වැල්ලවායේදී අද (08) අලුයම පොලීසියෙන් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගත් දෙදෙනකුගෙන් කෙනෙකු ප්‍රාදේශිය දේශපාලනඥයෙකු විසින් මුදාගෙන ගිය බව පොලීසිය කියයි.

එම දෙදෙනා බීමතින් සිටියේදැයි වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී  මේ සිද්ධිය වාර්තා විය.

එම දේශපාලනඥයා වැල්ලවායේ ප්‍රබලයකු බව දැනගන්නට ඇත.