IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විල්පත්තු ඇතා මැරූ තැන සොයා ගනී

විල්පත්තුව වනෝද්‍යානයයේ කොණ්ඩකට්ටිමඩුව මහ කැලේදී දින 20 කට පමණ පෙර මරා දැමුණු බව කියන දළ ඇතාගේ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.

එම ඇතාගේ දළ දෙක රුපියල් ලක්ෂ 45කට මුදලාලි වෙස් ගත් පොලිසියට විකිණිමට යද්දී පුත්තලමේ රන් අබරණහල් හිමියෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඇත් කුණ පෙන්වීම සඳහා පොලීසිය ඔහු ද සමඟ පැය හයකට වැඩි කාලයක් ජිප් රියෙන්ද පයින්ද ගියේය.

ඇතාගේ උදරයට,කොන්දට හා හිසට වෙඩි පහර තුනක් වැදී ඇති බව  වන ජීවී නිලධරයෝ  කියති.

DSC02361 DSC02543.jpgjj DSC02544 DSC02548 DSC02564.jpgjj DSC02567.jpgfg DSCF2333.jpgll



අදහස් (0)

විල්පත්තු ඇතා මැරූ තැන සොයා ගනී

ලැක් Sunday, 31 August 2014 08:15 AM

මෙවන් ජාතික අපරාධ කරන අයට දැඩි දඩුවම් දිය යුතුය. මේ අය සල්ලි වලට මේ අයගේ දෙමාපියන් දරුවනුත් විකුණයි. (නදී)

:       0       0

සෑම් Sunday, 31 August 2014 08:40 AM

මේ සතාට වෙඩි තියපු තිරිසනාගේත් උදරයට, කොන්දට සහ හිසට වෙඩි තුනක් තියලා ප්‍රතිකාර නොකර ඉන්න අරින්න ඕනෑ (නි)

:       0       0

අරුණ Sunday, 31 August 2014 08:51 AM

කරන්න තිබුනේ ආයුධ පෙන්වන්න ගෙනියන එක තමයි (නි)

:       0       0

මහින්ද Sunday, 31 August 2014 09:08 PM

මොහුට දෙන දඩුවම කුමක්ද? (නි)

:       0       0

විෂක් ක්‍රිෂ්මාල් Sunday, 31 August 2014 09:22 AM

ඇයි මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ ? (නි)

:       0       0

නිරාන් Sunday, 31 August 2014 09:28 AM

ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න තමයි තියෙන්න (නි)

:       0       0

හේමන්ත Sunday, 31 August 2014 10:24 AM

මරපු එකාට කවන්න ඕන ඉතුරුවෙලා තියන දේවල් . මහා කැලේට වෙලා වත් ඉන්න නිදහසක් නැහැ අහිංසක සතුන්ට (අ)

:       0       0

රණතුංග Sunday, 31 August 2014 10:37 AM

ජීවිතේටම හිරේ යවන්න ඕනේ. (අ)

:       0       0

හේවාපතිරණ Monday, 01 September 2014 09:40 AM

ඕක සොයා ගන්න ඒ තරම් වැඩක්ද? කූඹියෙක් නෙමෙයිනේ මැරිලා තියෙන්නේ. (ස)

:       0       0

අශාන් Sunday, 31 August 2014 11:12 AM

හිතක් පපුවක් නැති තිරිසන්නු. (නි)

:       0       0

පුෂ්ප Sunday, 31 August 2014 11:18 AM

ජීවිතේට හිරේ අරින්න එපා. අරාබිකරයේ වගේ අත් දෙක කපලා නිදහස් කරන්න. එතකොට තමා මෙවැනි වැඩ කරන අනිත් අයත් පාඩමක් ඉගෙනගන්නේ. අපේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනෑ අරාබියේ නීතියි. ඒකට සුදුසු කාලය ඇවිල්ලා දැන් බොහොම කල්. (නි)

:       0       0

අජන්ත Monday, 01 September 2014 03:03 AM

මහින්ද, මොහුට දෙන දඩුවමද? අනේ ඉතින් රුපියල් 50000 විතර දඩයක් ගහලා නිදහස් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

ඩයස් Sunday, 31 August 2014 12:00 PM

අපරාදකරුවන්ව එල්ල මරා දමමු. එයට අමතරව ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන්ඩ ඕනා.(නදී)

:       0       0

විරරත්න Monday, 01 September 2014 03:47 AM

මොන හිතකින් මේ අපරාධය කළාද? (නි)

:       0       0

ටෙනිසන් Sunday, 31 August 2014 01:34 PM

රණතුංග මෙයාව දාන්න ඕන හිරේට නොවෙයි පාරට.මෙයාගෙ වත්කම් නමැති දල ටික ගලවල අලි හොරා කියල නළලේ පච්ච (ටැටෝ) කොටලා පාරට දාන්න ඕන.(අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 01 September 2014 04:05 AM

දැන් රට යන විදියට මෙවන් උත්තමයින් පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවක සිටිය යුතුයි කියලා කවුරුහරි කිවුවත් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 04:17 AM

දළ දෙක ගන්න ඇතා මැරුවත් ඇතාගේ ආත්මය ගැන ඝාතකයා සිතූ බව එතන තිබු ලී කැබලි දෙකක් යොදා ගනිමින් තනා ඇති දෙය අනුව මට සිතෙනවා (නි)

:       0       0

පුන්සිසි කැලුම් අත්තනායක Tuesday, 02 September 2014 04:09 AM

මේ මරනයට වගකින්න ඕන මේ සතාව ඔිනවට වැඩිය උලුප්පලා තමුන්ගේ මල්ල ගැන විතරක් හිතපු අය. මේ සතා ලවා ගල්කඩවලා ගමේ මිනුස්සුන්ගේ උවමනවට මුව පෙන්නලා සල්ලි හොයන්න ගත්තා, පේස්බුක් දැම්මා. අවසානෙට මේ සිද්දිය උනා (නදී)

:       0       0

සරත් Monday, 01 September 2014 04:15 AM

මේ වගේ මිනිස්සුන්ට අමතක නොවෙන දඩුවමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔස්කා Sunday, 31 August 2014 02:17 PM

පව් අලියා. එල්ලලා මරන්න ඕන මිනිහව...(අ).

:       0       0

කුමාරසිරි Sunday, 31 August 2014 02:47 PM

මරපු එකාව, කට අරෝලා අමුවෙන් ගලවන්න ඕන දත් ටික .(අ)

:       0       0

අජිත් Sunday, 31 August 2014 04:03 PM

අපහු ගේන්න එපා ඔතනින්ම ආයුද පෙන්වන්න එකගෙන යමු. මෘග මිනිස්සු (අ)

:       0       0

කෝලිත Sunday, 31 August 2014 04:54 PM

ඇතා මරපු ඔය කාලකන්නියව ආපහු අරගෙන ආවේ මොනවටද ? පත්තුවෙන තුවකක්කුවක් පොලිසියේ මහත්වරු ලග තිබුනෙම නැද්ද ? (නදී)

:       0       0

නාලක Sunday, 31 August 2014 04:59 PM

වාරියපොළ චන්ඩි නංගී ලගට ගෙනියන්න ඕනේ මේ අයව (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site