පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය කළ උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් නිගමනය කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය මෙය අපරාධයක් බවට තීරණය කළාය.
2013 අගෝස්තු පළමු වැනිදා වෙඩි තැබීම සිදු විය.
වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අපරාධයක් කියල රටේ සමස්ත ජනතාවම තීරණය කරලා ගොඩක් කල්. අපි බලන් ඉන්නේ අපරාධකාරයන්ට දඬුවම් දෙනකම්. (අ)
ඔන්න හිටපු ...තුමාව නම් පටලන්න හදන්න එපා මේකට. එතුමා මෙහෙ මිනිස්සුන්ගේ විතරක් නෙමේ උගන්ඩාවේ මිනිස්සුන්ගෙත් වතුර ප්‍රශ්න විසදුවා හීනියට.(රේ)
රොමේෂ් ඔබේ කියමන මසුරන් ... (අ)
මෙහෙ වතුර වලට කර්මාන්ත ශාලාවේ සම්බන්ධයක් නෑ කියලා මේ ලඟදි ඔප්පු වුණා නේද..එහෙනම් මේ අහිංසක මිනිස්සුන්ව ඉස්සරහට දාලා ඒ මිනිස්සුන්ව උසි ගන්වලා දේශපාලනය කරපු රතු අලි පැටියට නීතිය ක්‍රියත්මක වෙන්නේ කවද්ද?(හේ)
වඩා සැලකිලිමත් විය යුත්තේ මෙම වෙඩි තැබීමට අණ දුන් කෙනාව නීතිය ඉදිරියට ගෙන ඒමයි. (හේ)
හමුදා නිල ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් කරන කිසිම අපරාධයක් ගැන කතා කිරීමත් වරදක් කියලා වැඩිදෙනෙක් හිතන් ඉන්න සමාජයක මේ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක් (හේ)
වහා අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන්න.(හේ)
කම්හල වැහුවා, රැකියා නැතිවුණා, වතුර තාමත් පරණ විදියමයි, තුන් දෙනෙක් මැරුනා, තවත් ගානක් තුවාලවුණා, දේශපාලන වාසියට බොරුවට උසි ගන්නවපු අය දැන් හිනා වෙනවා (නි)
එතකොට කවුද වැරදිකරු? දඬුවම් කුමක්ද? (බ)
තිලින, නියම ප්‍රශ්නය ඇහුවේ. එපමණක් නොව, එම සමාගම අප රටට ගෙනා විදේශ විනිමය, රැකියා සියල්ල නැතිකළ රතු අලි පැටියා දැන් මොකද කරන්නේ?