විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් බව කියමින් කරගෙන යන වන විනාශයට පිළිබඳ බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වනතුරු එය නතරවී නැතැයි පරිසරවේදීහු කියති.
රජයේ ඇමැතිවරයකුගේ මැදිහත්වීමකින් කරගෙන යන මෙම වන විනාශයට එරෙහිව පරිසරවේදීන් සමාජයේ දැඩි හඬක් නැගුවද විවිධ මිත්‍යා මත පතුරවමින් මෙම වන සංහාරය සාධාරණීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇතැයි පරිසර ආරක්ෂණ මණ්ඩලයේ සජීව චාමිකර මහතා කියයි.
මෙම කලාපයේ මීට පෙර ගම්මාන තිබූ බව කියමින් ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බවත් පෙර සිතියම් සියල්ලෙහි තොරතුරු ගෙන බැලුවද එහි වන ගහණයක් මිස ජනාවාස නොතිබූ බව ඔහු සඳහන් කරයි. 2009 දී ඇරැඹුණු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ මෙම වනාන්තර කැපීම ආරම්භ වූ බවත් මේවන විටත් අක්කර 3000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ කර ඇතැයි ද චාමිකර මහතා කීවේය. මෙම විනාශ කැරෙන භූමියේ දුර්ලභ විල්ලු පරිසර කලාපයක් ඇති බවත් එය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.
කොළඹ පදනම් ආයතනයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පරිසර සංවිධාන ගණනාවක නියෝජිතයෝ මේ පිළිබඳ අදහස් දැක්වූහ.
ඡායාරූපය - අකිල බද්දෙවිතාන
විල්පත්තු අවට වන විනාශයේ මෑතදී ලබාගත් ඡායාරූප











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, මෙයට කමිටුවක් පත් කරන්න. මෙය පසුගිය සමයේ වරදක් (නි)
මෙය කෙළින්ම හමුදාවට බාරදෙන්න. වැනසූ හෙක්ටෙයාර් 3000 වටිනා ගස් නැවත වවන්නත් හමුදාවට බාරදෙන්න. විශේෂයෙන් හෙලිකොප්ටර් මඟින් දිනපතා වනෝද්‍යාන සංචාර අනිවාර්ය කිරීමත් යන සියල්ල හමුදාවට බාරදීම තමයි සුදුසු. නැතුව මේ ඉන්න දේශපාලකයෝ බලය තියෙනකම් රට විනාශ කළාම ඒවයේ විපාක විඳින්නේ අසරණ ජනතාව සහ රටේ නූපන් දරු පරපුරයි (නි)
පරිසරය බාර ඇමති ඔබතුමා නේද (නි)
පරිසර අැමතිතුමා විදියට තමන්ගේ අමාත්‍යංශය හරියට කරන්න ඕනෑ. ඉන්පසුවයි අනෙක් අැමතිවරුන්ට හරියට වැඩකරන්න කියලා කියන්න ඕනෑ (නි)
මමත් කැමති නැහැ පරිසරය විනාශ කරන එකට. මෙතැන නැවත ලියාපදිංචි කිරීමේ වැරැද්දක් තියනවා නම් එ්කට පරසර ඇමතිට බැරිද නඩු දාන්න (නි)
මේ රටේ ජනපති රිෂාඩ් බදුර්දින්ද? එහෙමත් නැතිනම් මේ රටේ ජනපතිගේ,සහ අගමැතිහේ ඇස පෙනීමේ දෝසයක් තියෙනවාද? සිංහලයට වින කරන හැම කෙනෙකුටම හොඳක් නම් වෙන්න එපා (අ)
ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතුය ...මෙි වන විනාශය නවත්වන්න බැරි නම් මිහිමත විපාක අපටද උරුමයි. (අ)
ඔටාරා මැතිනිය ඔබට ස්තුතිය (අ)...
"බැරි සිල් නොගනින් අබරෝ" කිව්වලු. උපක්රමශීලීව ඔබව රටේ නායකය කරල වෙනත්අය හරහා කරගන්න බැරිටික ඔබෙන් කරගන්න විශාල උගුලක ඔබව පටලැව්ව කියල ඔබට දැන් වැටහෙනව අැති. (අ)
ගෝඨා ඉන්න කාලෙත් මෙයා ඕක කළානේ (බ)
ජනහිත ඔයාගේ නම ජනහිත වුනාට එ්ක කාටවත් හිතකර නෑ කියල තේරෙන්නේ (බ)
මේ රටේ ඉන්නවා ජනාධිපති කියල කෙනෙක් මම හිතන විදියට. අන්න එයාට පොඩ්ඩක් කියල බලන්න. එයාට කිව්වොත් නම් බඩුම තමා. එකම දෙයයි ඉල්ලනේ අපේ තියෙන පරිසරය රැකල දීපියව් කියන එක විතරයි (බ)
හා හා ගෝඨාබය මහතා එකපාරක් කීවම ඇති. ඔන්න පාලන දෙකේ වෙනස. (බ)
ජනාධිපති කියනවා විල්පත්තු විනාශ කරපු බදූර්දීන් එයාගෙ හොදම යාලුවා එයා මුස්ලිම් වරු එක්ක ජනාධිපතිවරණයට කරපු උදව් එයාගෙ හදවතේ තියනවා කියලා. එතකොට කොහොමද නීතියක් ක්‍රියාත්මක කරන්නේ බොරු නෙවෙයි. එයාගෙ වචන වලින්ම කියන එක මේ තියෙන්නේ. (බ)
මේ දේවල් නැති කළ යුතුයි.(හේ)
පරිසරවේදී මහතුනි, ඔබ තුමාලා පරිසරය රැකීමට ගන්න උත්සාහය අගය කළ යුතුයි. (හේ)
ජනහිත ගෝඨා තමා විල්පත්තුව විනාශ කරන්න දුන්නේ...මෝඩයෙක් වෙන්න එපා (බ)
සුරකිමු ශ්‍රී ලංකා නාමල්ගම ගැනත් කථා කළා. මෙතැන බොරුවට ජාතිවාදය අවුස්සන අයට කියන්නේ කවුරු පරිසර විනාශය කළත් වැරදියි. මේ අය ඒ වෙනුවෙන් පෙනී සිටියා (බ)
අපේ ජනාධිපතිතුමා පත්තරෙන් මේ ගැන තවම දැකලා නැතිව ඇති (අ)
ගහ කොළ ඇලදොළ ,සතා සිව්පාවා සහ මිනිසා ,සමතුලිතභාවය නොරකියි නම් වැසි නොවැටේ. (ම)
අපේ රටේ හිටපු ජනාධිපති හා වර්තමාන ජනාධිපතිත්, සිංහල බෞද්ධ නේද? (බ)
මේකවත් නවත්තගන්න බැරි නායකයෝ රටකට මොකටද? (බ)
මේ රටට ජනාධිපතිලා වැඩක් නෑ. එයාල කියන ඒවා කව්රුත් අහන්නේ නෑ. අපරාදේ අපේ සල්ලි. (බ)
ජනපති කියනවා විතරයි වැඩ නැත. එහෙම නොවේනම් කවුරුවත් ඔහුට අවනත නැත. (බ)
ඔය කියන ඇමතිවරයාගේ තර්කයෙහි සාධාරණයක් ඇත්ද කියා හරි විදිහට සොයා බලා සාධාරණයක් කිරීම, යහපාලන රජයේ " සහජීවන " ගමනට මහඟු රුකුලක් වේවි. එහෙම නොවුනොත්, "යහපාලනය " කියන ලස්සන වචනය රජය ඉල්ලා අස්කර ගත යුතුයි. (බ)
මේ වැඩේ නම් හරි යන්නේ නැහැ. නවත්වන්න නම් ගෝඨා ගෙන්විය යුතුමයි. රජය නිදිද. (බ)
පසුගිය දාක ජනපතිතුමා ලොකු සද්දයක් දැම්ම ඔක්කොම හරි කියල. දැන් මොකද ආයේ වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව කියන්නේ ම බොරු! නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. දැන්නම් අප්පේ හොඳටම ඇති! මීට වඩා වෙනස් කරන්න එපා! (බ)
මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ.. දැන් හැම නාලිකාවකින්ම කිව්වනේ මේ ගැන ඒත් නැවතුනාද නෑ ජනාධිපති කිව්වා නැවතුනාද නෑ මුන්ගේ තියෙන නිවට කම එච්චරයි අද දවස ගැන විතරයි හිතන්නේ අනාගතේට හෙණ ගැහුවත් කමක් නෑ මුන්ට...(බ)
කර්තෘ තුමනි, උදේ පාන්දර මෙවැනි පුවත් පළකර අපේ ලේ රත් කරන්න එපා. කොතෙකුත් මෙම විනාශය ගැන හඩ නැගුවත් පලක් නැත. දැන් අපිට තියෙන්නේ සොබාදහමේ පිහිට පමණි. (බ)
ඉවිනාශතින් කරනවා කියන තැනට වගකිවයුතු නිලධාරින්ද, ඔය කියන ඇමතිවරයාද ඉදිරියේ ඔය කියන මතය ඉදිරිපත්කර ඔප්පු කරලා, එතන මාධ්‍ය සාකච්චාව තියන්න. නැතුව රටේ ජනතාව මුලාකරන්න එපා. මේ අය මෙහෙයවන බලවේගයද හෙළිකර ගත්තොත් නරකද (නි)
ජනහිත, ඒ කාලේ 2009 හිටියෙ ඔයා කියන අයම තමයි. (නි)
මේක නවත්වන්න ඇමති කෙනෙක්, අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් ඉන්නවා නේද? ඇයි සාමාන්‍ය මිනිස්සු මේ වගේ එලියට එනකල් ඉන්නේ. සහජීවනය මුවාවෙන් රටේම තියෙන වැදගත් දේවල් විනාශ කරන්න අවසර දෙන්න තරම් පාලකයෝ නිවටයිද? (නි)
වනාන්තර වලට වඩා මිනිසුන් පදිංචි කිරීම වෑදගත් වේ. සමස්ත ලාංකික වන ගහණය එළිපෙහෙළි කළත් ලංකාවට හෝ ලෝක පරිසර පද්ධතියට ඉන් වන හානියක් නොමෑත. අප සැමදා දියුණු රටවල කසල ශෝධකයන් වියයුතු නැත. ඉහත කිසිවකු හට විද්‍යාත්මක දැනුමක් නැත (නි)
මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සළකමින් අප වාදවිවාද කරගනිද්දී අනෙක් අය තමන්ට අවශ්‍ය දේවල් කරගෙන අවසානය (නි)
ජනහිතට වැරදිලා. ඔය කියන අයගෙ කාලෙ තමයි මේ වැඩේට මුලින්ම අනුමැතිය ලැබුනෙ. දැන් ඉතින් කව්රු ආවත් මේ වැඩේ නවත්වන්න බැරි වෙයි. රටට ඇත්තටම ආදරේ කරන පාලකයෙක් කවදා අපිට ලැබේද? එය සිහිනයකි. (නි)
අපේ රටේ ගොඩක් පෙළපාලි, විරෝධතා කෙරෙන්නේ යම් යම් දේශපාලකයින්ගේ පටු උවමනාවන්ටයි. කතාව, තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් ඔවුන් කරලා, රඟපාන්න විතරක් නළු නිලියෝ ටිකක් යොදවනවා. එහෙම කෑ ගහලා මොරදෙන උදවිය දන්නේ නැහැ, තිරය පිටුපස ඉන්න උදවියගේ සැබෑ අරමුණු මොනවාද කියලා. ජනපතිතුමනි, මෙහි ඇත්ත නැත්ත හොයා ඉක්මන් විසඳුමක් කරන්න. (නි)
මේ පළාත් වල නැවත පදිංචිවෙලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ පදිංචිවෙලා ඉන්නේ මේ ජනතාවගේ මුල් ඉඩම්වල. පාරම්පරික අයිතියක් තියන ඉඩම් වල. යුද්ධයෙන් පසුව අවුරුදු 30 කට පසුව මේ අය එනකොට මේ අයගේ නිවාස සියල්ලක්ම විනාශ වෙලා ගෙවල් ඇතුළේ ලොකු ගස්. ඉඩම් මහ මූකලාන වගේ. ඉතින් ඒ ගස් කපලා එළිපෙහෙලි කරන වෙලාවෙ තමයි රට තුළ මෙවැනි ප්‍රචාරයන් ගෙන යන්නේ. (නි)
ගරු ජනාධිපතිතුමනි, නයාගෙන් දර මිටි බඳින්නට ඉඩ දුන්නොත් ඔබගේ, අපගේ, රටේ හෙට දවස ඉවරයි. (නි)
ජනාධිපතිතුමනි, ඔබ නේද රටේ ප්‍රධාන පුරවැසියා. ඇයි ඔබතුමා කියන කිසිම දෙයකට ඔබතුමාගේ සේවකයන් ඇහුම්කන් නොදෙන්නේ? එහෙම පාලනයකට වැඩි අායුෂක් නැහැ. මම ඇත්තටම සතුටුවුණා රාජපක්ෂකගේ අප්‍රසන්න පාලනයේ නිමාවත් සමඟ මගේ රටට නැවත යහපාලනයක් සමඟ හොඳ නීතිගරුක සමාජයක් බිහිවෙයි කියලා. එහෙම දෙයක් වුණාද? කල්පනා කරලා බලන්න (නි)
සිද්ධවෙන්නේ මොකක්ද කියලා දැන් සියළු රටවැසියන්ම දන්නවා (නි)
ලංකාවේ විතරක් නොව ලෝකේ හැමතැනකම සොබාදහමේ හෝ පෞරාණික දෙයක වටිනාකමක් නැති අය කොටසක් ඉන්නවා. (නි)
තව වනාන්තර කපන්න හොඳට. ළඟදිම වහියි එතකොට (නි)
කවුරු ආවත් මේක නවතින්නේ නැහැ. 2009 ඉඳලා සිටි අය මොකද කළේ? (නි)
ඉතින් මේකට එරෙහිව පියවරක් ගන්නෙ නැද්ද? (නි)
ජනහිත, එතකොට 2009-2015 දක්වා කවුද හිටියේ? (නි)
මොරගහකන්ද ජලාශයට වතුර පිරුණම එතන විනාශයක් වෙන්නෙම නැද්ද එතකොට? මත්තල හැදුවේ කැලේ එළිකරලා නොවෙයිද? එතකොට ලංකාවේ අනිත් නිවාස ව්‍යාපෘති හදලම නැද්ද? (නි)
සමහරු කාර්යාල ඇතුළේ ඉඳලා ප්‍රශ්න විසඳනකොට ඔය කැලේ කපලත් ඉවර වෙලා ආණ්ඩුවේ කාලයත් ඉවරවෙයි (නි)
තව කැලෑ කපත්වා! වැසි නොවසීවා! හාල් රුපියල් 200 වේවා! සාගිනි ඇවිලේවා! විදුලිය කැපේවා! එතෙක් සියල්ලෝ නිහඬව මෛත්‍රීසහගතව සහජීවනය/යහපාලනය කරත්වා! (නි)
මෙහි කැලෑ එළිකරමින් පදිංචි වෙන්නෙ කවුද කියලා දන්නවනෙ. ගිය රජය අවසර දුන්නා වැඩේ පටන්ගන්න. මේගොල්ලොත් කරගෙන යන්න දෙනවා. යුද්ධය නිසා ගෙවල් අහිමිවුණ කතාවක් කියාගෙන මේ වැඩේ වෙන්නෙ. (නි)
මේ රජයේම සමහරුත් වනාන්තර විනාශ කරනකොට ඒක නවත්වන්නේ කොහොමද? (නි)
මේ වැඩේ පටන්ගත්තෙ 2010 නේද? (නි)
චෝදනා ලබා සිටින දේශපාලකයින් තාම යහතින් ඒ කටයුතු කරගෙන යනවා. නායකයින්ට තාම තීරණයක් ගන්න බැහැ. (නි)
අහවල්ලු තමයි මේ වැඩේ පටන්ගත්තේ. දැන් අනෙක් අය මොනවා කරන්නද (නි)
එහෙම කොහොමද නවත්තන්නේ? එයාලා ඡන්දෙ දුන්නේ එයාලට ඕනෑ දේ කරන්න මිස පරිසරවේදීන්ට ඕනෑ විදිහට වැඩකරන්න නොවෙයිනේ. ඕකනේ කියන්නේ කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ කියලා (නි)
වැඩ බැරි ටාසන් (බ)
ජනාධිපති දැන් රටට විහිළුවක් වෙලා බවනම් පේනවා එයා යටතේ ඉන්න අයවත් එයාට කීකරු නැහැ. (බ)
ගෝඨා ගෙන්නන්න? එයා ඉන්න කාලේ තමයි ඕක පටන් ගත්තේ (බ)
ජනහිත, ගෝඨාල තමයි බලේ ඉන්නකොට මේකට සම්පූර්ණ අනුබල දීල අහක බලාගෙන හිටියේ. දැන් පේනවනේද රාජපක්ෂවරු රටපුරා මහජන දෙපළ අත්පත් කරගෙන තියන හැටි. එතකොට මේ ගෝඨා කොහෙද හිටියේ? (බ)
මොනවා කිව්වත් කළත් දේශපාලුවෝ ඡන්දෙ බලාගෙන වැඩ කරනවා මිස බොන්න වතුර ටිකක් සතෙකුට ඉන්න තැනක් පරිසරයක් ගැන හිතන්නේ නැහැ (නි)
පසුගිය රජය කාලේ පටන්ගත්තේ. දැනුත් ඒ දේ කරගෙන යනවා. වගකියයුතු බලධාරින් නිදි. මේදේට කරන්න ඕනෑ හරි සමීක්ෂණ වාර්තාවක් ගොඩ නඟන්න. ඒ දේ අද වෙනතුරු වෙලා නැහැ (නි)
මේ ප්‍රශ්නයට විසඳුමක් කවදාවත් ලැබෙන්නේ නැහැ (නි)
ජනහිත, ඔය වන විනාශය පටන්ගත්තේ හිටපු රජය කාලේ කියලයි මම අහලා තියෙන්නේ. (නි)
යුද්ධය ඉවර වුණත් හරි අහන්න ලැබෙන දේවල්. අද ඊයේ වෙනදෙයක් නොවේ වගේ. කුමන්ත්රණකාරී ලෙස සිදුවෙන දේවල්. පරිසරය රැකදෙන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි. (නි)
දීමන්ත,බොරු නොකිය ඒ ගැන වැඩි විස්තර ලියන්න අපිට කියවන්න. (නි)
පරිසර විනාශය වගේම හිතුවක්කාර ලෙස ඉඩම් බෙදාදීමක් මෙතන තිබෙන්නේ. (නි)
මේවට පියවර ගන්නේ කොහොමද? (නි)
පුෂ්පකුමාර, හිටපු ජනාධිපතිටම අැඟිල්ල දික්කරන්න එපා. එයා මේවට ඉඩ දුන්නේ නැහැ. පවතින ආණ්ඩුව තමයි ඇහැ කණ පියාගෙන ඉන්නේ. (නි)
ඒ වුණත් සමහරු වන විනාශය ගැන බොහොම හැඟීම්බරව කතාකරනවනේ? (නි)
මේවට පියවර ගන්නේ කොහොමද? ජනාධිපතිවරණයේදී මෙයාලා විශාල කාර්යබාරයක් කළානේ. ශ්‍රී ලංකාව කාන්තාරයකට පෙරලුනත් කරන්න දෙයක් නැහැ (නි)