විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු අභයභූමියට ඇතුළුවූ නීති විරෝධි පිරිසක් වනය විනාශකර නිවාස තනමින් සිටිති.
යුද සමයේ දෙස් විදෙස් සංචාරකයන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානය මේ නව අරුණැල්ලත් සමග සංචාරකයන් සඳහා විවෘත විය.
විල්පත්තුව 1938 පෙබරවාරි 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ. එහි වර්ග ප්‍රමාණය හෙක්ටයාර 131667.1ක්. අක්කරවලින් ලක්ෂ තුනකට කට වැඩියි. අපේ රටේ විශාලතම ජාතික වනෝද්‍යානයද මෙයයි. විල්ලු හතලිහකින් සමන්විත වීම නිසාම විල්පත්තු නම ලැබී තිබේ. ශාක විශේෂ හයසිය විසි හතරක් මෙන්ම සත්ව විශේෂ තුන්සිය හැත්තෑවකි. ලංකාවේ උසම කුරුල්ලා වන මහ කොකාද ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දැකිය හැකිය. නියඟයට වතුර නොසිඳෙන කොක්කාරිය විල්ලුව විල්පත්තුව වනෝද්‍යානයේ තිබේ. එය විල්ලු අතර විශාලතම විල්ලුවයි. තලවිල, මහවිල, කොක්මොටේ, පනික්කවිල සංචාරකයින්ට නැවතීම සදහා බංගලා ඉදිවී ඇත.
වසර එක්කෝටි විසි ලක්ෂයකට පමණ පෙර ඈත අතීතයේ මුහුදෙන් ඉහළට එසවුණු කොරල් පර ශ්‍රී ලංකාවේ දක්‌නට ඇත්තේ දෙකකි. යාල ජාතික වනෝද්‍යානයට අයත් මිනිහාගල්කන්ද හැරුනු කොට අනෙක විල්පත්තුව ජාතික වනෝද්‍යානයේය.
පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික අතින් විල්පත්තුව සුවිශේෂය. එහි තිබෙන ෆොසිල වසර එක්කෝටි විසි ලක්ෂයකට වඩා පැරැණිය.
පිටතින් වනාන්තරයක් ලෙස දිස් වුවත් මෙහි භූ ගර්භයේ සැඟවී ඇත්තේ කියා නිම කළ නොහැකි ඉතිහාසයකි. වසර 2500කට පමණ පෙර කාලය ඉපැරැණි විහාරස්‌ථාන හා දේවස්‌ථාන (68)හැට අටක් මේ වන බිමෙන් හඳුනාගෙන ඇත. විල්පත්තුව වන උයනේ වීරසෝලි නම් ප්‍රදේශයෙන් හමු වූ පුරාවස්‌තු අතර මුචලින්ද නාග දරණය මැනැවින් පෙන්වන බුදු පිළිමය විශේෂිතය. විජය කුමරු ගේ ශ්‍රී ලංකාගමනය සිදුවූ තම්බපන්නිය මේ වන උයනේ පිහිටා තිබීම ද විශේෂත්වයකි. පල්ලන්කන්ද ප්‍රදේශයේ පිහිටි පැරැණි ඕලන්ද පල්ලිය.අතීතයේ ලක්‌වැසියන් මේ පල්ලන්කන්ද පල්ලියට වන්දනාවේ ගිය බවට සාක්කි ඇත.
වර්ෂ 1905 දී රක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ මේ වන පෙතේ පළමු කොටස වූ අනුරාධපුර සහ පුත්තලම් යන දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් හෙක්‌ටයාර 54953.2ක භූමි ප්‍රමාණය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1938 පෙබරවාරි 25 වැනි දින ය. ඉන්පසුව වර්ෂ 1967 අප්‍රේල් 28 වැනි දින හෙක්‌ටයාර 7012.4ක් ද, 1969 අගෝස්‌තු 27 වැනි දින හෙක්‌ටයාර 22981ක් ද, දෙසැම්බර් 05 වැනි දින හෙක්‌ටයාර 25252.9ක් ද අවසන් වරට වර්ෂ 1973 දෙසැම්බර් 07 වැනි දින හෙක්‌ටයාර 21484.8ක් ද යනාදි වශයෙන් එක් වීමෙන් වත්මන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට හෙක්‌ටයාර 131693.7ක විශාලත්වයක් හිමි වෙයි. එනම් වත්මන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය කොටස් පහකින් යුත් උද්‍යාන සංකීර්ණයකි. එසේම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභය භූමිය සහ වීරක්‌කුල්චෝලේ එළුවන්කුලම යෝජිත රක්‍ෂිතය වැනි වනාන්තර ද සම්බන්ධ වී තිබේ.
විල්පත්තුවේ ඉතිහාසය පිලිබදව දින ගණනක් කලළ ගවේෂනයෙන් සොයාගත් තොරතුරු සටහන් කර ගත් පසු එතැනින් නොනැවතී අප ඊළගට ගමන් කළේ වර්තමානයේදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සිදුවන ‘මිනිස් ආක්‍රමණය‘ සොයා බැලීමටය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ අනවසර නිවාස ඉදිවෙයි. එයඋතුරු අභය භූමි ප්‍රදේශයට අයිතිය. මෙතරම් හානියක් සිදුවෙද්දී බලධරයෝ නිහඩව බලා සිටිති. වන ජීවි ආංඥ පනතේ නීති රීති එක රැයින් අවලංගු වී ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තබ්බෝව අභය භූමිය හා ඒ අවට ජනතාව පත්වී තිබෙන ගැටළු පිලිබදව ගවේෂණයක යෙදුණේ වසර ගනනාවක සිටය.
2002 වසරේදී නිර්මාණයවූ තබ්බෝව අභය භූමිය විල්පත්තුවට යාව පිහිටා තිබේ. විශාලත්වයෙන් හෙක්ටයාර විසි එක්දාහකින් සමන්විතය.මෙය නිර්මාණය කිරීමේදී වනජීවී දෙපාර්තුමේන්තුවෙන් සිදුවු අවිධිමත් භාවය හේතුවෙන් සින්නක්කර ඔප්පු වලට හිමිකම් කියූ ඇතැමුන්ට පදිංච් නිවාසද ඉඩම්ද ගොඩ මඩ වගා බිම්ද අහිමි විය. එයින් නොනැවතුණු වනජීවී නිලධරයෝ වැසිකිලි යෑමට අභය භූමියට ඇතුළු වු වරදට අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පැමිණවීය.
විල්පත්තුවේ නිවසක් තනමින් සිටි තරුණයකු ළගට ගොස් වතුර කෝප්පයක් ඉල්ලා ගත් අපි ඔහු හා සුහද වීමු.
*ඔයාලට ගෙවල් හදන්න රජයෙන් උදවු කරනවද ?
රජයෙන් කියන්නෙ අපේ ඇමතිතුමා උදවු කරනවා ඒකටත් දැන් කේස් දානවනෙ.
*කවුද කේස් දාන්නෙ?
හාමුදුරුවරුන් තමයි.
* ඔයාලට ඉන්න වෙන ඉඩම් නැද්ද?
තිබෙනවා. ඇමතිතුමා කිව්ව හින්ද අපි ආවා . ඇමතිතුමා නැත්නම් වනජීවි මහත්තය අප එළවා දානවා.
* පත්තරේට ඔයාලගෙ ගැටළු දැම්මෙ නැද්ද?
පත්තර කාරයො අපේ ඇමතිතුමාටත් කේස් දානවනෙ.
* ඔයාලටත් කතාකරල බලන්න පුළුවන්නෙ?
අම්මෝ පත්තර කාරයො ආවොත් මේ සේරම පොටෝ ගහල පත්තරේ දායි. එතකොට අපිට කේස්නේ. මේව කපන්න තහනම්.ඇමතිතුමා හිංද බය නැතුව ඉන්නෙ.
*හොඳ ඇමතිවරයෙක් ඔයාලට හම්බවෙලා තිබෙන්නෙ මොකක්ද ඇමතිතුමාගෙ නම?
........ ඇමතිතුමා තමයි වෙන කවුරුත් අපට උදවු කරන්නෙ නැහැ.
* ඇමතිතුමා උදවු කරනවා කියා පිළිගන්නත් බැහැනෙ. ඇමතිතුමා හොඳට දන්නවද ...... කියන්නෙ වෙන කෙනෙකුටද? නැත්නම් ....... ..... ඇමැතිතුමාද?
ඔව් ......... ......... ඇමති තමයි
*ඇමති පත්තර වලට කියල තිබුණේ මේ ගැන දන්නෙ නැහැ කියල?
එහෙම කියන්නෙ නැත්නම් රජයෙන් කේස් දානවනෙ.
*අයියගෙ නම මොකක්ද?
මගෙ නම ඓහියා ඛාන්
*එහෙනම් අපි යන්නම්.
වන සතුන්ගේ නිජබිමේ දැන් ගම්මානය. විදුලි කණුය. ජල බවුසර්ය. දෙපස ස්ථීර නිවාසද, ඉදිවෙමින් පවතින නිවාස ද කුඩාරම් ද ඇත.
නීති විරෝධි ලෙස සිදු කරණ මෙවැනිදේ හෙට දිනයේදී තබ්බෝව අභය භූමියේ සිදු වුවහොත් වනජීවි නිළධාරින් ඒ සදහා ගන්නා පියවර කුමක්ද?
මේ රට එක ධජයක් යට එක රජයක් යට එකම නීතියකට යටත්ව පාලනය වෙත්දී විල්පත්තුවට එක් නීතියකි. තබ්බෝවට තවත් නීතිය ක්‍රීයාත්මක කරන්නේ කොහොමද? බලධාරින්ගෙ ඇස් දැන්වත් නොඇරුනොත් විල්පත්තුව සත්ව අභය භූමියක් නොව මිනිස් වාස භූමියක් බවට පත්වේවි.
මේ විනාසයට මූලික යැයි චෝදනා ලබන අමාත්‍යවරයා මේ සදහා සම්බන්ධ නොමැති බව ජනමාධ්‍ය හරහා නිවේදන නිකුත් කර තිබේ.
*මේ පිළිබදව අදහස් දැක්වූ කරුවලගස්වැව සන්ධාන ප්‍රදේශීය සභා මන්ත්‍රී ජයසේන මහතා මෙසේ කීවේය.
වසර තිහක යුද්ධය නිමා කරල රට සංවර්ධනය කරා යමින් පවතිනවා. හැම කෙනාටම මේ රටේ නිදහසේ ජීවත් වෙන්න වාතාවරණයක් පවතිනවා.එහෙම කියා රටේ ඉතිහාසය විනාස කරන්න ඉඩ දෙන්න බැහැ.අපට ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් වුණේ. අපේ මුතුන් මිත්තන් ඒ ආරක්ෂා කළ නිසා.විල්පත්තුව කියන්නෙ සිංහලයගෙ උපත විජය රජු ලංකාවට ගොඩ බැස්ස ප්‍රදේශයයි. ඇතැම් පිරිසක් මේ ප්‍රදේශයට ඇතුළු වී නීති විරෝධිව කරන මේ විනාස කාරි ක්‍රියා කලාපය නිසා අපහසු තාවයට පත්වෙන්නෙ රජය. මමනම් මෙය දකින්නෙ රජය අපහසු තාවට පත්කරන්න කාගේ හරි උවමනාවකට කරන වැඩක් කියලයි.
නමුත් එහෙම කියල නිකම් ඉන්න එක ගැටළුවක් මේ ක්‍රියාව ගැන අද වන විට ජනමාධ්‍යය ඔස්සේ ලෝකෙටම ගිහින් ඉවරයි.
මම ඉන්නෙ විල්පත්තුව සහා තබ්බෝව අභය භූමියට යාබදව මේ ප්‍රදේශයෙ ජනතාවට තිබෙන ගැටළුව තමයි අතීතයේ සිට භුක්ති වින්ද ඉඩම් තබ්බෝව අභය භූමියට ඈදා ගැනීම.ඒ නිසා දින තුන්සිය හැට පහේම අපතේ යන ජලයෙන් වැඩක් ගන්න බැරි වෙලා තිබෙනවා.සමහර කුඹුරු වගා කරන්න විතරක් වනජීවි නිලධරයන් අවසර දුන්නා. නමුත් ඒ ඉඩම් වලට ඔප්පු දෙන්නෙ නැහැ. ඒ නිසා ගොවියන්ට රජයෙන් නයක්වත් ගන්න බැහැ.තවත් අක්කර දහස් ගානක් වගා කරන්න මේ ජලය ඇති.මේ වතුර කලාඔය හරහා මුහුදට ගලාගෙන යනවා, ප්‍රයෝජනයක් නැතිව.
මේ වැරැද්ද නිවැරදි කර ජනතාවට සාධාරනයක් කරන්න කියල කොතරම් කතා කලත් තවමත් ගැටළුව එතනමයි.එහෙම තිබෙත්දී විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිදුවන විනාසයට වන ජීවී පනත අනුව නීතිය ක්‍රියාත්මත නොකිරීම ගැටළුවක්.එම විනාසායට ඉඩදී වගකිව යුත්තන් බලා සිටිනවා නම් තබ්බෝව අභය භූමියට මොකක් වෙයිද. වනජීවි දෙපාර්තමේන්තුවට සිදුවන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහා තබ්බෝව අභය භූමිය සත්ව වාස භූමිනොව මිනිස් වාස භූමි වන තුරු නිහඩව බලා සිටීමය.එයිනුත් අපහසුතාවට පත්වන්නේ පවතින රජයයි.ඒ නිසා කඩිනමින් මේ පිළිබදව කටයුතු කලයුතු කරන්න ඕනෑ.
1999 පවුල් තුන්සියයකින් සමන්විතවූ කරුවලගස්වැව බුද්ධි දසුන් ගම ගම්මානය නිර්මාණය කලේ දිවංගත ද.මු.දසනායක අමාත්‍යවරයා 2002 වසරේදී තබ්බෝව අභය භූමිය නිර්මාණය වීමත් සමග එම ගම්මානය අභය භූමියට ඈඳා ගත්තා .‘
*මල්කාන්ති දමයන්ති මහත්මිය මෙසේ කීවාය.
‘ විල්පත්තුවෙ නීති විරෝධිව ඩෝසර් කර වනය විනාස කර ගෙවල් ගහනවා. නිලධාරීන්අපට හයිය පෙන්නනවා. නමුත් විල්පත්තු උතුරු අභය භුමියට යන්න බයයි.අපට හිතෙන්නෙ එහෙමයි.තබ්බෝව අභය භූමියට අපි කෝටුවක් කපන්න ඇතුළු වුනොත් උසාවියට දඩ ගෙවන්නත් වෙනවා.සමහර විට හිරේ යන්නත් ඉඩ තිබෙනවා.එක නායකයකු ඉන්න රටක නීතිය එකක් වෙන්න ඕනෑ. අපේ රටේ පවතින නීති හෑල්ලුවට ලක්වෙන්නෙ මෙවැනි ක්‍රියා නිසයි.
*තබ්බෝවට ගිය අප සමග බොහෝ පිරිසක් අදහස් දැක්වූහ. හැම කෙනකුම පවසන්නේ අපේ උරුමය විල්පත්තුව රැක ගන්න බලධාරි වහාම මැදිහත් විය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්දයක් අස්සේ මොන වනාන්තරද? (නි)
ලංකාවෙ හැමදාම වුණේ ඔය ටික. පහුගිය කාලය පුරාවටම අනවසරයෙන් ඔහොම දේවල් කරලා ප්‍රසිද්ධ වුණේ කවුද? කුරගල , දෙවනගල , මුහුදු මහා විහාරේ , දැන් විල්පත්තු. ඉස්සර මේ රටේ මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැනෙ. ලංකාදීප මාධ්‍යවේදීන්ට අපේ උපහාරය, කොන්ද කෙලින් තියාගෙන බය නැතුව මේවා ලියන එකට (නි)
දැන් අලි ගැහුවා කොටි ගැහුවා කියයි, මිනී පෙට්ටි පාරේ තියයි, ටයර් පත්තු කරයි, කදුළු ගෑස් ගහයි, වෙඩි පත්තු වෙයි, වන්දි ගෙවයි, බඩු මිළ වැඩි වෙයි.. මේවායින් කරදර විඳින්නේ කවුද? අපිමනේ.... (නි)
ජාතික සම්පත් විනාශ කරන්න කාටවත් ඉඩදෙන්න එපා කියලා මම වන ජීවී එකෙන් ඉල්ලනවා. මෙවන් ස්ථාන විනාශ කරනතුරු බෞද්ධ මිනිස්සු බලාගෙන ඉන්න හොඳ නැහැ. අපේ රටත් ඇෆ්ඝනිස්ථානයක් වෙයි. මෙම ගැටළුව ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වේවා! (නි)
ඔය ඉල්ලීම් ඇහෙන්නේ නැහැ හුඟක් දෙනාට. බලයෙන් අන්ධ වෙලයි ඔවුන් ඉන්නේ. (නි)
ජයනාත්, කුරගල, දෙවනගල, මුහුදු මහා විහාරය වගේ තැන් ආරක්ෂා කළේ ඔබ කියන කට්ටිය තමයි. යුද්ධ කාලයේ කොටින් ගහනකොට මේවා ආරක්ෂා කරන්න කවුරුවත් ආවාද? (නි)
ඇත්තටම මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මොකද මෙච්චර තණ්හාවක්? (නි)
අලි ඇවිදින් මිනිසුන්ගේ ඉඩම් අල්ල ගන්න කොට ..... අනේ අහිංසක මිනිසුන්ට වෙලාතියෙන කරදරයක්.... හඩ වැළපෙයි (අ)
මේ ප්‍රශ්නය ට රජයේ හා ගරු ජනදිපතිතුමගේ අවධානය ට යොමුවේවා. වහාම විල්පත්තු විනාසය නතර කර ගනිමු. අපි සැවොම මෙයට සයෝගය දෙමු. මේ ඇමතිවරයා ලංකාවේ නීතියට, ඉතිහාසයට කරන අභියෝගය බාර ගනිමු. (අ)
අර ඇමතිගේ නම මොකක්ද? රට හදන්න කියලා පාර්ලිමේන්තුවට ගිහින් රට කනවා. අපේ උරුමය විනාශ කරන්නද හදන්නේ? (නි)
මේක පිළිකාවක්. ඉක්මනට මේකට බෙහෙතක් නොදුන්නොත් ඔඩු දුවාවි. ඉස්සරත් ඔය වගේ පිළිකා වලට බෙහෙත් දුන්නනේ (නි)
ජනදිපතිතුමනි මෙය ඔබට නොපෙනේ ද? (අ)
අනේ මන්දා! අපේ රටේ වැදගත් ස්ථාන සියල්ලම වගේ දැන් මරණ මංචකයේ. (නි)
කෝ අපේ හාමුදුරුවරු? වැරදිකරුවන්ව ගහලා පන්නන්න පෙළ ගැහෙන්නයි තියෙන්නේ. (නි)
හෙට අනිද්දට ඇමති තුමා හෝටලයක් ගැහුවා කියල ආරංචි වෙයි ..(දී)
සමන්, යුද්දේ තියන කලේ උතුරේ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බලා ගත්තේ ඔය ඔබ කියන කට්ටිය නොවේ අපේ විරෝධාර හමුදා සෙබලුයි. හාමුදුරුවරුන්ට දානෙත් දීගෙන ඒවා රැකගත්තේ නැත්තම් ඒ තැන්වල මෙලහකට වෙන වෙන දේවල් හදල තියේවි. (අ)
මේක බොදු බල සේනා එකෙන් එළි කළා. බොදු බල සේනා සමගයි අප.සිංහල ජාතිය සංවිදානත්මකව විනාශ කරන්න උත්සාහ කරන එක පැහැදිලියි දැන්.(අ)
බොදුබලසේනා සංවිධානය,රාවණාබල සංවිධානය ඇතුළු සියළුම භික්ෂූන් වහාන්සේලා මැදිහත්වෙලා මේ බළහත්කාර දඩබ්බර ක්‍රියාව නතර කරන්න එඬිතරව ඉදිරිපත්වනු ඇතැයි සිතමු. සිංහළයට ලංකාව හැර වෙන රටක් තිබේද? අප ඔබවහන්සේලා සමගයි. සිංහළයගේ රට බේරගන්න ඔබ වහන්සේලා හැර දේසපාලුවොත්, නිලධාරින්වත්, රටවෙනුවෙන් සටන්කරන භික්ෂූන් වහාන්සේලාගේ කටවල් වහාන්න නීතිපනවන අයවත් රට චෙනුවෙන් ඉදරිපත් නොවන බව නම් පැහැදිලියි.(නදී)
ජාතිය වෙනුවෙන් කතිරයෙන් හෙට දිනයේ යුතුකම ඉටු කරමු. (නදී)
කෝ මේවා බලාගන්න ඉන්න නිලධාරින් , ගරු ජනපති තුමනි, අල බැහැලා ,වැලත් මැරෙනතුරු බලා නොසිට අසරණ වන සතුන්ගේ නාමයෙන් වහාම සියලු ඉදිකිරීම් ඉවත්කර වන සම්පත ආරක්සශාකර දෙන්න , ඉවසුවා ඇති,...... (දී)
අනාගත පරපුර වෙනුවෙන් රජයේ දේපල ආරක්ශා කර තැබීම , රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශයේ වගකීම විය යුතුමය,...(දී)
අපි කව්රුත් හිතන්න ඕනේ අපි ගැන නෙමෙයි රටේ අනාගතය ගැනයි (දී)
මේවා රට ගැන හිතන්නේ නැති අපේම මිනිස්සුන්ගේ වැරදි (දී)
ඇත්තටම බලා නොසිට බලධාරීන් ක්‍රියාත්මක විය යුතු ප්‍රශ්නයක් (දී)
වහාම පන්සල සහ පල්ලිය මෙයට මුලික වෙලා මෙය නතර කල යුතුයි . ඔය හදන්නේ ඔතන හොටෙල් එකක් හදන්න . ඇමතිලා ඉස්සල්ල ගෝලය දාල බලනවා . (දී)
රජයෙන් නීතය ක්‍රියත්මක වෙන්නේ නැත්නම් අපේ නීතිය ක්‍රියාත්මක කරමු අපේ රට බේර ගැනීමට.වෙන මොනවා කරන්නද? (දී)
හැමදේම වීනාශ උනාම අනේ අපොයි නොකියා මේ දේවල් බේරා ගන්න බලන්න (දී)
ලංකාදීපය මෙය හෙළිකල යුතු නිවැරදිම ආකාරයට මෙය හෙළිකර ඇත. ඇමතිවරයා කව්රුද යන්න තරුණයාගේ නමෙන්ම හදුනාගත හැක. මට දැනෙන විදිහට රටේ සිදුවන බොහෝදේවල් රටේ නායකයාවත් රවටා සිදුවන දේවල් බව දැන් පැහැදිලිය. (දී)
ගරු ජනාධිපති තුමනි මේ පිළිබඳව සුළුවෙන් තකන්නේ නැතිව වහාම ඉක්මන් පියවරක් ගන්න කියල ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි. (දී)
රි..............ඇමති. කටාර් රාජ්‍යයේ මුදල් ආධාර වලින් ඒ ආගමේ අයට ගම්මානයක් හදන්නෙ.ගෙවල් ලැබෙන්නෙ ඒ ආගම අදහන අයට විතරයි.ඒක ජාතිවදය නෙවෙයිලු. අපිට විරුද්ධ වෙන්නත් බැහැලු ආගමික සහජීවනය නැතිවෙන නිසා. විල්පත්තු,යාල,උඩවලව,සිංහරාජ ඔක්කොටම මේකම කලත් අපි කටවහන් ඉන්න ඕනලු.ආගමික සහජීවනය... (දී)
ශ්‍රිලංකාවේ වනාන්තර සීග්‍රයෙන් විනාශවෙමින් පවතී ,දේශපාලන බලයෙන් උමතුවූ දේසපාලුවන් මේ කෙලසන්නේ ශ්‍රී ලංකාවේ හදවතය .මිනිසුනේ මේ අපරාදය නැවතීමට දැන්ම පෙළගැසෙන්න,මන්ද හෙට ඔබට උරුමවන්නේ කාන්තාරයක් වන බැවිනි (දී)
මෙච්චර හරියක් කරනකල් වනජීවී එකේ නිලධාරීන් කොහේද හිටියේ? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව කිව්වලු. පාලකවරු මේ විනාශයට වගකිව යුතුයි. (නි)
මේ වගේ ඇමතිලා විල්පත්තුවත් කාලා ,රටත් කාලා ඡන්දෙ ගන්න මේ වැරදි වැඩ කරන්නේ.මොවුනුත් මිනිස් බෝම්බ වගේමයි. කොයිවෙලාවේ පළාතම විනාශ කරයිද දන්නේ නැහැ.මට නම් ටීවී එකෙන්වත් ඔවැනි අය පෙනෙනකොට පිළිකුල්. (නි)
මේ ගැන වගකිවයුත්තන්ට කිවුවෙ නැද්ද දන්නෙ නැහැ නේද? (නි)
ඔබගේ මාධ්‍ය මෙහෙය, අපි එය අගය කරමු . වැඩිකල් නොගොසින් අපේ ජාතික උරුමයන් අහිමි වී අපේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදු වේවි. ජනතාවගේ අවධානය ජිනීවා ප්‍රශ්නය ගැනයි. රක්‍ෂිත වනසනවා. දැනටම ඓතිහාසික පුද බිම් විනාශ කරමින් සිටිනවා. තව වසර කීපයකින් බෞද්ධ රට අවසන් කරාවි. එන තර්ජන නිසා භික්‍ෂුවට මේවාට කථා කරන්න ඉඩක් නැහැ.මේ රටට ආදරය කරන සෑම කෙනෙක්ම අවදි වියයුතුයි. මේ අභය භූමිය ඉංග්‍රීසීකාරයාද විනාශ නොකළේ එය වැදගත් නිසායි. සමහර නිලධරයෝ ඉන්නේ වැටුප ගන්න විතරයි. නැත්නම් තේජවන්ත බලවත් ඇමති මන්ත්‍රීලාට බයට අකර්මණ්‍ය වෙලා. ජනපතිතුමනි, හෙට දවසට අහිංසක සතුන් ගෙවල් බිඳින්න පටන් ගන්නවා. ඊට පසු මරා දාවී. මේ රටේ අවාසනාවන්ත කාලයක්. මේක කාගේවත් පෞද්ගලික බූදලයක් නොවේ. මේ රක්‍ෂිතය මේ රටේ ජීවයයි. එය රැකදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (නි)
ඉතා වැදගත් ආරංචියක් දනවන ප්‍රවෘත්තියක් (නි)
ලොකු අය ගෝලයන්ගෙන් ජරාව කන කොට ගෝලයන්ට යට වෙන්න වෙනවනේ ඒකයි යතාර්ථය.(නදී)
මෙන්න මරණ දඬුවම දිය යුතු වැරදි ! අපේ රටේ ඉන්නවා නේද මේ හැමදේම බලා ගන්න ඕනි කෙනෙක් (දිල්)
මේව දිහා බලාගෙන බලධාරීන් මොකද කරක්නේ අද හෙට අපට අපේ කමත් නැතිව යාවි (අ) .
ගහල පන්නන්න ඕන මුන්ව. මුන් ගෙවල් තියාගෙන හයිය පෙන්නන්න අභය භූමිය විනාශ කරනවා. ජනාධිපතිතුමනි ඉක්මනින් මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න... (ස)
දැන් මේ තරම් සාක්කි තියනකොට. සහ නීතිය මගින් අභය භුමියක් ලෙස ප්‍රකාශ කරලා තියන පෙදෙසක මේ තරම් විශාල විනාසයක් වෙනකම් බලධාරින් මොකද කළේ. අනික මේ පදිංචි වෙලා ඉන්නෙ දුප්පත් අය නෙවෙ නේ සතියෙන් දෙකෙන් ලොකුවට ගෙවල් හදාගන්න බැකෝ දාලා මේවා එලිකරගන්න කොහෙන්ද මෙච්ච්ර හයියක් , සල්ලි. කාලෙකට කලින් ගොඩක් අය කිව්වෙ ඕක තමා. හැම තැනකම ජාතින් අනුව නීති වෙනස් වෙනවා. සිංහල පුද්ගලයෙක් දර ටිකක් කඩාගත්තත් උසාවි ගෙනියන ආණ්ඩුව. අක්කර ගානක් ඩෝසර් කරලා ගෙවල් හදනකම් නිහඩයි. බත් පැකට් එකට ජන්දෙ දෙන මිනිස්සුන්ට වඩා වෙනස් මේවා ගැනත් බලාගෙන් ඉන්න මිනිස්සු පිරිසක් ලංකාවෙ ඉන්නවා කියලා ආන්ඩුව දැන්වත් හිතන්න ඕන. අනික අභය භුමි වලින් ලංකාවට එන දේවල් සේරම මේ අය නිසා නැති වෙනවා. (අ)
මේ රට කන්නේ ජරාජීර්ණ වූ දේශපාලනයයි. (නි)
ඇයි අපේ නායකයො තවත් බලාගෙන ඉන්නේ? මේක සෞදිය නෙමෙයි, ශ්‍රී ලංකාව නේද? (නි)