මහනුවර අධිවේගී මාර්ගයට විරෝධය පා වල්පොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරස් කරමින් පැය තුනක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා කාර්යාල දුම්රිය 10ක් පමණ පැය කිහිපයක් ප්‍රමාද විය.
බස් සොයා දුම්රිය පාර දිගේ පයින් ගියහ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්පොල විරෝධෙන් කන්තෝරු වැඩත් නෑ
චාමර සෙනවිරත්න බෝවලවත්ත Tuesday, 23 July 2013 11:32 AM
මෙච්චර අධිවේගී මාර්ග හදනවා. කටුනායක , ගාල්ල මාතර හම්බන්තොට... කිසි ප්‍රශ්නයක් නැහැ. නුවරට අධිවේගී මාර්ගයක් හදද්දී තමයි හැමෝටම අමාරුව හැදෙන්නේ. ඇයි උඩරට නුවර මිනිස්සුන්ට ඔච්චර බය (නි)
වසා Tuesday, 23 July 2013 06:28 PM
රටේ යහපත වෙනුවෙන් වෙන සංවර්ධන වැඩ වලට එරෙහිව වෛරී දේශපාලන උසිගැන්වීම් වලට අසු නොවී සහයෝගය දිය යුතුය. ගාල්ලේ අධිවේගී මාර්ගය හදනකම් එකතැනක මඩ ගොඩක්. තව තැනක ගල්ගොඩක්. තව තව තැනක නඩු ගොඩක් කියා සම්මන්ත්‍රණ තිය තියා කිවුවා. අන්තිමේට එයාලම සද්ද නැතුව එම පාරේ ගමන් කරනවා (නි)
ෂෙලාන්සියුස් Tuesday, 23 July 2013 12:56 PM
චාමර, ඔයා ලංකාවේ කෙනෙකේද? වල්පොල කියන්නේ උඩරට නොවේ. කොළඹට කිට්ටුව රාගම හරියේ.(නදී)
පිටිගල Tuesday, 23 July 2013 06:34 PM
ඕනෑ දේටයි, එපා දේටයි සේරටම උද්ඝෝෂණය කරන එක දැන් විලාසිතාවක් වෙලාද? මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අධිවේගී මාර්ගයක් හදන එක හොඳ වැඩක්නේ. ඒකට සහයෝගය දෙන්න . (නි)
අසිත Tuesday, 23 July 2013 01:12 PM
ඇයි මේ වල්පොල පාර හදනවට විරුද්ධ. මේවට රජය බය විය යුතු නැහැ. මජනයාට පාර ඉක්මනින් ඕනා.(නදී)
අමිල Tuesday, 23 July 2013 01:23 PM
දුම්රිය මාර්ගය අවට සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කරනු. පාර වහා හදනු! (නි)
ඉලන්දරී දේවගේ රත්නසිරි Tuesday, 23 July 2013 02:41 PM
මෙම ව්‍යාපෘතිය සැලසුම් කරන්නන් තාමත් මෙම සැලසුම් හරියාකාරව ජනයා දැනුවත් නොකරමින් කිරීම මෙවැනි විරෝධතා වලට හේතුවයි (නි)
වාසනා Tuesday, 23 July 2013 03:52 PM
දුම්රිය මාර්ගයේ ගමන් කිරීම තහනම් දඩ ගැසීම පටන් ගැනීමට පුළුවන.(නදී)
නිමල් ලලිතා Tuesday, 23 July 2013 04:29 PM
නිවාස සහ ස්වයන් රැකියා කර තැන අහිම වන අයට මුලින්ම ඒ සඳහා නිවාස ලබාදී අදි වේගී මාර්ග සැදීමට පටන් ගන්නවානම් මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හැම දෙයක්ම කිරීමට ප්‍රථම මිනිසෙකුගේ ජීවන් ප්‍රසන විසඳිය යුතුයි. නැතිවන දේපොළ සඳහා රජයෙන් වන්දි ලබාගැනීමේදී ඇතිවෙන දුෂ්කරතා දන්නා නිසයි ජනතාව කුපිත වී මෙවැනි විරෝදතා දක්වන්නේ.(නදී)
බන්දුල Tuesday, 23 July 2013 04:44 PM
මේ විදියට පාරවල් හරස් කරන්න ඉඩ දීලා එහෙම කිරීම ප්‍රතිපල සහිතයි කියලා මිනිස්සුන්ට මේ විදියට වැටහෙන්න ඇරියොත් හෙට අනිද්දා වෙනකොට පවුල් ආරවුල් වලටත් පාරවල් හරස් කරන්න ගනී.මේක සෙල්ලමක් නෙමෙයි.එලිපිටම කරන ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ දෙයක්.සාමාන්‍ය ජන ජීවිතයට හානි නොවෙන්න බාධා නොවෙන්න ඕනෑ උද්ගෝෂණයක් කළාට කමක් නැහැ. (නි)