සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ වටිනා වල්ලා පට්ටා තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් පනස්දහස බැගින් වු ශරීර ඇප මත මුදා හරින්නැයි රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා නියෝග කළේය.
ඉසුරු සම්පත් ,චන්න කුමාර,ජානත සමන්ත,ගාමිණි කුමාර,ලසන්ත ඉන්දික, ආර් ප්‍රේමතිලක, සරත් කොඩිතුවක්කු,ටෙනිසන් රූපසිංහ හා මහින්ද ගුණතිලක මෙසේ ඇප ලැබුවෝ වෙති.
නඩුව ලබන 28 වැනිදාට කල් තැබු අතර එදිනට අඩවි වන තක්සේරු වාර්තාවක් කැඳවා කරුණු ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා අයගම පොලීසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසයි බලන්න අඩවි වන තක්සේරු වාර්තාව. (ත)
මේවාගේ කෝටි දහයක වටිනාකමක් තියෙනවාලු ඒත් ඇප පනස් දාහයි ? වල්ල පට්ට නොවේ මොන වැල් කැපුවත් පනස් දාහට ඇප පිට නිදහස් කරන්නේ කව්ද? පික් පොකට් කාරයන්ටත් ලක්ෂ ගණන් ඇප නියමකරන රටේ මේකනම් හිතාගන්න බැරි දෙයක්.(දිල්)
දස කේටියටම ඇප පනස් දාහයි? (නදී)
මේවා මහා පරිමාණයෙන් වගා කර රටට විදේශ විනිමය ගෙනෙන්නට බැරි මොකද ? එවිට දුප්පත්කම නැතිවේවි ගොවියාගේ ඇත මිට සරුවේවි.(නදී)
වැල්ල පට්ට කියන්නේ ඉන්දියාවේ දෙෂ්පාලඥයෙකුගේ නමක්නේ.(නදී)
අපරාදේ ඇල්ලුවේ මහන්සියවත් නැහැ.(නදී)
මේවා මෙතරම් වටිනවා නම් අපේ රටේ වගා නොකරන්නේ මොකද ? (නදී)