
(සුමිත් පොතුපිටිය)
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිබේ ඇලකට වැටී දියේ ගිලී මියගොස් සිටියදී අද හමුව ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී අයි ඒ වීරසිරි නමැති 70 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති හිටපු මන්ත්‍රී වරයා වැලිපැන්න ඌරගොඩ ප්‍රදේශයේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත්, ඔහු අතුරුදන් බවට ඊයේ පැමිණිල්ලක් ලැබී බවත් පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා නිවසේ පෙනෙන්නට නොසිටි බැවින්, වැඩ්දුරටත් සොයාබැලීමේදී ඒ අසල පිහිටි ඇළක තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි .
වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd