මැණික්හින්න වලල ඒ රත්නායක විද්‍යාලයේ මේ දිනවල වල ගොඩනැගිලි වල පැරණි උළු ඉවත් කර සෙවිලි තහඩු දැමීම හේතුවෙන් වසර අවසානයේ පැවැත්වෙන වාර විභාග හා උසස් පෙළ වාර පරික්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව ඇතැයි ගුරුවරු හා දෙමාපියෝ කියති.
විභාග පැවැත්වෙන වේලාවන්හි එම සෙවිලි තහඩු ඇතිරීමේදි හා කැපීමේදී ඇතිවන ශබ්දයද ඒවායින් නිකුත්වන අපද්‍රව්‍යද හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.
විභාග පැවැත්වෙන මෙම වකවානුව තුළදිවත් මෙම ක්‍රියාවන් නවත්වා දමන ලෙස පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කේ.ඩි. අනුර ප්‍රේමරත්න මහතා අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ඔවුහු පවසති.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ විජේරත්න මහතා පැවැසුවේ මේ දක්වා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට හෝ වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයට මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවය. මේ සම්බන්ධව කඩිනමින් සොයා බලන බවද ඒ මහතා පැවැසිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාසැල ක්‍රීඩාවට සිරිලක පුරා ප්‍රසිද්ධයි. (නි)
ඔන්න බලන්න ඉතින් අපේ රටේ මෝඩ හරක්ගේ වැඩ. පාසල් නිවාඩු කාලෙට නේද මේ වාගේ අලුත් වැඩිය කරන වැඩ කරන්න ඕනේ. මම මහනුවර ඉන්න කාලේ දැක්ක දෙයක් තමයි පාර කහ ඉරි අදිනවා මහා දවල් පාරේ පැත්තක් වහල. නුවර පාරවල් පොඩි නිසා වාහන තද බදය ගොඩාක්. මට තේරෙන්නේ නැහැ ඒවාගේ වැඩ රෑට කරන්න බැරි අැයි කියල. (බ)
අලුත්වැඩියා කිරීම් පාසැල් නිවාඩු කාලයට යොදාගන්න තිබුනනේ. දරුවෝ කොහොමද නිරවුල් මනසකින් විභාගය ලියන්නේ. (බ)