නේ වැරදි වලක්වන්ද කියල මේ ළමය දන්නවද? ඒ චක්‍රලේක කඩකරන එක වැරදි කියල මේ ළමයා දන්නේ නැද්ද? කවුරුවත් කියන දේ අහන්න එපා. හොදට කල්පනා කරලා බලන්ඩ. මේ ළමය දන්නවද තමන් වැරදි නෑ කියල විදුහල්පති කොහෙවත් කියල තියනවා කියල. විදුහල්පති සල්ලි ගත්ත කියල පිළිගත්තා කියල මේ ළමය දන්නවද? ලක්ෂ 130ක් අරගන ලක්ෂ දෙකක තුනක වැඩක් කරලා පෙන්නන එකද හොද කෙනෙකුගේ ලක්ෂණේ? ප්‍රශ්න ගැන මතුපිටින් බලන්න එපා. (ත)
විදුහල්පතිගේ වැරැද්දක් නැත්නම් පරීක්ෂණෙන් නිදහස් වෙයි. ඇයි බය වෙලා? විදුහල්පති එතැන හිටියොත් සාධාරණව පරීක්ෂණ කරන්නේ කොහොමද? (ත)
මෙයාලා කියන විදියට වෙන විදුහල්පතිලා මේ ඉස්කෝලෙට මොනවත් කරලා නෑ. මෙයා විතරයි කරලා තියෙන්නේ. (ත)
මෙතන ප්‍රතිචාර දාන ගොඩක් ආය මෙම කුමන්ත්‍රණයට සම්බන්ද ආදි ශිෂ්‍යෙයෝ. බොරුනම් වලින් මඩ ගහන්නේ එකම කණ්ඩායමක්. බහුතරයක් තමන්ට සහ තම ළමයින්ට තනතුරු අහිමි උන නිසා ඇති උන ද්වේශය නිසයි මේවගේ අපරාද පාසලට කරන්නේ. මට පෙනෙන විදිහට දැන් මෙම විදුහල්පති හිටියත් වෙන කෙනෙක් ආවත පාසලට වෙන හානිය මෙගොල්ලෝ කරලා ඉවරයි. දැන් ඉතින් කට්ටියට හොඳට නින්ද යාවි.(නදී)
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් සැමටම සම අයිතියක් තියෙනවනම් මොකටද මේ ආදී ශිෂ්‍ය පදනමක්. අද ඉස්කෝල පාලනය කරන්නේ මෙයාලා. අවංකව තමන් ඉගෙන ගත් පාසලට ආදාර කිරීම වෙනම දෙයක්. මේක එහෙම දෙයක් නෙමෙයි. සිසුන් ඇතුලත් කිරීමේ ඉදලා පරිපාලනය දක්වාම මෙයාල බු වල්ලෝ වගේ අඩු විහිදාගෙන තමන්ගේ බලය පෙන්න ගෙන ඉන්නේ. ආදී ශිෂ්‍ය පදනම් මත සිසුන් ඇතුළු කෙරීම්,තාත්තාගෙන් පුතාට රැකියාව යන ක්‍රම වගේ දේවල් මේ සමාජයෙන් අයින් කරලා දන්නා ඕනා.(නදී)
මෙහේ කට්ටියක් උද්ගෝෂණ, තව කට්ටියක් අලුත් විදුහල්පතිතුමා හමුවෙන්න අමාත්‍යංශයේ. අද උද්ගෝෂණ කරන අය පාසල කඩා වැටුන කාලේ කොහේද හිටියේ. ඒ කාලේ කරපු උද්ගෝෂන තියෙනවද? කවදද ඒ? (නදී)
පාසලේ උන්නතිය වෙනුවෙන් ඉල්ලන්නේ (දී)
කවුරුත් කුඩු කාලා වගේ (අ)
ඔය හැමෝම එකතු වෙලා හොද ඉස්කෝලෙක නම කන්ඩ එපා. (අ)
විදුහල්පති වරදක් කරලා නැත්නම් ඇයි බය වෙන්නේ? (දී)
අධ්‍යාපන අමාත්‍යංශයේ.. ලියවිලි දැක්ක අයත් ඉන්නවා. ඔබතුමාත් දැක්කද? (අ)
දවස් තුනක්ම පාසැල වසා තැබීමෙන් පාඩුව කාටද? ඒ පාඩුව කවදාවත් මේ ළමයින්ට හදාගන්න පුලුවන්ද? (දී)
ඔය මිතුරු සංසදේ මේ වගේ තකතීරුකම්මද කරන්නේ? (අ)
අධ්‍යාපන ඇමති නිහඩ එතුමාට මොලේ තියන නිසා. (අ)
මේකේ මහා ආදි ශිෂ්‍ය සංගමේ භාණ්ඩාගාරික අයින් වුණු කාරනේ දන්නවද? (අ)
අනේ චතුරංග, ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා. මේ කාගේ කාගේත් ගැන අපි දන්නවා. (දී)
මොරටුපුරේ හොද පාසලකට ගිය කලක්. (දී)