IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙලාවට නොකෑවොත් ලෙඩේ

(යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න)
සමාජයේ සියයට අනූවක් පමණ දෙන පීඩා විඳින රෝගයකි මෙම අම්ල පිත්ත රෝගය. ආයුර්වේද වෙදකමේ අම්ල පිත්තය නමින් හඳුන්වන මෙම රෝගය ග‍්‍රැස්රයිටීස් යනුවෙන් කියනු ඔබ අනන්තවත් අසා ඇතුවාට සැකයක් නැත. 
බඩ පපුව දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම,  අධිකව බඩගින්න දැනීම, බඩ පිපුම, මළ පිටවීම හරියාකාරව සිදුනොවීම, උදරයෙන් නැගෙන ශබ්දය, හිසරදය, කැරකිල්ල, මුත‍්‍ර දැවිල්ල ආදී මෙකී රෝග ලක්‍ෂන සියල්ලෙන්ම හෝ කීපයකින් රෝගියා පීඩා විදී. මෙම තත්ත්වය තවත් කල්ගත වීමෙන් ශරීරය කැසීම, කුඩා බිබිලි දැමීම ආදී චර්ම රෝගද ඇතිවිය හැක. හෘද පෙදෙසේ වේදනාවද මේ නිසා ඇතිවේ. වරින් වර ඇතිවන යුග පරිවර්තන හමුවේ මෙම රෝගයකු වසංගතයක් සේ බොහෝ දෙනාට වැළදී ඇත.
ආයුර්වේද ග‍්‍රන්ථවලට අනුව මෙම රෝගය පිත හා සම්බන්ධ රෝගයකි. ආහාර නොදිරවා ඇඹුල් බවට පත්වීම මෙන්ම ආමාශගත පිත පල්වීමට පත්වීමයි. ආමාශයට එකතුවන අම්ල රසය අධිකවීම හෝ අඩුවීම මෙම රෝග තත්ත්වයට මූලික වෙති.  
ශරීරයේ පැවැත්මට අප ගන්නා ආහාරය ගල නාළය හරහා ආමාශය කරා පැමිණිවිට පිත්තනාලවලින් හා අනෙකුත් අග්න්‍යසය ආදී අවයවවලින් ජීර්ණය පිනිස අම්ල රසය ආමාශය කරා පැමින ආහාර ජීර්නයට සුදානමින් සිටියි. එවිට එම ආහාර අම්ල රසය හා මිශ‍්‍රව රසධාතුව බවට පත්වේ.  වෙන්ව ගිය අනෙකුත් අනවශ්‍ය කොටස් මළ ලෙස හා මුත‍්‍ර ලෙස පිටවේ. 
මෙයට ප‍්‍රධානම හේතුව නියමිත වෙලාවට ආහාර නොගැනීමයි. ආහාර පැමිණෙන තෙක් ආමාශය සුදානම් ව සිටියත් ආහාර කළට වේලාවට ආමාශයට නොලැබීමෙන් පිත්ත රසය ඇඹුල් බවට පත්වෙනවා පමණක් නොව ආමාශයේ සිවියද දුර්වලබවට පත්වී තුවාල හට ගනී. මෙසේ දුර්වල වූ ආමාශය තුළ ඇඹුල් බවට පත්වූ පිත්ත රසය දිගින් දිගට තිබීම හේතුවෙන් දැවිල්ල හා ඔක්කාරය අපහසුතාව රෝගියාට ඇතිවේ. 
මෙම විකෘති වූ පිත් රසය මතට ඇඹුල් රස ආහාර හා තෙල් සහිත ආහාර හා පරණ ආහාර ආදිය ආහාරයට ගැනීමෙන් තව තවත් උග‍්‍ර අතට හැරීම වැලැක්විය නොහැකිය. අබ, අච්චාරු හා තක්කාලි, විනාකිරි මිශ‍්‍ර ආහාර ගතහොත් රෝගය වඩාත් උත්සන්න වේ. මානසික පීඩාවන්ද මෙම රෝගය නිදාන වෙයි. චිත්ත පීඩාවන් ඇතිවූ විටද මෙම රෝග ලක්‍ෂණ ඇතිවේ. 
විවිධ රසායනික ද්‍රව්‍ය මිශ‍්‍රකළ සතුන් ආහාර, ක්‍ෂණික ආහාර, කෘත‍්‍රිම බීම, අන්නාසි, අඹ, මිරිස්, තක්කාලි යොදා සාදනු ආහාර වර්ගද මත්පැන් පානයෙන්ද ආමාශය රෝග ග‍්‍රෂ්ඨ වේ. අධිකව නිදි වැරීම, දහවල් ආහාර ගත් සැණකින් නිදා ගැනීම මෙන්ම මේවාට අමතරව තවත් බහුල හේතුවකි ඖෂධ නිසා ඇතිවන උපද්‍රව. බොහෝ වේදනා නාශකවලින් මෙම උදර දාහය හටගනී. විශේෂයෙන් ඇස්පිරින් අඩංගු ඖෂධ මෙන්ම සන්ධිගෝඨය වැනි රෝග සඳහා ගන්නා වේදනා නාශක මෙම රෝගයට හේතු පාදක වෙති. 
අම්ල පිත්ත රෝගය වළක්වා ගැනීමට ඖෂධ පරිභෝජනයට වඩා වැදගත් වනුයේ කුඩා කල අම්මා අපට හුරුකළ ආහාර රටාව නැවත අනුගමනය කිරීමයි. එනම් බඩගින්න දැනුන විගස ආහාර ගත යුතුය. එම ආහාරද ගෙදර දොරේ නිසි පිළිවෙලට පිරිසිදුව සාදනු ලබන ආහාර වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. උදේට 6 ට පෙර කිරි වීදුරුවක්. උදේ 8 ට පෙර උදෑසන ආහාර වේලද, 10 ට පමණ යම්කිසි කෙටි ආහාරයක් සමග තේ හෝ කිරි වීදුරුවක්ද දවල් 12x1 ත් අතර දිවා ආහාරයද 4 ට පමණ නැවත කෙටි ආහාරයක් සමග තේ වැනි පානයක්ද. රාත‍්‍රි 7 ට පමණ රාත‍්‍රී ආහාරයද ගැනීමට අනිවාර්යයෙන්ම යොමුවීම  රෝග සුවයට බෙහෙවින් උපකාරි වේ.  
මේ සඳහා ඖෂධ ගත යුතු වූවත් ඒවා වෛද්‍යවරයකු හමුවී ලබාගැනීමට යොමුවීම ඉතා වැදගත්ය. මුං ඇට කිරිබත්, කිරිබත්, ධාන්‍ය වර්ග, කිරිහොදි, අල, නිවිති වැනි සෞම්‍ය ආහාර වර්ග අම්ල පිත්ත රෝගයට ඉතාමත් සුදුසුය.  

 
 

 



අදහස් (0)

වෙලාවට නොකෑවොත් ලෙඩේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site