වැලිවේරිය ප්‍රදේශයේ ගම් පහක ලිං වතුර බීමෙන් උගුරේ දැවිල්ල හා ඇගේ තුවාල මතුවීමට හේතුව සොයා පිරිසිදු පානීය ජලය සපයා දෙන්නැයි ගැමියෝ අදත් වීදි බැස සිටිති.
පොලිසිය ද මාර්ග බාධක ගෙනවුත් සූදානමින් සිටියි.
මේ ගැන සාකච්ඡා කිරීමට ගාම නිලධාරයෝ රතුපස්වලට කැදවූ නමුත් ඔවුන් නොපැමිණි බව ගැමියෝ කියති.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ වගකිව යුතු පුද්ගලයකු කතා නොකළ නිසා ග්‍රාම නිලධාරීන් එම ස්ථානයට නොයන්නට ඇති බවයි.
ගම් පහක 1500ක් පමණ මේ වන විට එම පිට්ටනියට රැස්ව සිටිති.
ඔවුන් පැවසුවේ ගමේ වගකිව යුත්තා ග්‍රාම නිලධාරී බැවින් තමන්ගේ ගැටළුවට පිළියම් සෙවීමට ග්‍රාම නිලධාරීන් මැදිහත් විය යුතු බවයි.
තමන් සාමකාමීව රැස්වීම සංවිධානය කළත් ගැටළුවට පිළියම් සෙවීමට කිසිම වගකිවයුත්තකු නොසිටීම ගැන කණගාටු වන බවත් ඔවුහු කියති.
වැලිවේරියේ හා රතුපස්වල හන්දියේ පොලිසියේ හා හමුදාවේ සියයක් පමණ රැස්ව සිටින අතර මාර්ග බාධකද සූදානමින් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව මේ පොඩි දේවල්නෙ. ඇයි මේ අහුකොන් අල්ලගෙන පොලිසියටත් රජයටත් බනින්නෙ. (නි)
චාන්ද්‍රවති මැතිනිය ,ඒක තමයි මේ මිනිස්සු උතුම්වූ ආණ්ඩුවටයි ,පොලිසියටයි බනිනවා .අර බන්දුල මහත්තයා කිව්වා වගේ වාහන වලට අරියාදු කරනවා.කොච්චර වැරදිද ?. පව් අනේ. ඔය නෝනයි ,අර මහත්තයි ඔය කියන ලිං වලින් වතුර ටිකක් බීලා බලන්නකෝ ඒකේ රස.අන්න එහකොට තේරේවි එම ප්‍රශ්නේ කොච්චර පොඩිද ලොකුද කියලා. (නි)
තුවාලය තියෙන මිනිහට තමා වේදනාව දැනෙන්නේ (නි)
මේ අසරණ මිනිස්සු ඉල්ලන්නේ රැකියා නොවේ. වැඩ වර්ජන නොවේ. තමන්ට ස්වභාව ධර්මයෙන් ලැබෙන පිරිසිදු වතුර ටිකට වස මුසු කරන්න එපා කියලයි (නි)
හරි හරි සත්‍යපාල මහත්තයෝ, උද්ගෝෂණයක් දැනෙන්න පාර හරස් කරලම කල යුතුයි කියලා ඔබ තුමා කියන ලෙසම දැන් හැමෝම පිළිගනීවි.හෙට ඔය පාරේම තව තුන් හතර පොලකම ඕක සිදු වේවි. අනිත් හැම ප්‍රදාන පාරකම ඕක සුලබ දසුනක් වේවි. කට්ටිය එකටම පරිප්පුව කමුකෝ.ඔය ඔබතුමා වගේම අදහස් දන අයටත් ලෙඩකට දුකකට හදිස්සියකට පාරවල් වල යන්න වෙනවනේ.කන එක එකටම කමු.බස් එතුලේ හිර වෙලා පොඩි එව්වෝ මර හඩ දෙන කොට, ඇම්බුලන්ස් ඇතුලේ ලෙඩ්ඩු මැරෙනකොට ඉන්ටවිව් එකට වෙලාවට යන්න බැරි වෙලා රස්සාව නැතිවෙන කොට එයා පොර්ට් එකට වෙලාවට යන්න බැරි වෙලා ප්ලේන් එක මිස් වෙන කොට මෙත් සිතින් බවුන් වඩමු කට්ටියගෙම මව්වරුත් මතක් කර කර.. (නි)
වතුර බිලාත් හමාරයි. (දී)
සාදාරනව ඇතිවෙලා තියෙන මානුෂික ප්‍රශ්නෙට ඉක්මනින් විසදුමක් දෙන්න බලදරින් කටුතු කලයුතුවාක් මෙන්ම අදත් පාරවල් හරස්කරන්න සුදානම් වුනොත් දෙන්න හොදට දැනෙන්නම. සියලු මගී ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් (නි)
ගම්පහ දිස්ත්‍රික් ලේකම්ගේ කතාව අද ඉන්න දේශපාලකයන්ටම ගැලපෙන කතාවක්. ග්‍රාම නිලධාරීන් වගේ අයට මෙහෙම ප්‍රශ්නයක් විසදන්න පුලුවන්ද? අනික වගකිව යුතු පුද්ගලයකු කතා නොකළ නිසා මේක විසඳිය යුතු ග්‍රාම නිලධාරීන් වගේ අය. (නි)
තමන්ගේ හෙන්චයියලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දේශපාලකයනුත්, ඔවුන්ට සමාජයේ ඇති විරෝදය සගවන අයත් තේරුම්ගත යුතු දෙයක් සිදුවෙමින් පවතී. අළු යට ගිනි මෙන් නැගෙන සමාජ විරෝධය මහා ගිනි කන්දක් වන දිනය අත ලගය. මෙම විරෝධයට පක්ෂ විපක්ෂ හැමටය. මෙය නොවැටහීම මහා ඛේදවාචකයක් දක්වා යමින් තිබේ. එක් අතකින් සතුටකි. තවත් අතකින් වේදනාවකි. සතුටනම් ලගදීම දේශපාලකයන් අබිභවා යමින් මහජන කැරැල්ලක් ගොඩනැගී යම් යම් යහපත් දේවල් රටට ලැබෙන බැවිනි. වේදනාව නම් ඒ වෙනුවෙන් රටේ ජීවිත රැසක් නැවතත් බිලිවීමය. මෙය නොතේරෙන දේශපාලුවන් කකුළුවන් මෙන් වතුර රත් වෙනතුරු සතුටින්ය. එහෙත් රට පුරා තැන තැන ඇවිලෙන මේ ගිනි මහා ගිනි ජාලාවක් වෙනතුරුම නොදැකීම දේශපාලන අන්ධ භාවයයි. (නි)
ඡන්දයක් ලග තිබ්බා නම් මෙලහකට විසදුම් ගෝනියක් දීලා. දුප්පත් මිනිහට නේද මේ ඔක්කොම කෙනහිලිකම්? (නි)
බන්දුල,ඔයා හොයාගන්න තමන්ටම දීගන්න හොදටම දැනෙන්න විදිහක් .මාස ගණනක් කියන්න පුළුවන් හැම එකාටම කියලා,දරුවන් බුරුතුපිටින් ලෙඩවෙද්දී වකුගඩු දියවෙද්දි තමන්ට බොන්න තිබෙන වතුරටික වහ වෙලා තිබෙද්දී විසදුමක් නොලැබෙන විට පාරට ඇවිත් ප්‍රශ්නයට විසදුමක් වෙනුවෙන් හැම එකාගේම ඇස් කන් වැහිලා තිබෙද්දී අවදානය දිනාගන්නට හදන ගම්වැසියන්ට නිවටයන් වෙන්නට කියන නිවටයෝ තමන්ටම තලාගන්න විදිහක් හොයාගත යුතුය. තමන් මේ ගමේ නොවෙන නිසා මේක මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මට වැඩක් නෑ කියලා හිතන්න එපා.කවද හරි තමන්ගේ දුව හෝ පුතා කසාද බදින්නේ ඔයා ගමේ වස විස වතුර බීපු කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවට දාව උපදින දරුවා මේ වස විස නිසා බිහිකරන්නේ අංගවිකල දරුවෙක් නම් ?රටේ හැම දෙයක්ම කොහෙන්හරි කවදාහරි තමන්ටත් බලපාන බව මතකතියාගන්න. (නි)
අපි බොන්නේ වහ,කන්නේ වහ ,හුස්ම ගන්නෙත් විස වායුව. අපි බොහොමයක් ජීවත් වන්නේත් කුනුගද ගහන සමාජයක. (නි)
සත්‍යපාල මහතා, ඔබතුමාගේ ප්‍රකාශයට මම ගරුකරනවා. බන්දුල වගේ ආත්මාර්ථ අය තමයි බහුතරය, ඔවුන්ට පෙන්නේ නැහැ ගම්වල මිනිස්සු විදින දුක. කාර් බාර් අතමිට යහමින් සල්ලි තියෙන අයට මේවා තේරෙන්නේ නැහැ. වනේ අමාරුව දන්නේ වනේ තියෙන එකා. (නි)
සත්‍යපාල මහත්තයා 88/89 පටලවාගෙන..අපිත් ඒ කාලේ ඉදලා සිදු වුනු දේවල් දැකලා තමයි ඇවිල්ලා තියෙන්නේ.එදා වුනේ වෙන දෙයක්. මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. මොකක්ද මෙතන වල් වැදිච්ච නීතිය? ස්වාභාවිකව හෝ අස්වාභාවිකව යම් පරිසර දුෂණයක් සිද්ද වෙලා තිබෙනවා. ඒක නීතිය වල් වැදුන නිසාද වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ට අසාදාරනයක් වෙලා තිබෙනවා නම් ඒක විසදගන්න අනිත් මිනිස්සු අපහසුතාවයට පත් කිරීම සාධාරණයි කියලා කියන ඔබතුමාගේ ධර්ම දේශනාව මට පිළිගන්න බැහැ.මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කර්මාන්ත ශාලාවක් එක්ක නම් ඒකට පාරේ යන එන මිනිස්සු පලිද? ඔය උද්ඝෝෂණය කර්මාන්ත ශාලාව වට කරලා කරන්න තිබුනනේ. (නි)
මට කියනවද මේ සබාවෙන් කවුරුහරි මහත්තයෙක් මේ ජලය අපිරිසිදු වන ප්‍රශ්නේ පටන් අරන් කොපමණ කලක ඉදලද තියෙන්නේ කියලා.අනේ දන්නෙ නැති හින්දා අහන්නේ (නි)
සත්‍යපාල මහතාණෙනි බුද්ධිමත් ඔබේ වදන් රැස පාලකයන්ගේ අවධානයට ලක් වේවා!!! ඇත්ත තත්වය ඔබ පවසා ඇත්තේ. (නි)
සීල නෝනේ, කොහොමද එන්නේ? පාර හරස් කරලා.අපි මේ පැය ගානක් වාහන පෝලිමේ ලගිනවා.ඔයා බයිලා කියනවා. (නි)
මේ පැත්තෙත් ඡන්දයක් තිබුනා නම් ආණ්ඩුවේ ඇමති වරු ඕනෑ තරම් ඔතනට ඇවිත් කෝටි ගණන් පොරොන්දු දෙයි (නි)
සත්‍යපාල මහත්තයත් ඔය ප්‍රදේශයේ ඔය පීඩාවටපත් කෙනෙක් නෙමෙයිනෙ .ප්‍රශ්න විසදගන්න පිළිගත් ක්‍රම වේද තියෙනවා. අපි නම් නිවටයෝ හැටියට දකින්නේ තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අනුන් අපහසුවට පත් කරවන ආර්මාර්තකාමීන්.ඔයා පාරවල් වල යන්නේ නැති වුනාට අපි යන හින්දයි අපි මෙහෙම කියන්නේ. මේ විලාසිතාව නවත්වන්න පියවර ගන්න කියන්නේ. ඔයාගේ සතුටත් දුකත් පෙරුම් පුරන දේත් අපිට තේරෙනවා.අපි මෝඩයෝ නෙමෙයි මහත්තයෝ. ජනතා ප්‍රශ්නත් ඒවට නැගෙන උද්ගොෂනත් රටක සාමාන්‍ය දේවල්.ප්‍රශ්න ඔක්කොම විසදලා හැමොමව සතුටින් තියන්න මොන ආණ්ඩුවකටවත් බැහැ.තැනක විසදන ප්‍රස්නේ තවත් තැනක අලුත් ප්‍රස්නෙකට මුල් වෙනවා.මේක චක්‍රයක්.ඔයාට මේවා අමුතු දේවල් වුනාට අළු යට ගිනි වුනාට අපිට නම් සාමාන්‍ය දේවල්.අපිට අවශ්‍ය උද්ගෝෂණ වලින් හෝ මොන යම් ක්‍රමයකින් හෝ ප්‍රශ්න විසදගන්න ගමන් අනෙක් මිනුස්සුන්ගේ අපහසුතාවයනුත් තේරුම් ගන්න මිනිස්සු පිරිසක්.එහෙම තේරුම් ගන්නේ නැත්නම් ඒ අයට තේරෙන බාෂාවකින් තේරුම් කරවීම සාමකාමී ජනජීවිතයක වගකීම දරන අනෙක් මිනුස්සුන්ගේ අයතිවාසිකම් වෙනුවෙන්, බලදාරින්ගේ වගකීමක්.. (නි)
ජලය විශාල වශයෙන් දුෂණය වන කර්මාන්ත අපේ වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලට තල්ලු කිරීම දැන් විලාසිතාවක් වෙලා.වැලිවේරියේ ලිං ජලය දුෂිත බව විදේශීය පරීක්ෂණ වලින් තහවුරුවී හමාරයි (ගම්මුන් පුද්ගලික මුදලින් විදේශයකින් මෙම පරීක්ෂණය කරනු ලැබ ඇත )රතුපස්වල ,අබරලුව ,ඌරුවල,නැදුන්ගමුව ,සිවුරුලුමුල්ල ,බැලුම්මහර සහ වැලිවේරියේ ජනමතය යටකිරීමට කිසිම අයෙකුට ඉඩ නොලැබෙන බව මතක තබාගත යුතුය .මේක සෙල්ලමක් නොවෙයි (නි)
මුළු ගම්පහ දිස්ත්‍රික්කයම මෙයට සහය පල කල යුතුයි . එන විදිහ හොඳ නැහැ . සියල්ල මුදලට යටවෙන්න දිය යුතුද .? (දී)
බන්දුල,ඔබට තියෙන්නේ දේශපාලකයන් රැකගැනීමේ මහා වේදනාවක් බව ඔබෙන්ම කියවෙනවා.මම කියන්නෙත් ඔබ ඔය ආදරය කරන අය නිදා නොසිට රටේ වේගයෙන් පැතිර යන අගුනවාදී දේශපාලනය නිසි මගකට නොගතහොත් වෙන දෙයයි .එයට තවමත් ඉඩ තිබේ.ඔබ කියන වචනයෙන්ම ජනතාවට ඇති ප්‍රශ්න බලධාරීන් "තේරුම් ගන්නේ නැත්නම් ඒ අයට තේරෙන බාෂාවකින් තේරුම් කරවීම" සදහා මහජනයා කරන සටනකි මෙය.එවන් සටනක් කිසිවෙකුත් නැති මහපරෙන් බොහෝ ඈත වෙල් යායක කළහොත් එයට අවධානය ලැබෙනුයේ වෙල් යයේ සිටින මඩකනයන්,කොරවක්කන්,තිතයන්ගේ පමණි. මිනිසුන් පාරට බැස ඇත්තේ ලිපි මගින්,බලධාරීන් හමුවීමෙන්,මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙනුත් මෙය නොවිසදුනු නිසාය.බන්දුල, ඔබටත් කළහැකි දෙයක් තවමත් ඇත.එනම් ඔබ ඔය බේරාගන්නට හදන දේශපාලකයන් හමුවී "ලොක්කෝ දැන්නම් රටේ සිදුවෙන අගුණ දේශපාලනය ගැන ජනතාවට කේන්ති ගොස් ඇති බැවින් ඉක්මනින් නිසි මගට නොගියහොත් මහා විනහියක් වෙනවා"කියා දීමය. එසේ නොමැතිව අර හොදම ඇදුම කියා නිරුවතින් රජ්ජුරුවෝ පාරේ ගිය කතාව වගේ පොඩිඑකෙක් කියනතුරු දිගටම මේ දේශපාලුවන් නිරුවතින්ම බොහෝ දුර යනු ඇති. (දී)
බන්දුල,ඔය නිසා තමයි තමන්ගේ පක්ෂෙ වුනත් දේශපාලකයෝ වැරදි පාරේ යනකොට,රටේ දේශපාලනය පාදඩකරණය වෙනකොට හඩ නගලා "උබල යන පාර වැරදි කියලා" කිවයුත්තේ.නිතිය සාධාරණත්වය වල් වැදුන විට එහි අයහපත් ප්‍රතිපල සැමට ලැබෙන නිසා ඔබට නිදහසේ ඔබගේ රථය පැදගෙන යන්නට අපහසුකමට වේදනාවක් දැනුනද මෙලෙස නිතිය වල් වැදීම නිසා 88-89 භිෂණය ඇතිවී රටම අදුරට වැටුණි.අන්තිමට රටේ ඉහලම පුද්ගලයට පවා බෝම්බ ප්‍රහාර එල්ලවුනි. ඇම්බිලන්ස් ඇතුලේ ලෙඩ්ඩු දුසිම් ගණන් මියගියහ,දිනපතා එයාපොර්ට් එකට වෙලාවට යන්න බැරි වෙලා දහස් ගණනකට ප්ලේන් එක මිස් විය. රටක් පාදඩකරණය නොවී පවත්වාගැනීම හැම කෙනාගේම වගකීමකි.නොඑසේ නම් ඔබ කියූ ලෙසම "රටටම පරිප්පු කන්න වෙනවය,කන එක රටටම කන්න වෙනවය එවිට තමන් රට මෙතනට පත්වනතුරු නිහඩව සිටීම ගැන මෙත් සිතින් බවුන් වඩනවා හැර කරන්නට දෙයක් නොමැති බව 88-89 අපි අත් වින්දෙමු. (නි)
බන්දුල-මම කියන්නේ බයිලා නොවේ. ඇත්ත. තමුන්නාන්සේ ගේ මොලේ තරම, නම දැක්කකම හිතෙන්නේ මමත් ගැහැනියක් කියලා නේ.ඒකෙන් තේරෙනවා ගොන්කම.තව මොකුත් ඕනෑ නැහැ. කරුණාකරලා අර සත්‍යපාල මහත්මයාගේ අදහස් මොලේට ගන්න.මානුෂික අයිතිවාසිකම් ඉල්ලන්නේ ඔහේලගෙ යහපතට,නැතුව මුළු මහත් සමාජෙම යහපතට නොවේ. (නි)
බොන්න වතුර ටිකක් නැති රටක් කරන්න එපා මේක.රටක සම්පත මිනිස්සු (නි)