පසුගිය අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණයේදී යුද හමුදාවේ ක්‍රියා කලාපය ගැන මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන හමුදා පරීක්ෂණයේ සාක්කි ලබා දීම සඳහා වැලිවේරිය පොලිසියට අද පැමිණෙන ලෙස ගම්වාසීනට දන්වා තිබුණත් අද දහවල් 12 වන විටත් යුද හමුදාව නොපැමිණි නිසා සාක්කි දීමට පැමිණ සිටි කිහිප දෙනෙක් පැය ගණනක් එහි සිට ආපසු හැරී ගියහ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පැමිණ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ සල්ලිවලින් ජීවත්වෙන එඋන්. මේ අය පඩි ගන්නේ අපි දුක්මහන්සියෙන් හම්බකරන සල්ලිවට ටැක්ස් ගහල. මුන්ට මේවා කියල දෙන්න ඕන මුලින්ම.(අ)
රටේ පොදු නීතියක් ඇතිකරන්න ඕනේ සමනාතමතාවය කියල දෙයක් නෑ ලංකාවේ .මාර නීතියක් (අ)
පුදුමාකාර නීති. ඔවුන්ටම කියලා කරදර විදගෙන තව ඔවුන් එනකම්ම රස්තියාදු වේවි ඉන්නත් ඕනෑ. (නි)
නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයකුත් තවත් ටිකක් වුවමනාය කියනවානේ. (නි)
මට පුදුම නිල ඇදුම් ඇඳගෙනද මේවා කරන්නේ කියා. නමින් විතරයි ද "ලෝකේ දිනලා" තියෙන්නේ. (නි)
දර්ශන, ඕක තේරුම් ගන්න තරම් මොලයක් රටේ අයට නැහැ. (නි)
මිනිස්සුන්ව රස්තියාදු කරවලා සාක්කි දෙන්න සාක්ෂිකරුවන්ට එපා කෙරෙව්වම කවුරුත් සාක්ෂි දෙන්න නැවත පැමිණේවියෑ? (නි)
"විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" ...? (නි)