ලොව ප්‍රධාන පෙළේ නාවික සමාගමක් වන හොංකොං හි ඩ්‍රීම් කෘෘසස් සමාගමේ නෞකාවක් සඳුදා (31) කොළඹ වරායට සේන්දු විය.
ආසියාවේ දෙවැනි විශාලතම නෞකාව ලෙස සැලකෙන ඩ්‍රීම් කෘෘස් නෞකාව පිළිගැනීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු රජයේ නියෝජිත පිරිසක් එහි ගොස් සිටියහ.
මෙම නෞකාවේ අති සුඛෝපභෝගී සවාරියක් යෑමට මගීන්ට අවස්ථාව සලසා දී ඇත. මගීන් 3400කට පමණ එකවර ගමන් කළ හැකි එහි සේවක සංඛ්‍යාව 2000ක් පමණ වේ. ප්‍රණීත ආහාර පාන සහිත අභ්‍යන්තර ආපනශාලා 35ක් සහිත මෙම නැවෙහි ආලින්ද සහිත එකට යා කැරුණු කාමර 100කට අධික සංඛ්‍යාවක් ඇත. මගීන්ගේ බාහිර කුටි 3360ක් එහි ඇත.
මෙම නෞකාවේ බර ටොන් 151300කි. එහි දිග අඩි 1099කි. එනම් කිලෝ මීටරයකින් 4/10කට ආසන්නය. පළල අඩි 131කි. මෙම නැව ජර්මනියේ නිෂ්පාදනය කර ඇති අතර තට්ටු 19කින් සමන්විතය. එහි දිග වොලිබෝල් පිටි 18ක දිගට සමානවේ.
පැය පහක පමණ කාලයක් මෙරට වරායේ නැංගුරම්ලා තිබූ ඩ්‍රීම් කෘෘස් නෞකාවේ දැවැන්ත රංග ශාලා තුනක් ද නිර්මාණය කර ඇත. මගීන්ට ඒවායේ විවිධ නර්තන, සංගීත හා සර්කස් වැනි ප්‍රසංග නැරඹීමේ අවස්ථාවද උදාවේ. එහි ප්‍රධාන රංග ශාලාව ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණ රඟහලට වඩා මදක් කුඩා එකකි. විනෝද උද්‍යානයක් සහ ජල තටාකද එහි වේ.
සාප්පු සංකීර්ණයක් හා කැසිනෝ ශාලා රැසක්ද නෞකාවේ දක්නට ලැබේ. මගීන්ට අමතක නොවන අපූරු අත්දැකීමක් ලබාදීමට සමත් මෙම සිහින යාත්‍රාව කොළඹට සේන්දු වීම පිළිබඳ අදහස් දැක්වූ ඩ්‍රීම් කෘෘසස් සභාපති තැචර් බ්‍රවුන් සඳහන් කළේ ආශ්වාදනීය නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරකයින්ට ද අවස්ථවක් ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳ සතුටු වන බවයි.
ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපෘතියට වියදම් වූ මුදල මෙන් තුන් ගුණයකට ආසන්න මුදලක් නැව නිෂ්පාදනයට වියදම් වී ඇත.නැව නිෂ්පාදනයට වියදම් වූ මුළු වියදම ඇමෙරිකා ඩොලර් කෝටි 100කි(රුපියල් කොටි 14 700ක්).
(වීඩියෝ මනෝජ් හර්ෂික)

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහ බැංකු සල්ලි වලින් මේ වගේ නැවක් අරගෙන කෝටි 300 ඉතුරු කරන්නත් තිබුනා. අපරාදේ...! (නි)
ඒත් රටේ බහුතරයට පාන් පෙත්තක් කන්න, දරුවාට පැරසිටමෝල් එකක් දෙන්න සල්ලි නැහැ. (නි)
කොච්චර අගේද?(හේ)
කුමාර් අපේ මිනිස්සු ඔය හිටන තරම් දුප්පත් නෑ.(හේ)
ඔහොම හිතන්ඩ ගියොත් අනික් මිනිස්සු උඩ බලන් ඉන්නද? ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නවා, හදටත් යනවා.(බ)
මුදල් ඇමැතිතුමා අපිටත් එකක් හදලා දෙන්න කියලා ඉල්ලයිද දන්නෑ. අපේ මිනිසුන්ට යන්න. (බ)
ලංකාවේ පාන් පෙත්තක් කන්න පැරසිටමෝල් ගන්න සල්ලි නැති වුනාට අරක්කු සිගරට් බොන්න ඕනෑතරම් සල්ලි තියනවා. එළවලු වලට සල්ලි වියදම් නොකළාට මස් මාළු වලට කොහොමහරි වියදම් කරනවා. ඉස්සර පයින් ගිය අය අද අඩි සියක් දෙසීයක් යන්නත් ත්‍රීවීල් ඕන. ඉතින් මේ සල්ලි තියන නිසා නොවේද (බ)
මිනිසුන්ට කෙසේවෙතත් මැති ඇමතිගොල්ලන්ට නම් යන්න පුලුවන් වෙයි (නි)
මහ බැංකු ගේම යටගියා නම් අවුරුදු දෙකක් ඇතුළට මීටත් වැඩියේ ලොකු නැවක අයිතිකාරයෝ අපේ සමහරු (නි)
පාසල් දරුවන්ට අවස්ථාවක් සළසා දෙන්න මෙය නැරඹීමට. (නි)