දඩයම් බල්ලන් ද යොදා විල්පත්තුවේ විලච්චිය කජුවත්ත කුට්ටියන්කුලමේ ගෝනුන් හා තලගොයින් ඇතුළු වන සතුන් මරා මස් වේළමින් සිටි දඩයම්කරුවකු මස් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව විල්පත්තුව උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියයි.
ගෝන මස් කිලෝ 110 ක් මැස්සක තබා වේලමින් සිටි සැකකරුවන් සිවු දෙනෙකු පලා ගිය බවත් වනජීවී නිළධාරීන් කියයි.
කොටන තුවක්කුවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
නියෝජ්‍ය උද්‍යාන භාරකරු ඩි.එම්.ඩි.ටි. දිසානායක , අඩවි සහකාර තිසර නන්දසේන,වන සත්ව නියාමකවරුන් වන ඩි.එම්.එල් .එස් තිලකරත්න, ධනුෂ්ක උදයංග, සුනිල් ධර්ම කිර්ති, අනුර දිල්රුක් යන නිළධාරින් වැටලිමට එක්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇත්ත තමයි. ඒත් අද ඊයේ වෙන දේවල් නොවෙයි. ඔය නිලධාරීන් මීට පෙරත් හිටියානේ. හැමතැනම සැකකරුවන් අහුවෙන්නේ නැහැ. පැනගිහින්. ඒ කියන්නේ එන බව කියලාද එන්නේ? දැව ඉරන තැනුත් එහෙමයි. ඉරුම් හල තිබෙනවා. සැක අය පැනලා යනවා?? (නි)
සත්තු මරන්නේ සිංහල මිනිහෙක් විය යුතුය. කැළේ කපල ගෙවල් හදන උන්ට බය ඇති (කෞ)
කවුරු කරත් වැරදි වැරදීම තමයි. (ස)