විල්පත්තුව වනෝද්‍යානයයේ කොණ්ඩකට්ටිමඩුව මහ කැලේදී දින 20 කට පමණ පෙර මරා දැමුණු බව කියන දළ ඇතාගේ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
එම ඇතාගේ දළ දෙක රුපියල් ලක්ෂ 45කට මුදලාලි වෙස් ගත් පොලිසියට විකිණිමට යද්දී පුත්තලමේ රන් අබරණහල් හිමියෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
ඇත් කුණ පෙන්වීම සඳහා පොලීසිය ඔහු ද සමඟ පැය හයකට වැඩි කාලයක් ජිප් රියෙන්ද පයින්ද ගියේය.
ඇතාගේ උදරයට,කොන්දට හා හිසට වෙඩි පහර තුනක් වැදී ඇති බව වන ජීවී නිලධරයෝ කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ජාතික අපරාධ කරන අයට දැඩි දඩුවම් දිය යුතුය. මේ අය සල්ලි වලට මේ අයගේ දෙමාපියන් දරුවනුත් විකුණයි. (නදී)
මේ සතාට වෙඩි තියපු තිරිසනාගේත් උදරයට, කොන්දට සහ හිසට වෙඩි තුනක් තියලා ප්‍රතිකාර නොකර ඉන්න අරින්න ඕනෑ (නි)
කරන්න තිබුනේ ආයුධ පෙන්වන්න ගෙනියන එක තමයි (නි)
මොහුට දෙන දඩුවම කුමක්ද? (නි)
ඇයි මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ ? (නි)
ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න තමයි තියෙන්න (නි)
මරපු එකාට කවන්න ඕන ඉතුරුවෙලා තියන දේවල් . මහා කැලේට වෙලා වත් ඉන්න නිදහසක් නැහැ අහිංසක සතුන්ට (අ)
ජීවිතේටම හිරේ යවන්න ඕනේ. (අ)
ඕක සොයා ගන්න ඒ තරම් වැඩක්ද? කූඹියෙක් නෙමෙයිනේ මැරිලා තියෙන්නේ. (ස)
හිතක් පපුවක් නැති තිරිසන්නු. (නි)
ජීවිතේට හිරේ අරින්න එපා. අරාබිකරයේ වගේ අත් දෙක කපලා නිදහස් කරන්න. එතකොට තමා මෙවැනි වැඩ කරන අනිත් අයත් පාඩමක් ඉගෙනගන්නේ. අපේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනෑ අරාබියේ නීතියි. ඒකට සුදුසු කාලය ඇවිල්ලා දැන් බොහොම කල්. (නි)
මහින්ද, මොහුට දෙන දඩුවමද? අනේ ඉතින් රුපියල් 50000 විතර දඩයක් ගහලා නිදහස් වෙන්නත් බැරි නැහැ (නි)
අපරාදකරුවන්ව එල්ල මරා දමමු. එයට අමතරව ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන්ඩ ඕනා.(නදී)
මොන හිතකින් මේ අපරාධය කළාද? (නි)
රණතුංග මෙයාව දාන්න ඕන හිරේට නොවෙයි පාරට.මෙයාගෙ වත්කම් නමැති දල ටික ගලවල අලි හොරා කියල නළලේ පච්ච (ටැටෝ) කොටලා පාරට දාන්න ඕන.(අ)
දැන් රට යන විදියට මෙවන් උත්තමයින් පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවක සිටිය යුතුයි කියලා කවුරුහරි කිවුවත් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
දළ දෙක ගන්න ඇතා මැරුවත් ඇතාගේ ආත්මය ගැන ඝාතකයා සිතූ බව එතන තිබු ලී කැබලි දෙකක් යොදා ගනිමින් තනා ඇති දෙය අනුව මට සිතෙනවා (නි)
මේ මරනයට වගකින්න ඕන මේ සතාව ඔිනවට වැඩිය උලුප්පලා තමුන්ගේ මල්ල ගැන විතරක් හිතපු අය. මේ සතා ලවා ගල්කඩවලා ගමේ මිනුස්සුන්ගේ උවමනවට මුව පෙන්නලා සල්ලි හොයන්න ගත්තා, පේස්බුක් දැම්මා. අවසානෙට මේ සිද්දිය උනා (නදී)
මේ වගේ මිනිස්සුන්ට අමතක නොවෙන දඩුවමක් දෙන්න ඕනෑ (නි)
පව් අලියා. එල්ලලා මරන්න ඕන මිනිහව...(අ).
මරපු එකාව, කට අරෝලා අමුවෙන් ගලවන්න ඕන දත් ටික .(අ)
අපහු ගේන්න එපා ඔතනින්ම ආයුද පෙන්වන්න එකගෙන යමු. මෘග මිනිස්සු (අ)
ඇතා මරපු ඔය කාලකන්නියව ආපහු අරගෙන ආවේ මොනවටද ? පත්තුවෙන තුවකක්කුවක් පොලිසියේ මහත්වරු ලග තිබුනෙම නැද්ද ? (නදී)
වාරියපොළ චන්ඩි නංගී ලගට ගෙනියන්න ඕනේ මේ අයව (නදී)