පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට එරෙහිව කළ විමර්ශන වාර්තාව නීතිපතිට ලැබුණු බව රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා අද අධිකරණයට දැන්වීය.
මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් එම විමර්ශන පැවැත්වීය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරයා එලෙස කීවේය.
ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට එකතුවෙන්න මෙතුමාට මේක හොඳම අවස්ථාවක් (ම).
කළ පාඩුව ආපසු ගෙවන්න බැරිනම් දේපළ හෝ රාජසන්තක කළ යුතුයි. (නි)
නිශ්චල් දේපලද? චංචල දේපලද? (හේ)