‘අද වැලිවේරිය පොලිසියට එන්න කියා හමුදාව ගම්වාසීන්ට දැනුම් දී නෑ. අපි කිසිම කෙනෙකුගෙන් බලෙන් ප්‍රකාශ ගන්නේ නෑ. කැමති කෙනකුට ඇවිත් ප්‍රකාශ දෙන්න පුළුවන්. කැමතිනම් නොදී ඉන්නත් පුළුවන්.‘ යැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
‘මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නා ඇවිත් ප්‍රකාශයක් දෙන්න කියා. නමුත් සිතාසි යැව්වේ නෑ. වැලිවේරියෙ සිදුවේමෙදි මාධ්‍යයට ගැටළුවක් වුණාදැයි සොයා බැලීමට තමයි මාධ්‍යවේදීන්ට එන්න දැනුම් දුන්නේ. මාධ්‍යවේදීන්ට අනිවාර්යෙන්ම එන්න කියා අප දැනුම් දී නෑ.
මාධ්‍යවේදීන් ඇවිත් ප්‍රකාශ දුන්නොත් ඔවුනට සිදුවුණැයි කියන ප්‍රශ්න ගැන අපේ වාර්තාවේ ඇතුළත් කරන්න පුළුවන්. ‘ යැයි ද බ්‍රිගේඩියර්වරයා පවසයි.
මහජනයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වැලිවේරිය පොලිසියේ අද ශාලාවක්ද වෙන් කර තිබූ බව එහි ගිය මාධ්‍යවේදීහු දුටහ.
පොලියේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රකාශ ලියා ගැනීම සඳහා යුද හමුදාවෙන් එන බව දන්වා තිබූ බවයි. ඒ අනුව අවශ්‍ය පහසුකම් සැපයූ බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... (ස)
මම අදනේ දන්නේ දැනුම් දීම කියන එකෙයි, සිතාසිය කියන එකෙයි තේරුම එකයි කියලා. මෙච්චර කල් හිතාගෙන හිටියේ සම්පුර්ණයෙන්ම තේරුම් දෙකක් කියලා.අද ඒකත් දැනගත්තා.දැන් අපේ ළමයෙකුට වුණත් උගන්වන්න පුළුවන් විභාගයේදී දැනුම්දීම කියන එකට සමාන වචනයක් කියන්න කිවුවොත් සිතාසිය කියලා ලියන්න කියලා (නි)
පොඩි ලියුම් කෑල්ලක් වත් හරියට ලියාගන්න බැරුව කොහොම තනතුරු දරනවද මන්දා ....[ 2013.08.17 වන 09.00 පැයට ](නදී)
නීල් රණා... ඔබ මෝඩයෙක් බව ඕනවට වඩා පෙන්වීමෙන් වලකින්න.(නදී)
මෙතන ඉන්නේ මාර කඩේ යන කට්ටියක්. උඩින්ම සිතාසිය කියලා ගහලාම තියෙද්දිත් මේක සිතාසියක් නෙවෙයි කියනවානේ. (දී)
අනේ අපේ හමුදාව
''සාමන්‍ය ජීවිත්යෙදී අපි පිස්සොත් එක්ක කතාවට යන්නෙ නැහැ. එහෙත් අන්තර් ජාලයේදි අපිට ඒ වගේ අයත් හමුවෙනවා. බන්දුල පෙරේරා කියන මනුස්සයා දැක්කම මට ඒක මතක් වුනේ''...... ඉසුරු , අන්තර්ජාලයේ වුණත් බන්දුල පෙරේරා වගේ පිස්සෝ දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමා .. (ස)
යුද හමුදාවේ උසස් නිලධාරීතුමනි ඔබතුමාලා ඔබේ හමුදාවට තිබෙන ගෞරවය ඔබලාගේ ක්‍රියාකාරකමින්ම නැති කරගන්න යන්නේ. මිනිස් ජීවිත කියන්නේ මිලකින් කියා නිම නොකළැකි දෙයක් අනික විනය කියන එක යුද හමුදාවකට තිබිය යුතුම දෙයක්. එහෙම නැතිවුනත් අපේ රට නොදියුණු ජාතියක් වශයෙන් ලෝකය හදුන්වාවී. එය නැති කරගන්න ලොකු සටනක් ගෙන යන්න වේවි.(ස)
ජනතාවට කරපු අපරාදයට මදිවට දෙන ටොන් පච හලනවා ... (දී)
දැන් මේගොල්ලන්ගේ අස්චර්යය බේරෙනවා මානව හිමිකම් අමු අමුවේ කඩනවා හත්පොලේ ගාගෙන නේද මහත්තයෝ කරපු වරද පිළිඅරන් ඕගොල්ලන්ට සෙත් පතපු බොඩි පුජ තියපු ඒ අසරණ මිනිස්සුන්ට සදරනයක් කරන්න . මේ මුල් පාර නෙවෙඉනෙ (දී)
හමුදාවේ කට්ටිය උසාවි ගියාම කියාවිද දන්නෙ නැහැ මතක නැහැ කියලා (නි)
වැරදිකරුවන්ට දඩුවම් දෙන්න බය ඇයි? (නි)
ඉහත ඡායාරූපයෙන් පෙන්වලා තියෙන්නේ යුද්ධ හමුදාව මගින් කරනු ලබන මූලික පරීක්ෂණයක් සඳහා සාක්කි දීමට සිවිල් පුද්ගලයන්ට කරලා තියන දැන්වීමක්. ඒක යුද හමුදාවේ සම්ප්‍රදායටයි කරලා තියෙන්නේ. ඒකේ පහතින් හමුදාවේ උසස් නිලධාරියෙක් අත්සන් කරලත් තියනවා. ඒක නීත්‍යානුකූල ලියවිල්ලක්. කාරුණිකව කරලා තයන දැන්වීමක්. මට හිතෙන විදියටනම් ඒකේ මාතෘකාව කුමක් වුනත් ඒක එතරම් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් දැන් අවංකව ප්‍රශ්නය විසඳා ගන්න අවශ්‍යතාවයක් තියනවා නම්, තමන්ට යුද්ධ හමුදාවෙන් යම් අසාධාරණයක් වෙලා තියනවා නම් ප්‍රශ්නය අවුල් කරන්න යන අයගේ බොරු අර්ථ කථන වලට අහුවෙන්නේ නැතුව , නීති ගරුකව මේවට උදවු කරන්න ඕනෑ. (නි)
හමුදාව ඉදිරියේ සිවිල් ජනතාව සාක්ෂි දීම කිසිසේත්ම නොකළ යුතුය. මෙහි පණ්ඩිත අදහස් දක්වන සම හරක්ට එහි බරපතලකම නොදැනෙන හැටි. මෝඩකම පෙන්නන්න එපා අනේ. (නි)
හමුදාපතිතුමා හමුදාවේ නම රැක ගනිත්වා! (නි)
හමුදාවට දැනටමත් ජාත්‍යයන්තර ප්‍රශ්නයක් තියෙද්දී ඇයි ඔහොම මෝඩ වැඩ කරන්නේ? (නි)
බන්දුල, අනුන්ගේ කටේ සුප්පු ඔබන්න කලින් ඔයාගේ සුප්පුව කලින්ම වෙන්කරගන්න හොඳේ? දේවාලේ කපුවෝ පහ කරන මළ වල ගඳ දෙවියන්ටත් දැනෙන්නේ නැතිලු. (නි)
හමුදා උසාවියකට පුලුවන්ද සිවිල් ජනතාවට සිතාසි යවන්න. හොදම දේ තමා මේ හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධව සහ අපරාධ සම්බන්ධයෙන් උසාවියක නඩු පවරන එක. ඒකට මාධ්‍යවේදීන් සහ සිවිල් ජනතාව සාක්ෂි දෙයිනේ. (නි)
සත්‍යපාල, ඔබ හරියටම හරි. බන්දුල, ඔබ සමග පළවෙනි වතාවට මම විරුද්ධ වෙන්නේ කණගාටුවෙන්. 'සාක්ෂි කරුවෙකුට සිතාසිය' කියන්නේ ආරාධනා පත්‍රයක්ද? උසාවියෙන් යවන්නෙත් මෙයට සමාන ලියවිල්ලක් තමයි. මේ ලිපියේ 'කාරුණිකව' කියන සම්ප්‍රදායික යෙදුම ඉවත්කලොත් මේක නියෝගයකට සමානයි. සිතාසි යැව්වේ නැහැ කියන එකේ තේරුම මොකක්ද මේ ලියවිල්ලේ 'සිතාසිය' කියල ලියලම තියෙනකොට. මෙවැනි ප්‍රකාශ මගින් කෙරෙන්නේ එකක් කඩතොළු වසාගන්න ගිහින් තවත් කඩතොළු ඇතිකරනවා කියන එක තමයි මටත් පේන්නේ. එයින් අසීරුතාවයට පත්වෙන්නේ රජයමයි කියන එක මේ ප්‍රකාශකයන්ට නොතේරීම අවාසනාවක්. (නි)
"එකක් කඩතොළු වසාගන්නට ගිහින් මට වුන කාරියා, ගොඩක් කඩතොළු හදා දුන්නයි කම්මලේ ආචාරියා " කියලා පරණ මිනිස්සු කියුවේ කට කහනවට නොවේ.ටිකෙන් ටික මේ ගැටළුව පඹ ගාලේ පැටලෙනවා.කරුණාකර පියවර කිහිපයක් පස්සට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යන්න.ඔය යන්නේ වැරදි පාරේ.ඔහොම ගියොත් අමාරුවේ වැටෙනවා වැටෙනවාමයි. විවේචනය කරන්නේ හදාගන්නට මිස බන්දුල පෙරේරා වගේ කරන වැරදි සියල්ල හරි කියමින් තවත් වැරදි මග යන්නට නොවේ.ඉතිහාසය පුරා ලේ වැගිරුන මේ රටේ තවත් ලේ වැගිරෙන්නට නොදී රට තබාගන්නට දේශපාලකයන්ට වඩා පුරවැසියන් වන අපිට කැක්කුමක් වගකීමක් තිබෙන නිසාමය. (නි)
සාක්ෂිකාරියක ලෙස සාක්ෂි ලබාදෙන්න කැමති මාධ්‍යයවේදීන්ට කැමති නම් පමනක් ඉදිරිපත් විය හැකි බව නේද මේ පවසා ඇත්තේ? (නි)
දේශපාලකයෝ එපා වෙලා ඉන්න ජනතාවගේ ගෞරවය හමුදාවට ලැබෙන එක නවත්වන යෙදූ උපායක්ද මේ? (නි)
"ඇස්පනා පිට බොරු වීම" (නි)
බුදු අම්මෝ! දැන් එහෙනම් සිතාසි යවන්නේ භූතයෝද? (නි)
මේ ඡායාරූපය දැක්කම ප්‍රකාශ කරන අය ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා අපට, ඒ අයට කිසිම ලැජ්ජාවක් නැතුවා ඇති. තව මොකක්හරි කියයි දැන් මේක වහන්න. ලැජ්ජා නැතිකම මොකක්ද එකටත් වඩා ලොකුයිනේ (නි)
මේ කැදවලා තිබෙන ලිපිය යවලා තියෙන්නේ තුන්වනි පාර්ශවයේ අයෙක් වෙන්න බැරිද? (නි)
සාමන්‍ය ජීවිත්යෙදී අපි පිස්සොත් එක්ක කතාවට යන්නෙ නැහැ. එහෙත් අන්තර් ජාලයේදි අපිට ඒ වගේ අයත් හමුවෙනවා. බන්දුල පෙරේරා කියන මනුස්සය දැක්කම මට ඒක මතක් වුනේ (නි)
තුවක්කුවේ බලය අහිංසකයන්ට පෙන්නලා දැන් එක එක කතාත් කියනවා. (නි)
දැන් ඒකත් නැහැ කියනවා (නි)
උපාලි මහත්තයට මම හැමදාමත් ගරු කරනවා..සිතාසිය කියන වචනේ නියමාකාරයෙන් බරපතල ආකාරයෙන් අර්ථ දැක්වෙන්නේ සිවිල් නීතිය අනුව සිවිල් අධිකරණ ක්‍රියාවලියකදී..මෙතන අර්ථ දැක්වෙන්නේ වෙන විදියකට..සාක්කි දෙන්න නියෝග දෙන්න හමුදාවට බැහැ කියලා මේ අදහස් දාන අය දන්නෙම නැතුව ඇති කියල හිතනවද? මේ වචනයක පටලැවිල්ල අල්ලාගෙන එතනත් හමුදාවට පහර ගහන්න හදන්නේ..පරමාර්ථ පැහැදිලියි .හිටපු හමුදා සාමාජිකයෙක් හැටියට මම දන්නවා හමුදා සමාජිකයා මේ රටේ නීති පද්ධති දෙකකට යටත් බව..වරදකට සිවිල් නීතියෙන් දඩුවම් ලැබූ පමණින් හමුදා නීතියෙන් ගැලවීමක් නැහැ..සිවිල් නීතියට අභියෝග කිරීමක් නෙමෙයි එතන යන්නේ වෙනස් ක්‍රියාවලියක්.ඒ ක්‍රියාවලිය සදහා මහජන සහය පැතීමක් කරලා තියෙනවා..ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා.සිවිල් උසාවියක වගේ ආවේ නැහැ කියලා අල්ලලා හිරේ දාන්න හමුදාවට බැහැ..මේ ලිපියේ අරමුණත් එක නෙමෙයි..සිතාසිය කියන වචනේ කට්ටිය තමන්ගේ වාසියට ඉතාමත් දැනුවත්වම හමුදාවට පහරගහන්න භාවිතා කරනවා... (ස)
සිවිල් උසාවියක සිතාසියකයි මේ ලිපියෙය් වෙනස වටහාගන්න බැරිද? සත්‍යපාල මහත්තයෝ, එන්න සුප්පුවක් කටට දීලා නලවන්න.කාටවත් බලෙන් සාක්කි දෙන්න එන්න කියලා තියෙනවද මේකේ.හමුදාවේ පරීක්ෂණයයි පොලිස් පරීක්ෂණයයි කියන්නේ දෙකක්.මේ පරීක්ෂණය යන්නේ හමුදාව් පැත්තෙන්. වැරදි කරුවන් ඉන්නවා නම් හමුදා නීතිය යටතේත් ඔවුනට හිමි දඩුවම ලබලා දෙන්න.හමුදාවෙන් පීඩා වින්දා කියන අයගේ සාක්ෂි ඒකට වැදගත්.. (නි)
ජාත්‍යන්තර බලවේග මර්දනය කරන්න බැහැ කියමුකෝ.ලෝකයේ හොදම හමුදාවක් ඉන්න අපිට ඔය කියන "තුන් වෙනි පාර්ශවය" හොයා ගන්න බැරි ඇයි? (නි)
මේ රටේ හමුදාවට තිබුණ තැනත් නැති වෙන්නයි යන්නේ (නි)