පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) තෙවැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ අත්පන්දු තරගාවලියේදී බාලක කුසලාන ශූරතාව දිනාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය. ගලේවෙල මැදබැද්ද මහ විදුහල බාලිකා කුසලාන ශූරතාව දිනා ගත්තේය.
පසුගිය වසරේ බාලක ශූරතාව දිනාගත් කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට මෙවර අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. මෙම තරගාවලිය දින තුනක් පුරා මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 8 ක් සහභාගි වූහ.
කුසලාන ශූරතා බාලක අවසන් මහ තරගයේදී වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 5.4 ක තියුණු ජයක් ලැබූහ. කුසලාන ශූරතා බාලිකා අවසන් මහ තරගයේදී මැදබැද්ද මහ විදුහල විසින් ලකුණු 6.1 කින් නුගේගොඩ අනුලා විදුහල් පිල පරාජය කරන ලදි.
කුසලාන ශූරතා බාලක තෙවැනි ස්ථානය ගලේවල මැදබැද්ද මහ විදුහලට හිමිවිය.
සෙසු තරග ප‍්‍රතිඵල
පළඟ ශූරතාව (බාලක)
ශූරතාව - ගලේවෙල ශාන්ත අන්තෝනි විදුහල,
අනු ශූරතාව - පානදුර රාජකීය විදුහල
තෙවැනි ස්ථානය - කොළඹ නාලන්දා විදුහල
පළඟ ශූරතාව (බාලිකා)
ශූරතාව - දේවිබාලිකා විදුහල් ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - කොළඹ බෞද්ධ කාන්තා විදුහල
බඳුන ශූරතා (බාලක)
ශූරතාව - ඞී. එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම
අනු ශූරතාව - කොළඹ නාලන්දා විදුහල් ‘සී’ කණ්ඩායම
තෙවැනි ස්ථානය - කොළඹ ආනන්ද විදුහල
බඳුන ශූරතා (බාලිකා)
ශූරතාව - කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය
අනු ශූරතාව - දේවිබාලිකා විදුහල් ‘බී’ කණ්ඩායම
තෙවැනි ස්ථානය - නුගේගොඩ අනුලා විදුහල් ‘බී’ කණ්ඩායම
මෙම තරගාවලිය සඳහා පිට පිටම තෙවැනි වසරටත් ‘නියෝ හෝම්ස්’ සමාගම අනුග‍්‍රහය දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාසලට සුභපැතුම් (වේල්ස් කුමාර )
මචං ෆිල්ම් එකේ කට්ටියද මේ? (ස)