IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


විල්ගමුව පොලීසියෙත් දේශපාලන හස්තයක් ?

විල්ගමුව ප්‍රාදේශිය සභාවේ  නිල කැබ් රියේ හි ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ  සභාපති ජයන්ත වීරසේකර (එජනිස) සහ හිටපු සභාපති  රංජිත් කුමාරසිංහ (එජනිස) හෙට (03) තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල වැඩ බලන මහෙස්ත්‍රාත් අයි ජී මුණසිංහ මහතා නියෝග කළේය.

ඇප දිය හැකි වරදකට ඇප ලබා දිය නොහැකි පරිදි පොලීසිය බී වාර්තාව සකසා ඇතැයි ද ඒ නිසා මොවුන්ට ඇප නොදිය හැකි යැයිද මහේස්ත්‍රාත්වරයා  පැවසීය.

මෙලෙස බී වාර්තා සකස් කර  මිනිසුන්ගෙන් පළි ගැනීම සදහා අධිකරණය භාවිත නොකරන  පැවසු  වැඩ බලන මහේස්ත්‍රාත්  බී වාර්තාව නිසි ලෙස සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විල්ගමුව පොලීසියට නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වසන්ත ඒකනායක අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ  මෙම සිදු වීම යම් අයකුගේ දේශපාලන  උවමනාවක් මත කැර ඇති බවයි. ඒ නිසා බී වාර්තාව නැවත සංශෝධනය කර  හෙට දිනයේදී ඉදිරිපත් කරවන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කංසා වැවු බව කියන පිරිසකට එරෙහිව උද්ඝෝෂණයක් ද ගෙන ගිය සභාපති අද හෝ හෙට එහි තවත් කංසා හේනක් සෙවීමට මාධ්‍යවේදින්  හා ගැමියන් සමග යාමට  ද සිටි බව ගැමියෝ පවසති.

සභාපති ජයන්ත වීරසේකර

හිටපු සභාපති රංජිත් කුමාරසිංහ



අදහස් (0)

විල්ගමුව පොලීසියෙත් දේශපාලන හස්තයක් ?

ප්‍රියන්ත Monday, 03 March 2014 12:21 AM

ගංජා වලට විරුද්ද කෙනා ගංජා වලින්ම නැතිකරනවා කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපනවා වගේ වැඩක්නේ. අනේ රටකට ගිය කලක්. මේ රට දැන් හදන්න මිනිස්සුන්ට යුද්දෙට වඩා වැඩි කැපවීමක් කරන්න වෙනවා.(නදී)

:       0       0

පිටිගල Monday, 03 March 2014 01:53 AM

අර දුප්පත් ශිෂ්‍යාව ගේ පතුල් පුච්චපු ගුරු උපදෙසකයා පොලිසියට ඉදිරිපත් කරලා නිදහස් කරගෙන ගිහින් තියෙන්නෙත් පොලිසියේ ලොක්කෙක් නේද පොලිස් පති තුමනි? පොලිස්පති වරු ආවෝ! ගියෝ! විතරයි. පොලිසිය එතනමයි, බොරුද මන් අහන්නේ? (නදී)

:       0       0

සත්‍යපාල Monday, 03 March 2014 07:19 AM

මෙවැනි පහත් පෙලේ භයානක උගුල් ඇටවීම් තවමත් වෙන්නට ඉඩ හැර සිටින රටක කිසිවෙකුට සාධාරණය යුක්තිය බලාපොරොත්තු විය නොහැකි වීමෙන් රටකට වෙන හානිය අති දැවැන්තය. එයට පොලිසිය සම්බන්ධවීම මහත් බියකරු බවක් ජනිත කරයි. මෙය විනිශ්චයකරුටත් පැහැදිලිව පෙනෙන්නට තිබී ඇති බව සදහන්ය. එහෙත් මෙය නොපෙනෙන අන්ධයින්සේ සිටින පාලකයන් සහිත රටකට එරෙහිව විදෙස් රටවල් අවි අමෝරන විට ජනතාව විදේශිකයන් සමග එක් වන ප්‍රවනතාවක් අරාබියෙන් අප දුටුවෙමු. එබැවින් රටේ ජනතාවට රට ගැන ආදරයක් දැනෙන ලෙස අඩුමතරමින් මෙවැනි ක්‍රියා වලටවත් දඩුවම් දෙන්නට කටයුතු නොකලොත් රටේ ජනතාව රටටද එරෙහිවනු ඇත.(නදී)

:       0       0

සත්‍යයා Monday, 03 March 2014 07:19 AM

මේකෙන් කරන අනතුරු හැඟවීම ලේසියට ගන්න එපා. දුෂිත ක්‍රමය නිවැරදි කරන්න ඉදිරිපත්වන බොහෝ දෙනෙකු ඉදිරි දිනවල හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. (නදී)

:       0       0

ලන්කා Monday, 03 March 2014 09:10 AM

ග්‍රෑම් 250 හංගල තියෙන්නෙත් අතිරේක ටයරයේ, පොලිසියේ හරි දේශපාලුවෙකුගේ හරි ගේමක්.(නදී)

:       0       0

කසුන් Monday, 03 March 2014 10:05 AM

ගමේ අය මේ අය ගැන දන්නවා.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 03 March 2014 10:34 AM

ඇත්තටම ශ්‍රීලංකාව මානව හිමිකම් උල්ලංගනය කරන රටකි//.කුඩු කාරයින්/ගංජා වවන්නන් /ගණිකා ව්‍යාපාරකයින් /වංචා කාරයින්/ආරක්ෂා කරන අතර,මේ ව්‍යාපාර වලට විරුද්ධ අය වැරදි කාරයින් ලෙස හිර ගෙවල් වලට යැවීමේ පාදඩ ක්‍රමයක් සැකසී ගෙන ඇති බව පෙනේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 03 March 2014 11:52 AM

මෙතැන අසාදාරනයක් තමා වෙලා තියෙන්නේ මාත් හිතන්නේ. සත්තයා ඔබ හරි ඒ දේ තමා අනාගතේ සිදුවන්නේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 March 2014 11:59 AM

සිසිර ගංජා විකුණන එකා ගංජා බොන්නේ නැහැ. ඒකයි මේ අයට කියන්න බැරි. ඇරත් මෙගොල්ලත් දේශ පාලකයෝනේ. කොහොමත් හරියට අඳුරගන්න බැහැනේ.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 02 March 2014 04:02 PM

හිතා මතා මේ වැරැද්ද පොලිසියෙන් කලානම් නිසි දඬුවම් පොලිසියටත්,එසේ නොමැතිව ගංජා ළඟ තබාගෙන වෙනයම් කටයුක්තක නියැලෙන්න විත්තිය සුදානම් වූයේ නම් ඒ බව සොයා බලා තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතුයි.(දිල්)

:       0       0

කුමාරි Monday, 03 March 2014 12:08 PM

නැගෙන තුරු කරලියට කට මැතම දොඩනවා...... නැගුන පසු කරලියේ රස කතා ඇසෙනවා..... කුලල් කා ගමින් උන් යටි මඩිම ගහනවා. කතිරේ දී උන් අතට සැවොම දුක් විදිනවා.(නදී)

:       0       0

දහම් Sunday, 02 March 2014 05:05 PM

ගංජා වවන මුදලාලිලා පොලිසිය සමග එකතු වෙලාද ? (නදී)

:       0       0

සෙනෙවි Monday, 03 March 2014 12:19 PM

බොරුවට ගංජා දාල ඇල්ලුවා නම් දාපු එකාව මරාගෙන මැරෙන්නයි වටින්නෙ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 02 March 2014 06:01 PM

බැලු බැල්මට මේ අයට අසාධාරණයක් වෙලා වගෙයි.(නදී)

:       0       0

උපුල් Sunday, 02 March 2014 06:38 PM

ලංකාවේ පොලිසිය ප්‍රාදේශිය සභාවේ සභාපති කෙනෙකුගේ වාහනය පරීක්ෂා කිරීම, වස්ගමුවේ ගංජා වවන එකට විරුද්ධ සභාපති ළඟ ගංජා තිබීම, සහ ඇප ලබා දිය නොහැකි පරිදි පොලීසිය බී වාර්තාව සකසා තිබීම යන කරුණු සලකා බලන කල මට නම් හතර කොනින්ම දුකයි. (නදී)

:       0       0

රාජා Sunday, 02 March 2014 07:25 PM

මේක පලිගැනීමක් ග්‍රාම 270 වඩා අරගෙන යන්න තිබුනා.(නදී)

:       0       0

චින්තක Sunday, 02 March 2014 09:00 PM

අක්කර ගණනාවක් වගා කරන ඒවා අල්ලන්නේ නැත්තේ ඇයි (දිල්)

:       0       0

සිසිර Sunday, 02 March 2014 10:24 PM

ගංජා බොන බවක් නම් මුනෙන් පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

සතයයා Monday, 03 March 2014 02:58 PM

හැම දේශපාලකයාම එකම හැලියට දමා කතා කළ යුගයෙන් බැහැරවී දුෂිත ක්‍රමයෙන් ගොඩ එන්න අවංකවම උත්සාහ කරන තරුණ දේශපාලනඥයින්ට අපි චර්යා ධාර්මිකව සහය දෙමු. හෙට පිලිබඳ බලාපොරොත්තුවේ අරුණැල්ල එයයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site