විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑරෑම් 130 ක් සමග ගිරාදුරුකෝට්ටේ හෙබරවදී බදාදා රාත්‍රියේ නවයයි තිහට පමණ යලි අත්අඩංගුවට ගනු ලැබුහ.
වලාන දුෂන මර්ධන අංශයෙන් මෙම වැටලිම කළේ ඔවුනට ලැබුණු ඔත්තුවක් අනුවය.
ඔවුන් දෙදෙනා සමග කැබ් රථයේ රියදුරාද අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
532
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්ගමුව හිටපු දෙන්නා යළි ගංජා ඇදලා ?
නදුන් හුලංගමුව Thursday, 20 March 2014 02:35 PM
ගිය පාර අහුඋන වෙලාවේ කීවා මේක කාගෙද ඇමැතිවරයකුගේ වැඩක් කියලා. දැන් මෙයාලා මොනවා කියයිද දන්නේ නැ...... ගංජා මෙයාලා යන කැබ් අකට හොරෙන් ඇවිත් නගිනවා ඇති....(අ)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 20 March 2014 07:55 AM
මේකනම් වෙන්න බැරි දෙයක්. ගිය පාරත් ප්ලැන් කරලා ඇල්ලුවා. මේ පාර වෙන විදිහකට ප්ලෑන් කරලා අල්ලලා වගේ.(නදී)
සෙන්සා Thursday, 20 March 2014 07:59 AM
මෙවැනි ජනතාවට හානිකර පවිකාරයින් තවදුරටත් දේශපාලන භූමියේ රදවා ගන්නේ රටෙි නීතියේ අඩුපාඩුවක් නිසාද නැත්නමි ජරාජීර්ණ වු රටෙි දේශපාලනය හෝ ජනතාවගේ අවාසනාවටද? (නදී)
අල්විස් Thursday, 20 March 2014 08:07 AM
උණ පුරුකේ අවුරුදු හතක් දාලා තිබුනත් බලු වලිගෙ ඇද අරින්ට බැහැලු. (නදී)
ලලිත්-Sl Thursday, 20 March 2014 08:14 AM
අනේ පව් කව්රු හරි තරහ කාරයෙක් දලා ද දන්නේ නැහැ ?? මේගොල්ලෝ ඕවගේ වැඩ කරන්න දන්නා ය නෙවෙයි නේ. (අ)
මාලක සිල්වා Thursday, 20 March 2014 09:16 AM
දෙපැත්තෙන් කොයි පැත්තට කියල හරි බේරෙන්න පුළුවනි (දී)
කේෂාන් Thursday, 20 March 2014 09:16 AM
නියම දඩුවම් ලබා දෙන්න (දී)
මාලක Thursday, 20 March 2014 09:16 AM
දෙපැත්තෙන් කොයි පැත්තට කියල හරි බේරෙන්න පුළුවනි (දී)
ධම්ම Thursday, 20 March 2014 10:40 AM
මේ දෙන්නා හරීම හොඳයි කියලා පහුගිය වතාවේ කව්දෝ කිව්වා මට මතකයි. (නදී)
මාටින් Thursday, 20 March 2014 11:22 AM
වලාන දුෂණ මර්දනයෙන් ආවේ මොකද මෙච්චර දුර. මේක කාගේ හරි ගේම් එකක් කියල හොදටම පැහැදිලියි.(නදී)
රණතුංග Friday, 21 March 2014 07:25 PM
මේ දෙන්නගෙන් එක්කෙනෙක් පත්තර වලට කිව්වා "මම සිගරැට් එකක්වත් නොබොන කෙනෙක් කියලා " මම වීඩියෝ එකක් දැක්කා එයා සිගරට් එකකුත් ගහගෙන හෙන දුම් පොල්ලකකුත් දාගෙන ඉන්නවා. (අ)
බන්දුල පෙරේරා Thursday, 20 March 2014 12:24 PM
බුදු අම්මේ, ආයෙත් දෙන්නම යනකොට ජීප් එකට ගංජා දාලා. මේ අයව හම ගහන්න එපැයි. මේක පුදුම රටක්. (නදී)
සෑම් Thursday, 20 March 2014 12:48 PM
වලානේ ඉඳලා ගිරාඳුරුකෝට්ටේ ට යන්න අඩු ගානේ වරුවක් වත් (පොලිසියට නිසා) ගතවෙනවා.ඒ අනුව මේ දෙදෙනා ඔය ගංජා පාර්සලේ දාගෙන වරුවක් තිස්සේ මොකක්ද කළේ?? මේ නාට්‍ය හරියට අධක්‍ෂණය කරලා නැහැ. හරියට අර ""කන්ගැට්ටා"" නාට්‍ය වගේ. ඒකෙනම් රඟපෑමත් අන්තිමයි. (ත)