කෙසෙල්වලට හා වීවලට සාධාරණ මිලක් ඉල්ලමින් වලව ගොවියෝ අද ඇඹිලිපිටිය නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ. වී කිලෝවේ මිල රුපියල් 25 දක්වාත් ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 15 ක් හා කෝලිකුට්ටු කිලෝව රුපියල් 45ක් දක්වාත් පහත බැස ඇතැයි ඔවුහු කියති.
කොළඹ කෝලිකුට්ටු කිලෝව රුපියල් 100 ඉක්මයි.ඇඹුල් කිලෝව රුපියල් 60කි. වලව වැඩිදෙනා කෙසෙල් ගොවියෝය. කෙසෙල් මිල මෙතරම් පහත බැසීමට හේතුවී ඇත්තේ කෙසෙල් ව්‍යාපාරිකයන් එකතුවී කෙසෙල් වගාකිරීම හේතුවෙන් යැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසෙල් කැනේ එල්ලිලා මැරිලා වගේ ඉන්න පින්තුරේ දැක්කම ගොඩක් දුක හිතුනා. පව් අසරණ මිනිස්සු, දුක් මහන්සි වෙලා වගා කරලා පලදාව විකුණා ගන්න බැරි උනාම මොනවා හිතෙනවා ඇද්ද...? ඉක්මන් විසදුමක් ලැබේවා කියා පතන්නම් වෙන මොනවා කරන්නද අපි නේද? (නදී)
දැන් කෙසෙල් කෑවා ඇති. කරුන්කා ගෙන්නලා තියෙන්නේ ඇති වෙන්න (අපි දන්නා විදිහට කන්ටේනර් එකක්)ලගදීම බාබුල් කමු ලාබෙට.(නදී)
පලතුරු එලවල්ලු වලට පාලන මිලක් නැහැ. ඒ නිසා අතරමැදි වෙළෙන්දා තමයි ගොවියන්ව ගසා කන්නේ. මම යෝජනා කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව මේ ප්‍රශ්නයට සාදාරන විසඳුමක් අසරණ ගොවියන්ට ලබාදිය යුතුයි කියලා.(නදී)
මාකර්ට් එකේ නම් ඇඹුල් කෙසෙල් කිලෝවක් රු 60-80 යි. කෝලිකුට්ටු කිලෝවක් රු 125 සිට 160 දක්වා ගණන් වලට තියෙනවා. අසාදාරන ලෙස ගොවියාගේ - මහන්සියත්, පාරිබෝගිකයාගේ - පොකට්ටුව්ත් අතරමැදිය කොතරම් කෘර ලෙස සූරා කනවද ? (අ)
දැන් මේක නම් හරිම ප්‍රස්නයක් අපේ රටට. හෙට අනිද්දට වැසිකිලියට යන්න බැරිඋනත් උද්ඝෝෂණය කරයි. (ස)
කොළොඹ කෙහෙල් කෑවොත් පිලිකා තමයි.. ගොවීන්ට සාදාරන මුදලක් දිය යුතුයි.(නදී)
ගොවියා අප රටේ සිටිනා දෙවියාය. ඔහු රැක ගැන්ම අප කාගේත් යුතුකමය. සාධාරණ මිලක් හනිකට දිය යුතුය.නැව් එනතුරා නැතිනම් කට බලියාය.(නදී)
මේක උද්ගෝෂණය කර අයගේ වරදක් නෙමෙයි අසංක. අපේ රටේ ක්‍රියාපටිපාටියේ වරදක්. මෙහෙම ගියොත් වගාකරන්න ගොවියෝ නැතිවෙයි. වගා කරලා ලැබෙන ගැන අරගෙන මැරෙන්නද කියන්නේ. නිකන් හිටියොත් කවදාවත් නොවිසඳෙන නිසා තම පාරට බැහැල තියෙන්නේ. අපි ඔබ සමගයි.(නදී)
කෙසෙල් වලට කුරේටර් දානවා, අල ගුල්ලා සහ කඳ ගුල්ලා මර්දනයට. ගානක් මිම්මක් නැහැ. කුරේටර් වල තියෙන්නෙ කාබොෆියුරාන් කියන සිරුරට ඉතා හානිදායක කෘමි නාශකයක්. ඒක පිලිකා කාරකයක්. කවුද ඕවා බලන්නෙ පිලිකා ඇඟ පුරාම ගියහම ඉවරයි.(නදී)
ගොවියට පළමුව සාදාරන මිලක් දිය යුතුය. මේ අපේ රටේ ජීවනාලියයි. මේ අය රැක ගැනීම තමයි විය යුත්තේ. තමන්ගේ පලදාව විකුණා ගන්න දුක් විදින එකම රට. වරද කොතනද ? (නදී)
වෙළද ඇමතිතුමනි , මෙම අතර මැදියගේ අසාධාරණ සුරාකෑමට විසදුමක් නැද්ද? ගොවියයි පරිබෝගිකයි සදා දුකේ, අතර මැදියට හැමදා කල්ල මරේ ,(අ)
මේවා රට යවන්න බැරිද ? මම ඉන්නේ යු.කේ. මෙහේ තියෙන්නේ ඇම්බුම් වර්ගයක් විතරයි. එක ගෙඩියක් රු. 60.00 ක් විතර වෙනවා මෙලෝ රහක් ඇත්තේ නැහැ.(නදී)
කෙසෙල් වලට විතරක් නෙවෙයි ලංකාවේ කොයි දේටත් අද වෙලා තියෙන්නේ මේ සිද්ධිය තමයි. පාලකයින්ගේ බඩ කට පුරවාගෙන ඔවුන් මර නින්දේ. රටේ මිනිහට මොනවා උනත් ඒ අයට වගක් නැහැ.(නදී)
ගසා කෑම සංවිදානාත්මකව කරනවා නමුත් බලදරයන්ට උවමනාවක් නැහැ විසදුමක් දෙන්න.(නදී)
කෙසෙල් කෑම නවතා ඇත ,රට කන නිසා ..(අ)