යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පළමු වරට සංවිධානය කරන ‘වලව සුපර් ක්‍රොස් - 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 20 වැනිදා උඩවලව සෙවණගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. උඩවලව ජාතික වනෝද්‍යානයට සමීපව උඩවලව තණමල්විල මාර්ගයේ 17 වැනි කණුව අසළ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තු යුද හමුදා කඳවුරට අයත් මෙම ධාවන පථයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 1.5 කි. මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරු පැදි ඉසව් 12 කින් සමන්විත මෙම තරගාවලියේදී දිවයිනේ නම ගිය මෝටර් රථ ධාවකයන් සහ යතුරු පැදි තරගකරුවෝ 150 කට ආසන්න පිරිසක් මෙම තරගාවලියට සහභාගිවෙති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යතුරු පැදි මෝටර් ක්‍රොස් ශූරයා ගයාන් සඳරුවන් මෙම තරගාවලියට සහභාගි නොවීම කී‍්‍රඩා ලෝලීන්ට සුබ ආරංචියක් නොවනු ඇත. පසුගියදා පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම්වල නිරතවීමේදී සිය පිට කොන්දේ ඇති වු ආබාධය සම්පූර්ණයෙන්ම සුව නොවීම නිසා තමන් මෙම තරගාවලියට සහභාගි නොවන බව සඳරුවන් ‘ලංකාදීපයට’ පැවසීය. වෛද්‍ය උපදෙස්වලට අනුව මාස තුනක කාලයක් විවේකය අවශ්‍ය බවත්, ලබන වසරේ ජනවාරි මස සිට පුහුණුවීම්වලට යොමු වන බවත් ගයාන් පවසයි.කෙසේ වෙතත් ගයාන්ගේ අඩුව පුරවමින් ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් තරගාවලියේ 250 සී. සී. සහ 125 සී. සී. රේසිං ඉසව් සඳහා සහභාගි වෙයි. යතුරු පැදි ඉසව් අතරට කනිෂ්ඨ ධාවකයන් සඳහා ඉසව් සහ සුපර් මෝටාඞ් ඉසව් ද ඇතුළත්වේ. මෝටර් රථ ඉසව්වල වේගවත්ම ඉසව් වන සිලින්ඩර ධාරිතාව 1600 සී. සී. සහ එස්. එල්. ජී. ටී කාර් 3500 සී. සී. ඉසව් ද තරගාවලියට ඇතුළත්වේ. තරගාවලිය දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මධ්‍ය හමුවේදී යුද හමුදා මෝටර් රථ හා යතුරු පැදි ක‍්‍රීඩා කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ මහතා පැවසුවේ උඩවලව ප‍්‍රදේශයේදී පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය දැකගැනීමට එම ප‍්‍රදේශයේ ජනතාව උනන්දුවෙන් පසුවන බවයි.තරගාවලිය පැවැත්වීමෙන් උඩවලව ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ද සැලසෙන බව බි‍්‍රගේඩියර් මායාදුන්නේ මහතා පැවසීය. තරගාවලියේ ජයග‍්‍රාහී ධාවකයන්ට කුසලාන සමග මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය සහ යුද හමුදා මෝටර් රථ ධාවකයන්ගේ කමිටුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරති.
ජාතික ජනබලවේගය දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධූර 26ක් දිනා ගත්තේය.
බියගම ප්‍රාදේශීය සභාවේ සභික ධූර පනස් හතෙන් ධූර 32කක බලය ජාතික ජන බලවේගය හිමි කරගත්තේය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභික ධූර 46කින් 27ක පාලන බලය ජාතික ජනබලවේගයෙ දිනා ගත්තේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී