වැලිවේරිය හා බැලුම්මහර ගැටුම්වලදී තුවාල ලැබූ ගම් වැසියන්ගේ සංඛ්‍යාව අද රාත්‍රී අට වන විට 24 දක්වා ඉහළ ගියේය.
ඉන් බොහෝ දෙනකු පැවසුවේ වැලිවේරියේදී වෙඩි වැදුණු බවයි. වෙඩි වැදුණු ආකාරය කීමට ඔවුහු නොදනිති.
ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් ධර්මරත්න මහතා පැවුසවේ එක් රෝගියකුගේ තත්ත්වය බරපතල බවයි.
තුවාලකරුවකු මියගියායැයි පැතිර ගිය ආරංචිය ගැන විමසූ විට ඔහු එසේ පැවසීය.
ආරක්ෂක හමුදා රබර් උණ්ඩ හා කඳුළු ගෑස් භාවිත කළ බව දැනගන්නට ඇත.
මේ අතර වැලිවේරිය පොලිසිය අසළ සිටින තුවාල කරුවන් පිරිසක් රාගම රෝහලට රැගෙන යෑමට ගිලන් රියක් යැවූ නමුත් වැලිවේරිය කනත්ත අසළ සිටි පිරිසක් ආපසු හරවා යැවූ බව ද, පාරේ මහා ගිනි ගොඩක් ගසා ඇතැයි ද දැනගන්නට ඇත.
තුවාලකරුවන් අතර හමුදා සාමාජිකයන් සිටින බව ද දැනගන්නට ඇත.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි මහතාගේ හිසට ගල් පහරක් ද, කකුළට බෝතල් පහරක් ද වැදී තුවාල වී ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය අසළ තුවාල කරුවන් කොපමණ සිටීදැයි දැනගත නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලක,ටිකිරිබණ්ඩාර,පාලිත,ඔබලාගේ අදහස්වලට හදවතින්ම කෘතචතාවය පුදකරමි!රජයක් ඕනෙද මේ රටට?හමුදාව දේශපාලනි කරණය වෙලා ඉවරයි!තුවාල වුන අසරණ ජනතාවට ඉක්මන් සුවය!මැරුම් කෑ සහෝදරයට නිවන් සුව! (දී)
මෙම ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා (නි)
මර්දනකාරී ක්‍රියාවට ශාප වේවා ....!
බොන්න වතුර නැතිනම් බොන්න ඇසිඩ්... මේ ජනතාවාදී ආණ්ඩුව අපකීර්තියට පත්කරන්නේ නැතුව. ඔය උද්ඝෝෂනය බටහිර කුමන්ත්‍රණයක්. මේ ආණ්ඩුව අපහසු තාවයට පත්කරන්න ඔය උද්ඝෝෂනය කරපු අය ඒ අයටම වෙඩි තියාගෙන (දී)
රජයකට එක පැත්තක් විතරක් බලන්න බැහැ. යම් ප්‍රශ්නයක් තිබෙනො නම් ඒකට විසදුම් දෙන ගමන් ඒ ප්‍රශ්නේ දඩමීමා කරගෙන අනෙක් සාමකාමී ජනතාවට හිරිහැර කරන එක වළක්වන එක රජයක වගකීමක් .රජය එම යුතුකම කළා. ලංකාදීපේ අදහස් දමන්නේ මම අද ඊයේ නෙමෙයි.මේ අදහස් දමන අයගේ මානසිකත්ව මම හොදට දන්නවා.අරාබි වසන්ත මේ රටට එනකම් බලාගෙන ඉන්න නරුමයෝ අද ලතෝනි දෙන්නේ තව 10ක් 15ක් මැරෙන්නේ නැතුව මේක එක මරණයකින් අවසන් වුණු දුකට.නැතුව මේ වතුර ප්‍රශ්නයෙන් අසරණ වුණ මිනිස්සුන්ගේ දුකට නෙමෙයි.නුවර පාර දෙපැත්තේ හිර වෙලා හිටපු මිනිස්සු ගැන මාලකගේ හෘද සාක්ෂිය අවදි වුණේ නැද්ද? හමුදාවට තියෙන්න ඕනෑ මේ මිනිස්සු ගැන තිබෙන හෘද සාක්ෂිය විතරද? මේ රටේ වැඩි ප්‍රතිශතයක් කියන්නේ ,මේ උද්ඝෝෂණ වලින් පීඩාවට පත් හැම මිනිහම කියන්නේ "වෙල්ඩන් බෝයිස් " තමයි මහත්තයෝ. (නි)
පෙට්‍රල් මාර ගනන් නේ (දී)
මේ අපරාධය කලුන්ට සාපවේවා ! (ස)
ජනතාව සියලුම දේශපාලකයින් ප්‍රතික්ෂේප කරයි! ප්‍රවෘතියක්!
අලුත් හමුදාපතිතුමාව කොන්ද කෙලින් තබාගෙන රාජකාරි කරාවියැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
පරීක්ෂණයක් තියන්න වහාම (දී)
දැන් මේ අහිංසකයන්ට ගැහුවේ මොන වරදක් කලාටද? මිනුස්සුන්ගේ වතුර ටිකටත් විස එකතු කලා මදිවට තව ගහන්නත් එනවද? (ස)
මට මේ සිදුවීම ගැන තියෙන වේදනාව ,කලකිරීම නිසා මොනවාහරි කියන්න හිතුවා.ඇත්තටම මාධ්ය මර්ධනයක් කතා කලාට දැන් තමයි මිනිස්සු ඒවා අත් විදිමින් ඉන්නේ..ගහපු විදිය වීඩියෝ කලොත් පොටෝ ගැහුවොත් මාධ්‍යයට දරුණු ප්‍රතිවිපාක ලැබේවිලු.ඉතින් සිදුවීමේ භයානක කම වෙනම කියන්න ඔනද? ප්‍රභාකරන් ජීවත්ව ඉන්න කාලේ මම හැමදාම පැතුවා ඔහුගේ මරණය,මොකද ලංකාවේ මිනිසුන් ගේ සාමයට ,ජීවිතයට ලොකුම තර්ජනය ඔහු කියලා මං හිතුවා.ඒත් මං එහෙම කලේ ඒකීය රට රකින්න නෙමෙයි.ෆෙඩරල්ද නන්පෙඩරල්ද යන්න ගැන මම දන්නෑ,මම ආණ්ඩුක්රනම ව්‍යවස්ථා විශේෂඥයෙක් නෙමේ.ඒත් දෙමල මිනිසුන්ගේ සාධාරණ අයිතිවාසිකම් ලැබුනාවේ මම හිතුවා, යුද්දේ කාලේ මම හැමදා අපේ විරුවන්ගේ ජය පැතුවා.හැකිවිට බෝධි පූජාවලට සහභාගි වුනා.මේ රතුපස්වල මිනිස්සුත් කොච්චර ඒ වගේ අපේ විරුවන්ගේ ජීවිත රකින්න දෙවියන්ගෙන් ඉල්ලන්න ඇතිද?කොච්චර ආධාර එකතු කරලා යවන්න ඇතිද? අද හමුදාවෙන් ගැහුවේ තමන්ගේ අම්මා තාත්තා ,සහෝදරයෝ වගේ පිරිසකට.මම නම් කියන්නේ මගේ අම්මාට ,සහෝදරයාට ගහන්න කියලා මොන බලපෑම ආවත් මට මොන දඩුවම දෙනවා කිව්වත් මට ඒක කරන්න පුලුවන්ද?ඊජිප්තුවේ හමුදාව යොදවා මිනිසුන් මර්ධනය කරන කොට ඊට විරුද්දව නැගී හිටියේ හමුදාව.පාලකයෝ අණකරන හැම අමන වැඩක්ම හමුදාව ක ල යුතුද?උඹලගේ තරු පටිවලට කෑදරකමින් අහිංසක මිනිසුන්ගේ ලේ ,කදුලු මට එපා කියන්න තරම් හෘද සාක්ෂියක් මේ වීරයන්ට නැද්ද? වතුර බිදක් වෙනුවෙන් දුක් විදින මේ අසරණයන්ට ගහනවාට වඩා තරු පටි ගලවා හිරේ වුනත් යන්නම් කියන්න තරම් හෘද සාක්ෂියක් නැද්ද? අවසාන වශයෙන් කිවයුතු වන්නේ “වෙල් ඩන් බෝයිස් “ඔය වගේම කරගෙන පලයල්ලා (ස)
බලධාරියෙක්ගෙ අනක් පරිදි ක්‍රියාත්මක උන ප්‍රහාරය තරයෙ හෙලා දකිමි. (ස)
මාලික ඔබේ අදහස් දැක්වීම අනර්ඝයි. මටත් කියන්න තියෙන්නේ ඔය ටික තමයි. අසරණ මිනිසුන් හැමදාමත් අසරණයි මේ රටේ. (ස)
ස්වභාව ධර්මය කවදාහරි විසදයි මේවා. එතෙක් අපි සියල්ලම අවදියෙන් (නි)
පාරවල් වහගෙන උත්ගොෂණය කරන්න සිද්දවෙලා තියෙන්නේ කාලයක් තිස්සේ මේ ගැන බලදාරීන්ට කීවත් පලක් නොවි ඇති නිසයි, අන්න එක හොදට මතක තියාගන්න.(ස)
පාරවල් වහගෙන උද්ඝෝෂණන කරනවට හොද පාඩම (නි)
ජලය මිනිස් ජිවිතයේ මුලික අවශ්‍යතාවයක් බව රහසක් නොවේ. කෙමේ නමුත් මේ සම්බන්ධව කටයුතූ භාරව ඇති නිළධාරීන් හා බලධාරින් හැකි ඉක්මනින් විසදුමක් ලබාදිම කටයුතූ කළ යුතුය. (නි)
පිරිසිදු ජලය ඉල්ලා හඩනැගු ජනතාවට වෙඩි තැබුවේ ඇයි? (නි)
බන්දුල මහත්තයෝ, ඔයා නියෝජනය කරන්නේ රටේ වැඩි දෙනෙක් කියන දේ තමයි. ඔයාගේ මතය හරිම ආත්මාර්ථකාමී එකක්. රටේ මිනිස්සුන්ගේ ජීවිතෙත් එක්ක බැදී පවතින ප්‍රශ්නයක් සමග අනෙක් මිනිසුන්ට ගමනක් යන්න බැරි වුණ එකත් එක්ක ලගු කරන එකෙන්ම පෙනෙනවා තරම. ඔය වගේ අය නම් කියාවි 'වෙල් ඩන් බෝයිස්' කියලා. මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ආවම ඒක විසදන්න ආණ්ඩුවට බැරි නම් මිනිසුන්ට ඒක විසඳගන්න කියලා ආණ්ඩුවට බලකරන්න වෙනවා. කවදාහරි දවසක ඔබතුමාට කියන්න වෙන්නේ 'වට් හැපන්ඩ් බෝයිස්' කියලා තමා. (නි)
ඒකට පරීක්ෂණයක් තියන්න තුන්දෙනෙක් මලා ඇහැක් ඇරලා බලන්න එපා (දී)
පාරවල් වැසීම සාමාන්‍ය ජනජීවිතයටබාධා කිරීම අනුමත නොකරමි (දී)
මෙම ප්‍රශ්නයට අදාල සැම පුවතකටම බන්දුල පනින්නේ මේ ජලය දුෂණය කරන ආයතනයේ හවුල් කාරයෙක් වගේ.
මාලික, ඔය දන්නවද ඊජිප්තුවේ තත්ත්වය දැන්? ඒ රටේ මිනිස්සුන්ගේ චර්යාවන්? වෙල්ඩන් බෝයිස් කිව්වේ හමුදාවටද? (නි)
මාලක...ඔබගේ හැගීම් කියවීමට ලබේමත් සතුටක්. (දී)
රටේ ජනතාව පාරට බහින්නේ ගෙවල් තෙමෙනවට නෙවි. දවස් ගණනක් මිනිස්සු සාධාරණයක් ඉල්ලද්දී රටේ පාලකයෝ සද්ද නැහැ . හරි කණගාටුදායක තත්වයක්. චන්දයක් අතලග තියාගෙනත් මෙහෙම හැසිරෙනවානම් පාලකයෝ චන්දෙන් පස්සේ කොහොම හැසිරෙයිද? මේ මැරෙන්නේ ලංකාවේ මිනිස්සු නොවෙයිද? (දී)
මේ දුප්පත් මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු වතුර ටිකක්. මේකට වගකිවයුත්තෝ සති ගණනක් කිසිම පිළියමක් යෙදුවේ නැහැ. (නි)
මේ අපේ ආශ්චර්යමත් ලංකාවද? අපේ ජනතාවට ජය වේවා! පාලකයෝ වගකිව යුතු නිලදාරීන් නිදිද? තව ජීවිත කීයක් බිලි ගනීද? (නි)
මාලක මහත්තයෝ , තමුන් ඔය ක්‍රියාමාර්ගය ඔය විදියට දුටුවට අපි දකින්නේ හමුදාව තම යුතුකම කළා කියලා.සාමකාමී උද්ගෝෂණ කොහෙද තියෙන්නේ නුවර පාර වගේ පාරක් හරස් කරගෙන? (නි)
අපි ඉල්ලුවේ පිපාසෙට බොන්න වතුර. ඒත් කමක් නැහැ අයියෙ, උබලා යුද්දේ කාලේ වතුර නොබී සටන් කළා. ඇසිඩ් වතුරෙන් වකුගඩු දිය වෙලා මිනිස්සු මැරිලා යාවි, ඒත් කමක් නැහැ අයියෙ. ඒ මොන දේ වුණත් අපි උබලාට සදා ණයගැතියි. මොකද විශ්වාසනීය හෙට දවසකට පයින් ගහලා සුබ අනාගතයකට අවස්ථාව දීපු එක අපේ වැරැද්දක් නිසා (නි)
මලික, ඔබේ කතාව ඇත්ත. දුක හෙතෙනවා මේ මිනිස්සු ගැන. දැන් මිනිස්සුන්ට මුලික අවශතා සදහා පාරට බහින්නම වෙලා. (දී)
මේ අපරාධය කල අයට සාපවේවා !වැහි නැති හෙන හතක්ම වදීවා. (දී)
බන්දුල ,පාර වහපු එක වැරදියි .ඒත් ඒක විසුරුවන්න තිබුණ හොදම විදිය මේකද? (නි)
කවුද මේ බන්දුල කියන්නේ? මිනිස් ජිවිත එකක් හෝ දහයක් වුණත් ඒ ජිවිත වටිනවා ඒ අයිතිකෙනාට..නිරායුධ එක් මිනිස් ජිවිතයක් හෝ නැති කිරීම අපරාධයක්. මිනිස්සුන්ට පාරට බැහැලා තියෙන්නේඅවශ්‍ය ඉල්ලීමක් දිනා ගැනීමට. (නි)
මාලික.වුගන්දාවේ ජාල පහසුකම් වෙනුවෙන් ඩොලර් කොටි ගණනින් අපේ බදු මුදල් වලින්ආධාර කරන්න පුලුවන්නම් අපේ රටේ අපේම අසරණ මිනිසුන් වෙනුවෙන් බොන්න වතුර ටිකක් දෙන්න බැරිද?අනික f අගය 4 ට අඩු වතුර බොන්න පුළුවන් මොකාටද?අහෙව් අසරණයන්ට වෙඩි තියන්න උපදෙස් දෙන හැමෝටම වැහි නැති හෙන ගෙඩි පාත් වෙන්න ඔනේ.අපේ ඇස් මනාපිටම සිද්ද වෙන්න කියලයි මම දෙවියන්ගෙන් එල්ල සිටින්නේ. (දී)
ඔය අහින්සක මිනිස්සුන්ට තලපු වෙඩි තියපු උන් ටික වාහනේකට හෙප්පිල අකුණක් වෙඩිල හරි මෙරිල යන්න ඕනි. සාප වේවා! (දී)
ජලය කියන්නේ මිනිසුන්ට වගේම සතුන්ට ගහ කොළවලට සියල්ලටම පොදු අත්‍යාවශ්‍ය දෙයක්. මේ මිනිස්සුන්ට ජලය දෙන්න මෙතරම් ප්‍රමාද විම ගැන මම නම් රජයට දොස් පවරනවා. (නි)
වතුර ඉල්ලා උද්ගෝෂණය කළ අයට පහර දී වෙඩි තැබූ අයට ආවඩන අයට කෙදිනක හෝ සිදුවන්නෙත් මේ ටිකමයි. (නි)
වතුර ඉල්ලුවාම වෙඩි තියන රටක්. එ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(අ)